• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • The Young Master (1980) Sinhala Subtitle

The Young Master (1980) Sinhala Subtitle

2020/12/21 at 7:41 pm
Rasika Samanjith
සහෝදරයා සොයා මරු කටට

                          ඉතින් අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු, කොමඩි කින්ග්, ජැකී චෑන්ගෙ පට්ටම පට්ට ෆිල්ම් එකක් තමයි මේ පාරත් අරගෙන ආවෙ. කාලයේ වැලි තලාවෙන් වැසීගිය තවත් මැණිකක් බඳු පරණ සිනමා පටයක්. ඒ තමයි 1980 පෙබරවාරි 09 දින හොංකොංහීදී තිරගත කිරීම ආරම්භ කල "Young Master". සිංහල උපසිරැසි ගන්වන්න ගොඩක් කල් බලන් හිටපු ෆිලුමක්. මොකද මට සුවිශේෂී ෆිල්ම් එකක්. ජීවිතයේ මුලින්ම බලපු ඉංග්‍රීසි චිත්‍රපට අතලොස්සෙන් එකක්. විශේෂයෙන්ම මන් බලපු ජැකීගේ පළමු චිත්‍රපටය. ඉස්කෝලෙ 7,8 පන්තිවල වගේ ඉන්නකාලෙ. "යන්ග් මාස්ටර්" බැලුවත් හරි, මම ජැකී චෑන් පිස්සෙක් වුනා කිව්වොත් හරි. ඒ බලලා ටික දවසකින් ජැකීගෙ "Project A" බලන්න හම්බුනා. පිස්සුව ඩබල් වෙලා පත්තියම් වුනා. ඉතින් ජැකීගෙ ෆිල්ම් බලලා අප ලද විනෝදය, සතුට, ආශ්වාදය subz.lk පාඨක ඔබටත් ලබාදෙන්නයි මේ උත්සාහය. ඉතින් Young Master ගැන කියනවනම් මුල ඉඳන් අග වෙනකම්ම සිනහවෙන් පිරුණු චිත්‍රපටයක්. මාෂල් ආර්ට්ස් සටන් වලිනුත් අනූනයි. ජැකීගෙ විශේෂ හැකියාවන් අඩුවක් නැතුවම තියෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂනයත් ජැකීමයි. මේ ඔහුගෙ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂනය. මුල් එක තමයි 1979 වසරේ තිරගතවූ Fearless Hyena චිත්‍රපටය. ඒ වගේම කතාව ලියල තියෙන්නෙත් Edward Tang සමඟ ජැකීමයි. Golden Harvest සමාගම වෙනුවෙන් නිෂ්පාදනය Raymond Chow සහ Leonard Ho ගෙන්. හොංකොං වලදී, 1980 වසරේ වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය බවට පත්වෙමින්, ඇ.ඩො.2,215,893 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර, ඊට නොදෙවෙනි වෙමින් දකුණු කොරියාවේද 1980 වසරේ වැඩිම ආදායම ලැබූ සිනමා පටය බවට පත්වූයේ, ඇ.ඩො.1,438,652 ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබමිනි. ජපානයේදී 1981 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නේ 21 වෙනි තැනට පත්වූ අතර උපයාගත් ආදායම ඇ.ඩො.මිලියන 4.22 ක් විය. ඒ අනුව නැගෙනහිර ආසියාව තුලදී ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 7.9 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත්විය. ධාවන කාලය විනාඩි 106 කි.

Cast Jackie Chan  -- ඩ්‍රැගන් ලුන්ග් Yuen Biao      -- සෑන් කුන්ගේ පුතා Tien Feng       -- මාස්ටර් ටියෑන් Wei Pai           -- ටයිගර් Shih Kien       -- සෑන් කුන් Lily Li              -- සෑන් කුන්ගේ දුව

ඩ්‍රැගන් ලුන්ග් සහ ටයිගර් අනාථයො දෙන්නෙක්. මාස්ටර් ටියෑන් එයාලව හදාගන්නවා. එයාගෙ සටන් පාසලේ මේ දෙන්නත් ඉගෙනගන්නවා. ටයිගර් තමයි ඒකෙ අති දක්ෂම ශිෂ්‍යයා. ප්‍රතිවාදි සටන් පාසලක් සමග වාර්ෂිකව පවත්වන 'සිංහ නැටුම තරගයේදී මෙයාලා පරාදවෙනවා. ඒකට හේතුව බොරු අනතුරක් මවාපාලා තරගයට සහභාගි නොවන ටයිගර්, මුදල් වෙනුවෙන් අනෙක් පාසල වෙනුවෙන් හොර රහසේ තරඟ කිරීමයි. නමුත් පසුව මේක හෙලිවීම නිසා ඔහුට තමන්ගෙ ගෙදර වන සටන් පාසල දාලා යන්න වෙනවා. ඊට පස්සෙ මේ පාසලට බොහෝම නරක කාලයක් උදාවෙන්නෙ. පරාජයේ ලැජ්ජාව, ද්‍රෝහිකමේ වේදනාව, පාසලේ දක්ෂතමයා අහිමිවීමේ පාඩුව, කළකිරීම සහ ඉච්ඡාභංගත්වය නිසා පාසල අවුලෙන් අවුලට පත්වෙනවා. මෙහිදී තීරණයක් ගන්නා ලුන්ග් තමාගෙ සහෝදරයා සොයන්න පිටත් වෙනවා. ඔහු යනකොට මාස්ටර් ටියෑන් පවසන්නෙ ටයිගර්ව නැවත ගෙදර එක්කන් එන ලෙසයි. ඒ වනවිට ටයිගර් මැර කල්ලියකට එකතුවෙලා ඉන්නෙ. ඉතින් සහෝදරයා සොයා යන ගමන ලුන්ග්ට ලේසි වෙන්නෙ නෑ. තම සහෝදරයා ගෙදර අරන් එන්න ඔහුට දිවි පරදුවට තියල සටන් කරන්න වෙනවා. ජැකී චෑන් සමග බිහිසුනු විනෝද චාරිකාවකට ආරාධනා කරමින් නවතින්නම්. ජය වේවා.

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්... ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

සිංහල උපසිරැසිය ලබා ගන්න 810

Download Links:

1080P පිටපත 1.9 GB (Torrent)
480P පිටපත 390 MB (Direct)
720P පිටපත 970 MB (Direct)
720P පිටපත 970 MB (Torrent)
The Young Master
  • 720p (bluray)
    972.08 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.95 GB
    Download Torrent
Profile
167
Movies
0
Tv episodes
167
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rajitha Unregistered User
    Android 9Chrome 87

    Thanks jayawewa….!

    2020-12-22 at 6:47 am
    Reply
  • Chaminda Lakruwan Unregistered User
    Android 8.1Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට
    ජෑකීගේ ඒවානම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ මේකත් සුපිරි ෆිල්ම් එකක් දැන් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්
    ජෑකිගේ තව පරණ ෆිල්ම් තියෙනවා ඒවාටත් සබ් දෙන්න ස්තූති

    2020-12-22 at 8:14 am
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      aniwaren denawaa.

      2021-01-05 at 10:38 pm
  • ශාමල් මනෝජන් Unregistered User
    Android 7Chrome 87

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ජෙට් ලි ගේ shaolin Temple – 1982 ෆිල්ම් එකටත් Fearless – 2006 ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න පුලුවන්ද?

    2020-12-22 at 2:01 pm
    Reply
    • Rasika Thushara Samanjith Admin
      Windows 10Chrome 87

      Hithe thiyenawaa. Hemihita dennam.

      2021-01-05 at 10:40 pm
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 72

    ජැකී චෑන් පිස්සෝ වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි.
    Gorgeous 1999, thunderbolt 1995 ෆිල්ම් දෙකටත් ඉක්මනින් සබ් දෙන්න.

    2020-12-24 at 7:35 am
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 9Chrome 80

    තෑන්ක්ස් සහෝ

    2020-12-27 at 9:53 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms