Xiu chun dao (2014) Sinhala Subtitle
ඔන්න යාලුවනේ මම ඔබට පළමුවෙන්ම රැගෙන එන්නෙ චීන චිත්‍රපටයක්.ටික දවසක් වෙනවා සබ් එක කරල. ඒකට හරියන Direct පිටපත හොයාගන්න ටිකක් අමාරු වුනා. ඉතින් ටිකක් පරක්කු වුනා. එහෙමනං subzlk එකේ Admin එකත් මතක් කරන ගමන් චිත්‍රපටිය පිලිබද විස්තර පැත්තට හැරෙමු.
Brotherhood of Blades 2014
චිත්‍රපටිය ගැන කියනවනම් මේ චිත්‍රපටය release වෙලා තියෙන්නෙ 2014 අගෝස්තු 07 වෙනිදා චීනයේදී. Action, Adventure, Drama, Mystery කියන වර්ගව වලට තමයි චිත්‍රපටය අයත් වෙන්නෙ. මේකට IMDB අඩවියෙන් 6.6ක අගයකුත් ගූගල් පරිශීලකයන් 92%කගේ කැමැත්තත් ලැබිල තියෙනවා.චිත්‍රපට අන්තර්ගත කතාව ගැන කතා කලොත්,
චීන අධිරාජ්‍යාට රහස් මෙහෙයුම් බලකායක් තියෙනවා. අලුත් අධිරාජයා බලයට පත්වුනාම ඔහුට අවශ‍්‍ය වෙනවා හිටපු රහස් මෙහෙයුම් ප්‍රධානියව අත්තඩංගුවට ගන්න.නමුත් නව රහස් මෙහෙයුම් බලකා ප්‍රධානී ෂාවො ජිංෂොංට අවශ්‍ය වෙනව හිටපු රහස් මෙහෙයුම් ප්‍රධානියව විනාශකර දැමීමට. මෙහෙයුම භාරදෙන්නෙ ලුයි ජින්ශිං,ෂෙන් ලිඇන්, යිචුආන් කියන රහස් මෙහෙයුම් බලකායෙ නිලධාරීන් තුන් දෙනාට. ඔවුන්ව හසුවෙනෙ උගුලකට. ඔවුන් කුමක් කරාවිද? අවසානයේ කුමක් සිදුවේවිද?
දක්ෂ සටන්කරුවන් තිදෙනෙක් !!! බරපතල අත්වැරැද්දක් !!! මිනිත්තු 106ක් පුරා දිවෙන මේ චිත්‍රපටයෙ සටන් එහෙම ගොඩක් බලාගන්න පුලුවන්. ඔබ සැමට මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා. මේ මගෙ පලවෙනි උපසිරසි නිර්මාණය නිසා ඒකෙ අඩුපාඩු තිබ්බොත් වැඩිය ගනන් ගන්න එපා. එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු . සියලු දෙනාටම සුභ දවසක් !
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්!!!දිගටම මෙවැනි නිර්මාණවලට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.😎😎😎
Niyamai, obata suba pathum….
tnks saho sub ekata😊
tnx sub
Thanks bro sub ekata
නියමයි සහෝ… ස්තුතියි උපසිරැසියට… ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා… Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා… ඔබට ජය… ***Good Luck***
Thnxxxxxxxxxxxxx
Nice movie
සුපිරියි….. උපසිරසියට තෑන්ක්ස්…
ela tnx sub ekata
Thnxx saho sub ekata 😍😍
niyamai.digatama sub denna
sub ekata thanks saho