ධාවන පථයේ අකුණු සැරය
Subz.lk සමග අත්වැල් බැඳගෙන සිටින ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් මේ පාර අරගෙන ජැකීගේ අමුතුම ආරක සිනමා පටයක්. Fast & Furious චිත්‍රපට පෙළ කවුරුත් දන්නවනෙ. මේක ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ පරණ වර්ෂන් එකක් කිව්වොත් වැරදි නෑ. ඒවල තියෙන අති ධාවනකාරී අත්දැකීම මේකෙත් නොඅඩුව තියෙනවා. ඒ අති ධාවනකාරී බවට ජැකීගේ සටන් හැකියාවත් එකතුවුනොත් කොහොමට හිටීවිද? එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ෆිලුමක් තමයි 1995 අගෝස්තු 05 හොංකොංහීදී තිරගත කිරීම ආරම්භ කල THUNDERBOLT. රේසින් කාර් ධාවකයෙක් සම්බන්ධ කතාවක් තමයි තියෙන්නෙ. ඒ වුනාට ජැකීගෙ සටන් වල අඩුවක් නෑ. මේකෙ ක්‍රියාදාම අධ්‍යයක්ෂනය ජැකී සහ ඔහුගේ මිත්‍රයා, සැමූ හුන්ග්. ජැකීගෙ ෆිල්ම් වලට සැමූ කොහෙන් හරි ගෑවෙනවනෙ. විනාඩි 110 ක ධාවන කාලයකින් යුක්තයි. ජපානයේ Sendai Hi-Land Raceway ධාවන පථය ඇතුලු ධාවන පථ කීපයකම රූගත කරලා තියෙනවා. ඉංග්‍රීසි, චීන සහ ජපන් යන භාෂා තුනම සිනමා පටය පුරාම භාවිතා වෙනවා. ඇතැම් සටන් දර්ශන සඳහා ජැකී චෑන් වෙනුවට වෙනත් කෙනෙක් භාවිතා කල බවයි සඳහන් වෙන්නෙ. මොකද Rumble in the Bronx චිත්‍රපටය රූගත කිරීම් අතරතුරදී, ජැකී ආබාධයකට ලක්වී තිබීම නිසයි. මේකත් බොක්ස් ඔෆීස් වාර්තා තබපු ෆිලුමක්. හොංකොංහීදී ඇ.ඩො.මිලියන 6 ක් උපයාගැනීමට සමත් වූ අතර, තායිවානයේදී ඇ.ඩො. 1,402,000 ක්ද, ජපානයේදී ඇ.ඩො.මිලියන 3.55 ක්ද, දකුනු කොරිවේදී ඇ.ඩො.මිලියන 2.81 ක්ද උපයාගනිමින්, නැගෙනහිර ආසියාව තුල සමස්ථ ආදායම ලෙස ඇ.ඩො.මිලියන 13.762 වාර්තා කර ගත්තා.
සම්මාන සහ නිර්දේශයන්
1995 Golden Horse Film Festival
Winner: Best Action Direction (Corey Yuen)
1996 Hong Kong Film Awards
Nomination: Best Action Choreography
Cast
Jackie Chan චෑන් ෆෝ (ඇල්ෆ්‍රඩ් ටං – U.S. version)
Anita Yuen ඇමී ඉප්
Michael Wong ස්ටීව් කැනන්
Thorsten Nickel වෝනර් “කූගර්” කෘග්මන්
ඇල්ෆ්‍රඩ් හොංකොං වාසියෙක්. දක්ෂ මිකෑනික් කෙනෙක්. ඒ සම්බන්ධ උපාධියකුත් ගත්ත කෙනෙක්. ඒ වගේම දක්ෂ රියදුරෙක්. ඔහු තම පවුලේ අය සමඟ ලොකු ගැරේජ් එකක් පවත්වගෙන යනවා. ඔහුගෙ තාත්තට කියන්නෙ කාර් රජා කියලා. කාර් ගැන ඒ තරම්ම දන්නවා. පොලිස් මාර්ග මාධක වලදිත්, හොංකොං පොලීසිය ඔහුගේ උදව්ව ලබාගන්නවා, නීතී විරෝධී ලෙස නවීකරණය කල කාර් අඳුනගන්න. ඒ වගේ රාත්‍රී මෙහෙයුමකදී, අධික වේගයෙන් පැමිනි එක්තරා කාර් එකක් බාධකය කඩාගෙන, පොලිස් නිලධාරියෙකුත් හප්පගෙන පලා යනවා. දින කීපයක මෙහෙයුමකට පස්සෙ, ලුහු බැඳ ගොස් ඒ කාර් එක පොලීසියට අල්ලලා දෙන්න ඇල්ෆ්‍රඩ් සමත්වෙනවා. ඒ කාර් කාරයා නමින් කූගර්. ජාවාරම් කල්ලි නායකයෙක්. මිනීමරුවෙක්. ඒ වගේම අති දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක්. රේසින් කියන්නෙ ඔහුගෙ පිස්සුවක්. ෆිල්ම් එකේ වීරයා සහ දුෂ්ටයා හම්බවෙන්නෙ ඔය විදිහටයි. කූගර් හිරේ යනවා. නමුත් ඔහු හිරෙන් පනිනවා. කූගර් එක්ක ඇති කරගත් මේ අවුල නිසා, ඇල්ෆ්‍රඩ්ගෙ ජීවිතය සටන්, ගැටුම් ගොඩක් බවට පරිවර්තනය වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට කූගර් විසින් ඇල්ෆ්‍රඩ්ගේ නංගිලා දෙන්නව පැහැරගනු ලබනවා. ඔහු ඇල්ෆ්‍රඩ්ට තර්ජනය කරන්නේ, නංගිලව ඕන නම්, ජපානයේ පැවැත්වෙන අන්තර්ජාතික මෝටර් රථ ධාවන තරඟයේදී ඔහු සමඟ තරගයට එන ලෙසයි. ඒ අස්සෙන් ලස්සන ආදර කතාවකුත් හීනියට යනවා. ජැකීගෙ ෆිල්ම් වල අඩු දෙයක්නෙ. ඒකෙන් නිකන් හින්දි සිනමා ගතියකුත් සමඟ චිත්‍රපටයට පොඩි ගැම්මකුත් එකතුවෙලා තියෙනවා. හැමදේම නොඅඩුව තියෙන ලස්සනම ලස්සන සිනමා පටයක්. අත ඇරියොත් නම් පට්ටම පාඩුවක්. එහෙනම්, සුන්දර ජපානයේ, සෙන්ඩායි හයි-ලෑන්ඩ් රේස්වේ ජාත්‍යන්තර ධාවන පථයේදී හමුවෙමු. ජය වේවා. 

ගොඩක් ස්තූති සබ් එකට
මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා තියන් හිටියා සබ් නැති නිසා බැලුවේ නෑ
දැන් සබ් එක්ක බලන්න පුලුවන්
ජැකියගේ පරන ෆිල්ම් වලට සබ් දෙන්න
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
shaolin temple 1982
Street Fighter 1994
Sudden Death 1995
once upon a time in china collection
Fearless 2006
ටිකටත් හැකි අයුරින් සබ් දෙන්න සහෝ.
ෆිල්ම් tv series ට්කක් ඉල්ල ගන්න බැරි වෙයිද? :rolling_eyes:
තෑන්ක්ස් සහෝ
thankz bro ela diagatama karagena ynna
නියමයි මචන් කරපු වැඩේ දිගටම කරන්න ඔබට ජජයවේවා :thumbsup::pray:
Thanx bro, agaya kiriimak kalaata.