The Young Master (1980) Sinhala Subtitle

December 21, 2020 Admin
Subtitle by Rasika Samanjith
සහෝදරයා සොයා මරු කටට

                          ඉතින් අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු, කොමඩි කින්ග්, ජැකී චෑන්ගෙ පට්ටම පට්ට ෆිල්ම් එකක් තමයි මේ පාරත් අරගෙන ආවෙ. කාලයේ වැලි තලාවෙන් වැසීගිය තවත් මැණිකක් බඳු පරණ සිනමා පටයක්. ඒ තමයි 1980 පෙබරවාරි 09 දින හොංකොංහීදී තිරගත කිරීම ආරම්භ කල “Young Master”. සිංහල උපසිරැසි ගන්වන්න ගොඩක් කල් බලන් හිටපු ෆිලුමක්. මොකද මට සුවිශේෂී ෆිල්ම් එකක්. ජීවිතයේ මුලින්ම බලපු ඉංග්‍රීසි චිත්‍රපට අතලොස්සෙන් එකක්. විශේෂයෙන්ම මන් බලපු ජැකීගේ පළමු චිත්‍රපටය. ඉස්කෝලෙ 7,8 පන්තිවල වගේ ඉන්නකාලෙ. “යන්ග් මාස්ටර්” බැලුවත් හරි, මම ජැකී චෑන් පිස්සෙක් වුනා කිව්වොත් හරි. ඒ බලලා ටික දවසකින් ජැකීගෙ “Project A” බලන්න හම්බුනා. පිස්සුව ඩබල් වෙලා පත්තියම් වුනා. ඉතින් ජැකීගෙ ෆිල්ම් බලලා අප ලද විනෝදය, සතුට, ආශ්වාදය subz.lk පාඨක ඔබටත් ලබාදෙන්නයි මේ උත්සාහය. ඉතින් Young Master ගැන කියනවනම් මුල ඉඳන් අග වෙනකම්ම සිනහවෙන් පිරුණු චිත්‍රපටයක්. මාෂල් ආර්ට්ස් සටන් වලිනුත් අනූනයි. ජැකීගෙ විශේෂ හැකියාවන් අඩුවක් නැතුවම තියෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂනයත් ජැකීමයි. මේ ඔහුගෙ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂනය. මුල් එක තමයි 1979 වසරේ තිරගතවූ Fearless Hyena චිත්‍රපටය. ඒ වගේම කතාව ලියල තියෙන්නෙත් Edward Tang සමඟ ජැකීමයි. Golden Harvest සමාගම වෙනුවෙන් නිෂ්පාදනය Raymond Chow සහ Leonard Ho ගෙන්. හොංකොං වලදී, 1980 වසරේ වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය බවට පත්වෙමින්, ඇ.ඩො.2,215,893 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර, ඊට නොදෙවෙනි වෙමින් දකුණු කොරියාවේද 1980 වසරේ වැඩිම ආදායම ලැබූ සිනමා පටය බවට පත්වූයේ, ඇ.ඩො.1,438,652 ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබමිනි. ජපානයේදී 1981 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නේ 21 වෙනි තැනට පත්වූ අතර උපයාගත් ආදායම ඇ.ඩො.මිලියන 4.22 ක් විය. ඒ අනුව නැගෙනහිර ආසියාව තුලදී ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 7.9 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත්විය. ධාවන කාලය විනාඩි 106 කි.

Cast
Jackie Chan  — ඩ්‍රැගන් ලුන්ග්
Yuen Biao      — සෑන් කුන්ගේ පුතා
Tien Feng       — මාස්ටර් ටියෑන්
Wei Pai           — ටයිගර්
Shih Kien       — සෑන් කුන්
Lily Li              — සෑන් කුන්ගේ දුව

ඩ්‍රැගන් ලුන්ග් සහ ටයිගර් අනාථයො දෙන්නෙක්. මාස්ටර් ටියෑන් එයාලව හදාගන්නවා. එයාගෙ සටන් පාසලේ මේ දෙන්නත් ඉගෙනගන්නවා. ටයිගර් තමයි ඒකෙ අති දක්ෂම ශිෂ්‍යයා. ප්‍රතිවාදි සටන් පාසලක් සමග වාර්ෂිකව පවත්වන ‘සිංහ නැටුම තරගයේදී මෙයාලා පරාදවෙනවා. ඒකට හේතුව බොරු අනතුරක් මවාපාලා තරගයට සහභාගි නොවන ටයිගර්, මුදල් වෙනුවෙන් අනෙක් පාසල වෙනුවෙන් හොර රහසේ තරඟ කිරීමයි. නමුත් පසුව මේක හෙලිවීම නිසා ඔහුට තමන්ගෙ ගෙදර වන සටන් පාසල දාලා යන්න වෙනවා. ඊට පස්සෙ මේ පාසලට බොහෝම නරක කාලයක් උදාවෙන්නෙ. පරාජයේ ලැජ්ජාව, ද්‍රෝහිකමේ වේදනාව, පාසලේ දක්ෂතමයා අහිමිවීමේ පාඩුව, කළකිරීම සහ ඉච්ඡාභංගත්වය නිසා පාසල අවුලෙන් අවුලට පත්වෙනවා. මෙහිදී තීරණයක් ගන්නා ලුන්ග් තමාගෙ සහෝදරයා සොයන්න පිටත් වෙනවා. ඔහු යනකොට මාස්ටර් ටියෑන් පවසන්නෙ ටයිගර්ව නැවත ගෙදර එක්කන් එන ලෙසයි. ඒ වනවිට ටයිගර් මැර කල්ලියකට එකතුවෙලා ඉන්නෙ. ඉතින් සහෝදරයා සොයා යන ගමන ලුන්ග්ට ලේසි වෙන්නෙ නෑ. තම සහෝදරයා ගෙදර අරන් එන්න ඔහුට දිවි පරදුවට තියල සටන් කරන්න වෙනවා. ජැකී චෑන් සමග බිහිසුනු විනෝද චාරිකාවකට ආරාධනා කරමින් නවතින්නම්. ජය වේවා.

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p bluray 972.08 MB
1080p bluray 1.95 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (7)
  • Rajitha Unregistered
    Android 9 Chrome 87

    Thanks jayawewa….!

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට
    ජෑකීගේ ඒවානම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ මේකත් සුපිරි ෆිල්ම් එකක් දැන් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්
    ජෑකිගේ තව පරණ ෆිල්ම් තියෙනවා ඒවාටත් සබ් දෙන්න ස්තූති

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      aniwaren denawaa.

  • ශාමල් මනෝජන් Unregistered
    Android 7 Chrome 87

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ජෙට් ලි ගේ shaolin Temple – 1982 ෆිල්ම් එකටත් Fearless – 2006 ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න පුලුවන්ද?

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      Hithe thiyenawaa. Hemihita dennam.

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 72

    ජැකී චෑන් පිස්සෝ වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතියි.
    Gorgeous 1999, thunderbolt 1995 ෆිල්ම් දෙකටත් ඉක්මනින් සබ් දෙන්න.

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search