The Umbrella Academy (2019) [S01 : E10] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ The Umbrella Academy කතාමාලාවෙ පලමු කතාසමයේ අවසන් කොටස අරගෙනයි. නමවන කොටස එක්කම මේ කොටසත් අරගෙන එන්න පුළුවන් වුණා කොහොමහරි. මේ කොටස නම් වෙන්නෙ The White Violin කියලයි. මේ කොටසට හිමි Imdb අගය 8.9ක්. බොහොමයක් සිදුවීම් සිදුවුණු පසුගිය කොටසෙදී අපි මෙතෙක් හිතාහිටපු එක දෙයක් වෙනස්වුණා, මොකද අපි හිතාහිටියෙ ලෝක විනාශෙට වගකිවයුත්තා ලෙනාඩ් වෙයි කියලයි. නමුත් ඒ අදහස වෙනස් කරගෙන තමයි අද මේ පලමු කතාසමයෙ අවසන් කොටස නරඹන්න පටන්ගන්න තියෙන්නෙ. වෙනදා වගේම මම මේ කොටස ගැනත් කිසිම දෙයක් සඳහන් කරන්න යන්නෙ නෑ. ඒ සියල්ල නරඹන ඔබට බාරයි. මේ දක්වා කොටස් 9 නැරඹුවානම් ඔබ දකින්න ඇති මේ කතාමාලාව අනෙකුත් බොහෝ කාලතරණ සිද්ධාන්තය පදනම් කරගත් නිර්මාණවලින් ටිකක් පිට පැනපු එකක්. ඒ නිසාම වෙන්න ඇති මේක බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙන්නෙත්. ඒ වගේම ඔබ දකින්න ඇති නූතන කාලයක දිවෙන කතාවක් වුණත් මෙහි කිසිම තැනක අපි නවීන තාක්ෂණික උපකරණ එහෙම දැක්කෙ නෑ, උදාහරණෙකට ජංගම දුරකථන, පරිගණක, අන්තර්ජාල භාවිතයක් එහෙම අපි දැක්කෙම නෑ මේ කතාමාලාව තුල. නූතන කාලයක කියල මම කියන්න හේතුව කතාමාලාවෙ ආරම්භයෙදිම අපි දකිනවා අම්බ්‍රෙල්ලා ඇකඩමියෙ සාමාජිකයන් උපදින්නෙ 1989 වසරෙ. දල වශයෙන් ගණන් හදල බැලුවම මේකෙ ලෝක විනාශය සිදුවන කාල සීමාව 2018 හෝ 2019. එහෙමනම් අර කලින් කිව්ව දේවල් කතාව ඇතුලෙ තියෙන්න ඕනෙ. ඒ වුණත් මේකෙ පරිසරය ගොඩක්ම සමාන 1990 දශකයට. අනිත් අතට ගත්තම මෙහි එන ග්‍රේස් නොහොත් අම්මා චරිතයත් මනුෂ්‍යයෙකුට අතිශයින්ම සමාන රොබෝවරියක්.ඒක එහෙම වෙද්දි, ඔබට මතක ඇති ඇලිසන් ලෙනාඩ් පීබොඩි ගැන තොරතුරු හොයන්නෙ පුස්තකාලයකට ගිහින්, ඒ microfiche reader යන්ත්‍රයක ආධාරයෙන්. රථවාහනත් ගොඩක් ඒවා 80 දශකයේ අගභාගයේ. ඒ වගේම මුල් කොටස් කීපය තුල අපි දැක්කා CCTV දර්ශණ ගබඩා කරන්න යොදාගෙන තිබුණෙත් VHS පට. තව මේ වගේ ගොඩක් නොගැලපීම් හොයාගන්න පුළුවන් හොයල බැලුවොත්. කොහොමහරි මේ වගේ නොගැලපීම් නිසා මේ කතාව සමාන්තර විශ්වයක සිදුවන දෙයක් කියල තමයි දැනට අනුමාන කරන්න වෙන්නෙ. එහෙනම් පලමු කතාසමයෙ අවසන් කොටස නරඹන්න ඔබට ආරාධනා කරමින් මම නවතින්නම්.මෙහි දෙවන කතාසමයකුත් එන බවටයි කියවෙන්නෙ. කතාමාලාවේ අවසානය තෙක් ඉවසීමෙන් Subzlk හා රැඳී සිටි ඔබ සැමටත් මෙහි උපසිරැසි කිරීම මා හට බාරදුන් අපේ දමිත් සහෝදරයාටත් ස්තූති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.
උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
season 2 ekatath sub dennako…
thnks a lot. season 2th dnnkooo
season 2 sub eka denna nadda
Season 2 ekata sub denna