අහඹු අනතුර
ඕන් එහෙනම් ඉඩකඩ තියෙන වෙලාවේ තවත් අළුත්ම අළුත් කතා මාලාවක් අරන් එන්නයි මේ හදන්නේ.
ඇදුම නැත්නම් වීස් එක තියෙන ළමයෙක් තමන්ගේ මැරිච්ච් අම්මගේ පින්තූරයක් අරන් ඔහේ පාරේ දිගේ යනවා. අහම්බෙන් හෝ හිතාමතා යන්නේ කළු ජාතිකයෝ ඉන්න පැත්තකට. මේ කොල්ලව දැක්කම උන් ගහන්න පන්නනවා. ඒ බයටම වේගයෙන් කාර් එක එළවගෙන පැනලා යනවා මේ කොල්ලා.
තවත් පැත්තකින් තව කොලු ගැටයෙක්ට උගේ උපන්දිනේට කලින් දවසක උපන්දින තෑග්ගක් විදියට අධි වේගී මෝටර් බයිසිකලයක් අරන් දෙනවා. කොල්ලත් ආසාවට රවුමක් දාන්න යනවා.
කාර් එක එළවන් එන කොල්ලා එයාගේ ඉන්හේලර් එක බිම වැටෙන නිසා පොඩ්ඩකට පහත් වෙනවා විතරයි එකපාරම හිතාගන්නවත් බැරි විදියට අර බයිසිකලෙන් එන කොල්ලා හැප්පෙනවා. කාර් එකෙන් බැහැලා බලද්දී ලේ විලයි. බේරගන්න කියලා 911 එකට ගත්තත්, බය ප්‍රමුඛ වෙන නිසා කාර් එකේ හිටිය කොල්ලා එතනින් පැනගන්නවා.
ඔය ඔක්කොම පළවෙනි මිනිත්තු කිහිපයේදී වෙනවා. එතකොට මේ කතාවේ මොකද්ද තියෙන්නේ? මේකේ ටර්නින් පොයින්ට් එක තමා මේ ළමයින්ගේ තාත්තලා. (දැනට මට දැනෙන විදියට කියන්නේ.)
කාර් එකෙන් හප්පලා පැනගත්තු කොල්ලගේ තාත්තා නඩුකාරයෙක්. නැත්නම් අතිදක්ෂ විනිසුරුතුමෙක්.
අර හැප්පිලා මැරුණු කොල්ලගේ තාත්තා නගරයේ ඉන්න අපරාධකාරයෙක්ගේ පුතෙක්.
අන්ත දෙකක ඉන්න කට්ටියක් සම්බන්ධ වෙනවා එක අහඹු සිද්ධියක් නිසා. මේ දෙගොල්ලොන්ගේ ඉරණම් කෙසේ විසදෙයිද?
අනික් වැදගත්ම කාරණේ පින්තූරේ දකිද්දීම මීටර් උනානේ, අඳුරන චරිතයක් ඉන්නේ. එයාව දන්නෙත් නැත්නම් ටීවී සීරිස් බලන එක නතර කෙරුවනම් තමා හොඳ. විනිසුරුතුමාගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න බ්‍රේකින් බෑඩ් කතාවේ වෝල්ටර් වයිට්. එයා ගැන ආයේ අටුවා ටීකා කුමටද? ඒක ම ඇතිනේ මේ කතාව නරඹන්න. ඒවගේම හොඳ රේටින්ග් ටිකකුත් හම්බෙලා තියෙනවා හැම තැනකින්ම.
දැනටමත් මේ කතා මාලාව ගැන කතා බහක් පටන් අරන් තියෙන්නේ. බලන නොබලන එක ඔබ සතුයි…
බාන ගමන් අදහසකුත් දාගෙන යන්න. මට විතරක් නෙමේ අනික් හැම උපසිරැසිකරුවෙක්ටම ඒක දිරිගැන්වීමක් වෙයිනේ.
ela ela.digatama sub aka demu.
Thank you සබ් එකට :slight_smile:
patta meka :ok_hand::ok_hand: digatama sub denn
sub eka ikmanatama danna,godaak parakkui plz
Meka season 2 awilla ekata sinhala sub dennako