The Mitchells vs the Machines (2021) Sinhala Subtitle
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත්වූ නවතම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය අරගෙන. මේ තමයි සෝනි පික්චර්ස් ඇනිමේෂන්හි නිර්මාණයක් වන The Mitchells vs. the Machines (2021) චිත්‍රපටය. IMDb වෙතින් 7.9ක අගයකුත් Rotten Tomatoes වෙතින් 98%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 81%ක අගයකුත් ලබා ඇති මෙය මයිකල් රියන්ඩාගේ අධ්‍යක්ෂණයක්. මෙය PG එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් කාණ්ඩයකට සුදුසු ලෙස නිර්දේශ කර ඇති අතර, කෙසේ වෙතත් වර්තමානයේ සිනමාව පුරා රැල්ලක් සේ පැතිරී යන LGBT ප්‍රොපගැන්ඩාවට මෙයත් හසුවී තිබෙන බව මතක් කරන්නට වෙනවා (Netflix වෙතින් නිකුත්වීම විය හැකියි හේතුව). ඒ අනුව LGBT චරිතයක් සහිත ප්‍රථම සෝනි පික්චර්ස් ඇනිමේෂන් චිත්‍රපටය වන්නේ මෙය. LGBT චරිතය ගැන ඇත්තේ දෙබස්මය සඳහනක් පමණක් වුවත්, මෙහි කතා තේමාව මදක් වේගවත් හා සංකීර්ණ නිසා දරුවන්ට නැරඹීමට දීමේ අදහසක් ඇත්නම්, මුලින් දෙමාපිය ඔබ නැරඹීමෙන් පසු තීරණය කරන ලෙසත් දන්වා සිටින්නට කැමතියි ( නමුත් අද දරුවන්ට හොඳම දේ දෙන්නේයැයි කියන ඊනියා රූපවාහිනී නාලිකාවලින් විකාශය වන කසිකබල් ඉන්දියානු කාටූන හා සැසඳූ කල ඊට සිය දහස් ගුණයකින් මෙම නිර්මාණය ගුණාත්මකයි). අපි බලමු මීට හඬ දායකත්වය දක්වන පිරිස ගැන දැන්; ඇබී ජේකබ්සන් (කේටි මිචෙල්),ඩැනී මැක්බ්‍රයිඩ් (රික් මිචෙල්),මායා රුඩොල්ෆ් (ලින්ඩා මිචෙල්), මයිකල් රියන්ඩා ( එරොන් මිචෙල්), එරික් ඇන්ඩ්‍රේ ( මාක් බෝමන්), ඔලීවියා කෝල්මන් (පැල්),ෆ්‍රෙඩ් ආමිසන් (ඩෙබොරාබොට් 5000),බෙක් බෙනට් ( එරික්), ක්‍රිසී ටෙයිගන් ( හේලි පොසී), ජෝන් ලෙජන්ඩ් (ජිම් පොසී), චාලින් යී (ඇබී පෝසි) ඇතුළු පිරිසක්. කතාව කෙටියෙන් මෙහෙමයි.
මිචෙල් පවුල.. තාක්ෂණයට වහල්වූ වර්තමානයේ පවුලක්, ඒ පියාවන රික් මිචෙල් ඇරෙන්නට. දෙදරු පියෙක් වන ඔහුගේ දියණිය කේටි හා කුඩා පුතු එරොන්. නව යොවුන් වියට පැමිණ සිටි කේටිට ඇතුල්වෙනවා සිනමා පාසලකට. දුර බැහැරක නිසා නේවාසිකව අධ්‍යාපනය ලබන්නටයි ඇයට සිදුවන්නේ, හැබැයි කේටි හරිම සතුටින් ඉන්නෙ ගෙදරින් පිටවෙන්න ලැබෙන මේ අවස්ථාව ගැන. ගමන යන්නට සිටින්නේ ගුවන් මගින් වුණත් කේටියෙගේ පියා රික් තීරණය කරනවා බිඳී වෙන්වී ඇති පවුල එක්කිරීමේ අරමුණත් සමගින් තම මෝටර් රථයෙන් කේටිව පාසලට ඇරලන්නට… ඒ අතරතුර සිදුවන සියල්ල ඔබට නරඹන්නට ආරාධනා කරමින් මම සමුගන්නවා. හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා වන අතර Blu-ray පිටපත් නිකුත් වුවහොත් අදාල යාවත්කාලීන කිරීම් සිදුකෙරෙනු ඇති.
තෑන්ක්ස් සබ් එකට සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
හසිතගෙ සබ් වල තියෙන්නෙ හරි අමුතුම රසක්.
ෆිල්ම් එකෙන් ඇහැ ගන්නම හිතෙන්නෙ නෑ.
අපි සාමාන්‍යයෙන් කතා බහ කරන විදිහටම සබ් එක නිර්මාණය කරනව අපේ හසිත සහෝ. Keep it up mcn!
puluwannam friends series eke sub dennako.eke sub dena eka nawathilane.
The Mitchells Vs The Machines sub ekata thanks.