The Witcher (2019) [S01 : E01] Sinhala Subtitle
ඔන්න ඉතින් අද මේ උණු උණුවෙම ඔයාලට අරං ඇවිත් තියෙන්නේ Netflix අය විසින් නිකුත් කරපු කතා මාලාවක්. මේ කතා මාලාව අන්තර්ජාලයට නිකුත් උනෙත් අද. ඔන්න ඉතින් වීඩියෝ පිටපත් නිකුත් උන ගමන්ම බාගෙන වැඩේ පටන්ගත්තා. දවල් 12.15 ට පටන් ගත්ත සබ කොටලා ඉවර වෙද්දී 9.10 යි. හම්මෝ දැන් නම් කොටලා කොටලම මහන්සි. එහෙනම් අටුවා ටීකා පැත්තක තියලා අපි පොඩ්ඩක් හැරෙමු මේ සීරිස් එක පැත්තට.
Andrzej Sapkowski විසින් රචනා කරන ලද The Witcher නම් නවකතාව පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වන්නේ. 2001 වර්ෂයේ නිකුත් වූ The Hexer නම් කතා මාලාවද Andrzej Sapkowski විසින් රචනා කරන ලද නවකතාව පාදක කරගෙන නිර්මාණය වූවක්.
(The Witcher නවකතාවේ පලමු පොත)
The Witcher නවකතාව පොත් අටකින් සමන්විත වන අතර එහි පෙළ ගැස්ම මෙසේ වේ.
- The Last Wish (1993)
- Sword of Destiny (1992)
- Blood of Elves (1994)
- Time of Contempt (1995)
- Baptism of Fire (1996)
- The Tower of the Swallow (1997)
- The Lady of the Lake (1999)
- Season of Storms (2013)
The Witcher ටෙලි කතාව එනකන් ගොඩක් අය බලාන ඉන්න එක් හේතුවක් තමා CD Projekt Red අය විසින් නිපද වූ The Witcher වීඩියෝ ක්‍රීඩා කිහිපය. එයින් සුවිශේෂීම එක තමයි 2015 වසරේ නිකුත් වුනු The Witcher 3 : Wild Hunt කියන්නෙ. මෙම වීඩියෝ ක්‍රීඩාව සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ ඉතා ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් වුනා.
(Video Game)

(The Witcher 3 : Wild Hunt පරිගණක ක්‍රීඩාවේ අවස්ථාවක්)
Lauren Schmidt Hissrich විසින් නිර්මාණය කරන ලද මෙම කතා මාලාව දැනට හිමි කරගෙන ඇති IMDB අගය 9.5ක් තරම් වෙනවා (ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්). 96% ක් තරම් ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත ගැනීමට මෙම කතා මාලාව සමත් වී ඇති අතර මෙය Action, Adventure, Drama යන කාණ්ඩ වලට මෙම කතාව අයත් වෙනවා. දෙවැනි කතමලාවක් එන බවටත් ඉගියක් මොවුන් දීලා තියෙනවා. මේ සදහා Henry Cavill, Freya Allan, Anya Chalotra, Jodhi May, Björn Hlynur Haraldsson, Adam Levy, MyAnna Buring, Mimi Ndiweni යන නළු නිලියන් රංගනයට දායක වෙනවා. ප්‍රදාන නළුවගේ චරිතයට පණ පොවන Henry Cavill තමයි Man of Steel (2013) චිත්‍රපටයට හා Batman v Superman: Dawn of Justice (2016) යන චිත්‍රපට වල සුපර් මෑන් ලෙස රංගනයෙන් දායක උනේ. එපිසෝඩ් අටකින් සමන්විත වෙනවා මේ කතා මාලාව.

(Henry Cavill)
එහෙනම් අපි කතාවේ සාරාංශය පැත්තට පොඩ්ඩක් හැරෙමු.
විචර් කිව්වොත් අපිට මතක් වෙන්නේ රාක්ෂයෝ මරණ කෙනෙක්ව. ඉතින් පලවෙනි කොටස පටන් ගද්දිම විචර් රාක්ෂයෙක්ව මරණ සීන් එකකින් තමයි පටන් ගන්නේ. ඒ වගේම විචර්ට රාජකාරියක් හම්බෙනවා රෙන්ෆ්රි කියලා කාන්තාවක් මරන්න එත් විචර් ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ. මොකද විචර් මරන්නේ රාක්ෂයන්ව විතරයි. ඒ වගේම කුමාරිකාවක් ඉන්නවා සිස්ට්‍රා කියන රාජ්‍යයේ ඇයව පොඩි කාලේ ඉදන් ආරක්ෂිතව හදා වඩා ගන්නවා ඇයවත් දන්නේ නැහැ ඇයට තියෙන බලය. කොහොම හරි සිස්ට්‍රා රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල වෙනවා ඔයාලට බලාගන්න පුළුවන් කතාව අන්තිමේදී ඒ ඇයි කියලා. ඒ වගේම විචර්ට බාර දෙන ඒ වැඩේ කරයිද? ඇත්තටම විචර් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලාට කතාව අවසානයේදී දැකගන්න පුළුවන්.
මම මගේ ජීවිතයේ හොඳක් කරලා නැහැ,
නමුත් දැන්,
මට තෝරා ගැනීමට සිදුවුවහොත් එක් නපුරක් හා තවත් නපුරක්,
මම ඒ දෙකෙන් එකක්වත් තෝරාගන්නේ නැහැ!
Thanks brother.. Ekmanata enek sub tikath denna balanna. Good luck.
Thnkz bro ..anit tikath ikmnata denna
Thanks saho
ikmanata dunnata thanks.
sub tika digatama one…delay ekak nathuwa denda puluwan nan godak hodai..meeta kalin peaky blinders eka patta asawen baluwe eke sub godak parakkui denda…
thanks sub ekta..anith tikath ikmnta ona bro
Thanx bn mechchara ikmanata sub dunnata.
Riverdale eke S2 E6 passe sub na bn. Puluvan nam salakala balahanko.
Supiri storiyak thiyenne.
patta oi
anith ewath takgala deyn (Y)
Thanks machan ❤️
Thanks sub ekata digatama karagena yan.
ammo ela bm
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉක්මනටම සබ් එකත් දීලා…
ඉත්රු ටිකත් ඉක්මනටම අරන් එමු….
නියමයි පසිඳු සාරංග සහෝදරයා, ජය!!!