The Umbrella Academy (2019) [S01 : E01] Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ රූපවාහිනී කතාමාලාවකට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටවලටම පමණක් උපසිරැසි දීමේ කැමැත්තත්, වැඩිපුරම මානසික නිදහසත් තකා ටීවී සීරීස් කිරීම හිතින් අතෑරලම දාල තිබුණත් මේ කතාමාලාව අපේ හෙඩ් ඇඩ්මින්තුමාගෙ ඉල්ලීමක් වීම හේතුවෙන් කර අරින්නට බැරිවීම නිසා ඔන්න කරන්න පටන්ගත්තා. ඒ නිසාම මෙහි සම්පූර්ණ ගෞරවය යන්න ඕනෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් ප්‍රියංකරට. එහෙනම් මේ තමයි The Umbrella Academy (2019-) නෙට්ෆ්ලික්ස් වෙබ් සීරීස් එකේ ඔබ වෙත ගෙන ඒමේ ආරම්භය.

මුලින්ම අපි පොඩ්ඩක් බලමු මේ කතාවෙ ආරම්භය දිහා..
මෙය ඇමරිකානු ගායක, ගීත රචක සහ චිත්‍රකථා රචක ජෙරඩ් වේ ගේ මේ නමින්ම යුත් චිත්‍රකථාවක් නොහොත් කොමික් පොත් මාලාවක් ඇසුරින් නිර්මාණය කල වෙබ් සීරීස් එකක්.
![]()
ජෙරඩ් වේ
මෙහි මුල්ම වෙළුම The Umbrella Academy: Apocalypse Suite නමින් පළවෙනවා 2007 වසරේ සැප්තැම්බර් මස සිට 2008 වසරේ පෙබරවාරි මස දක්වා.
![]()
දෙවන වෙළුම The Umbrella Academy: Dallas (2008 වසරේ සිට )
![]()
තුන්වන වෙළුම 2018 වසරේ නිකුත්වූ අතර එය නම් වෙන්නෙ The Umbrella Academy: Hotel Oblivion නමින්. මෙහි සිව්වන සංස්කරණයකුත් මේ වනවිට සැකසෙමින් පවතින බව තමයි කියවෙන්නේ.
ඔන්න ඔය විදියට ඇවිත් තමයි මෙය මේ වසරේ නෙට්ෆ්ලික්ස් වෙබ් සීරීස් එකක් ලෙස එලිදැක්වෙන්නෙ. මෙහි දෙවන කතාසමයකුත් විකාශය කෙරෙන බව නෙට්ෆ්ලික්ස් ආයතනය මේ වනවිට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. මෙහි කතාව ගැන මම හිතන්නෙ ලොකු දෙයක් කියන්න නෑ. ආරම්භයක් විදියට මම මෙහෙම කියන්නම්.
ඒ වනවිට ගර්භනීවද නොසිටි ලොවවටා කාන්තාවන් 43 දෙනෙකුට එක්වරම සිදුවන දරු උපත් 43ක්..
එම දරුවන් සොයා ගොස් එයින් සත් දෙනෙකුම තමන් භාරයට ගන්නා බිලියනපතියෙක්..
ඔවුන් සත් දෙනා එක්කර ඔහු අරඹන Umbrella academy නම් රැකවරණ ආයතනයක්..
උපතින්ම අධි මනුෂ්‍ය සුපිරිබල ඇතිව උපදින ඔවුන් පසුකලක සීසීකඩව සිට නැවත එක්වීමක්…
සරලව ඕක තමයි කතාවෙ ආරම්භය. අද මේ අරගෙන එන්නෙ එහි පළමු කොටස. මෙය නම් වෙන්නෙ We Only See Each Other at Weddings and Funerals (අප එකිනෙකා හමුවන්නේ විවාහ සහ අවමංගල්‍යයන්හීදී පමණි) ලෙසයි. මේ කොටස ලබා ඇති Imdb අගය 8.0ක් (?). එහෙනම් ගිහින් එන්නම් හමුවෙමු දෙවන කොටසෙන්.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා ගැලපේ
උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝ, නියම කතා මාලාවක්.දිගට sub එක ලබා දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.ඒ වගේම සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා!
මේ කතාව භාර දෙද්දීම මට හිතුනා ..හසිතව අමාරුවේ දැම්මා දෝ කියලා .. එත් ඉල්ලීම ඉටු කිරීම ගැන සතුටු වෙනවා
සුපිරි කතාවක් ආයෙ මුල ඉදන් සබ් එක්ක බලන්න ඔනේ ❤❤ ස්තූතියි සබ් එකට්
niyman machan
patta kathawak mn ahala tiyenawa. balapu detun denekma kiuwa. den indan apitat balanna puluwan. elama machan sub eka dunnata. digatama denna kathawatama. elama.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකට සබ් හොයා හොයා හිටියේ…ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
නියමයි.බොහොම ස්තූතියි සහෝ
thanx sub ekta
aneee anith tkatath denko ,,,,
Thanks ………..good luck ………………
නියමයි කොල්ලො, බොහොම ස්තුතියි.
Season 3 4 sub denne nedda