Your Honor (2020) [S01 : E04] Sinhala Subtitle
රොකෝ බැස්ටර්ව හප්පලා මරලා පැනලා ගිය ඇඩම්, තාත්තත් එක්කම එකතු වෙලා වැරැද්දෙන් බේරෙන්නනේ හදන්නේ. කොහොමහරි ඒකෙන් අර මෙලෝ මඟුලක් දන්නේ නැති කල්ලෙක්වයි අහු උනේ. හැබැයි අපි හැමෝම ජීවත් වෙන්නේ පුංචි ලෝකෙක කියන එක පසක් කරමින් මේකේ චරිත එකිනෙකට සම්බන්ධ වීම නම් හරිම අපූරුයි. Breaking Bad එකේ Bryan Cranston එහෙම නැත්නම් වෝල්ටර් වයිට් නැවතත් ප්‍රතිභාපූර්ණ යතාර්ථවාදී රංගනයක හොඳින්ම යෙදෙන බව ඔප්පු කරනවා මේ කතාවෙනුත්. මේ වෙනකොට නම් මේක දර්ශක වල උඩටම ඇවිල්ලත් ඉවරයි. අද කතාංගයෙන් ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ඇඩම් සහ ඩෙසියාටෝ විනිසුරුතුමා කරපු වැඩේ හින්දා උනු අතුරුප්‍රතිඵලයක උච්චතම අවස්ථාවක්. ස්පොයිල් කරන්නත් හොඳ නෑනේ, ඒ හින්දා ඔයාලම බලන්න.
මන් කොහොමත් මේකට උපසිරැසි දෙනවා දිගටම, පොඩ්ඩක් පරක්කු වෙයි, සමහරවිට ඉක්මනින් ගෙනෙයි, ලැබෙන කාල වේලාව අනුව තමා මේක කරන්නේ.
තෑන්ක්ස් සහෝ මේකට දිගටම සබ් දෙන්න නවත්තන්නෙ නැතුව පුලුවන් නම් black mirror එකේ ඉතුරු ටිකටත් සබ් දෙන්න