V-Wars (2019) [S01 : E02] Sinhala Subtitle

December 30, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද අරගෙන ආවේ මේ ළගකදී නිකුත් වූ පිසාචර කතාවේ පළමු කතාසමයේ දෙවෙනි කොටසේ සිංහල උපසිරැසිය.දැන් කතාව පැත්තට හැරෙමු.

අද කොටස නම් කරලා තියෙන්නේ Blood Brothers යන නමින්.ලබාගෙන ඇති IMDb අගය 7.2 වේ.ඒවගේම ඔයාලට කලින් කොටස ගැන මතක ඇති කියලා හිතනවා.කලින් කොටසෙදි ලූතර් සහ මයික් ආක්ටික් ගවේෂණ මධ්‍යස්ථානයට යනවා , මොකද එහි කටයුතු කරන වෛද්‍ය වෙකෑනිස් අතර තිබුණ සම්බන්ධය නැති වී තිබෙන නිසා එයට හේතුව කුමක්ද යන්න සොයන්න.ඔන්න ඔය අතරතුර තමා මේ vampire වෛරස් වසංගතය බෝවෙන්න ගන්නේ.ඒත් මේ වෛරසය බලපෑම් ඇති කළේ මයික්ට.ඒවගේම ලූතර්ගේ බිරිඳටත් මේ වෛරසය ආසාදනය වුණා.ඉතින් ලූතර් කියන්නේ ඒ දෙදෙනා ගාව නැති සහසාධකයක් මන් ගාව තියෙනවා කියලා.ඉතින් අවසානයේ ලූතර්ට තමන්ගෙ බිරිඳව පවා මරන්න සිද්ද වුණා තමන්ගේ පුතාගේ ජීවිතය බේරගන්න අවශ්‍ය වුණ නිසා.ඉතින් අද කොටසෙදී ලූතර් එයාගේ බිරිඳව ඝාතනය කළා යැයි වරදක් පටවලා එයාව සිර භාරයට ගන්නවා.නමුත් ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් එයාව නිදහස් කරනවා මොකද එයා විතරයි මේ වෛරසය ගැන දන්නෙ වගේම එයා විතරය වසංගතය නැති කරන්න අවශ්‍ය පිළියම මොකක්ද කියලා.ඉතින් ඔය අස්සේ මාධ්‍ය කාරයෝ එයාලගේ වාසි ගන්නෝ මේ ප්‍රශ්න මොකක්හරි ගැටයක් ගහලා ඇදලා ගනිමින්.ඉතින් අද කොටස ගැන තවත් මුකුත් කියන්නේ නෑ, ඔයාලට බලන්න ආරාධනා කරනවා.

ඉතින් මගෙ කතාව මෙතනින් නවත්තනවා. හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (6)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 👊👊..
    ජය වේවා.!

  • මයිකි Unregistered
    Android 9 Chrome 79

    තැන්ක්ස් මචො

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

  • saman Unregistered
    Windows 10 Chrome 79

    Thanx bro
    Digatama one machan

  • කවිඳු රණසිංහ Unregistered
    Android 8 Chrome 70

    බොහොම ස්තුතියි සබ් එක!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search