American Gods (2017) [S02 : E01] Sinhala Subtitle

April 04, 2019 Expert Subtitler

 

!!!…කන්ද උඩ නිවස…!!!(18+)

කොහොමද කට්ටියටම.ඕන්න ඉතින් කට්ටිය ඉල්ලලාම තිබ්බා මේ කතාවේ season 2 sub ඕනේ කියලා.ඉතින් මටත් කරන්න sub එකක් නැති නිසා මම චින්තක සහෝදරයාගෙන් ඉල්ලගෙන තමයි මේක කරන්න ගත්තේ.ඉතින් මුලින්ම මම ඔහුට ස්තුති වෙනවා මේ කතාව මට කරන්න දීම පිළිබඳව.මුලින්ම කියන්න ඕනේ මේ කතාව සම්පූර්ණයෙන්ම 18+ නැත්නම් වැඩිහිටියන් සඳහා වූ ටෙලි කතා මාලාවක්.ඉතින් පොඩි අය නොබලා ඉන්න එක හොඳයි.මේක නිසාම මේකේ තියන ටිකක් නරක වචන මම ඒ විදිහටම සිංහලට හැරෙව්වා.ඉතින් බලන උදවියත් ශබ්ධය පොඩ්ඩක් අඩු කරලා ගෙදර ජනෙල් දොරවල් වහලා මේක බලන්න කියලා ඉල්ලනවා.ඒ වගේම මගේ sub චින්තක සහෝදරයාගේ season 1 එකේ වගේ තරම් හොඳ නැති වෙවී.පුළුවන් තරම් උත්සහ කරා ඔයාලට හොඳ ගුණාත්මයෙන් උසස් sub එකක් ලබා දෙන්න.ඉතින් බලල ඉවර වෙලා ඒක ගැන ඔයාලම කියන්න.ඉතින් මේ කතාව කලින් බලලා නැත්නම් මං කියන්නේ මැදින් නම් බලන්න එපා මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ.ඒක නිසා season 1 එකේ ඉඳන්ම බලන්න.

ඉතින් 53,000 කට අධික පිරිසකගේ දායකත්වයෙන් imdb අගය 8.0 ලබා ගෙන ලොව හොඳම ටෙලි කාතා මාලාවක් බවට පත් වෙන්න මෙම කතාවට හැකි වෙලා තියනවා.ඒ වගේම ප්‍රයිම් ටයිම් එමි සම්මාන 2 සඳහා නිර්දේශ වෙලා වගේම සැටර්න් සම්මාන දෙකකුත් දිනා ගෙන තියනවා.ඒ වගේම තවත් සම්මාන 16 කටත් නිර්දේශ වෙලා තියනවා.ඒකෙන් ම පේනවනේ මේ කතාව කොහොමද කියලා.ඉතින් මේ කතාව මම දකින විදිහට game of thrones සහ vikings කතා මාලා අරුණු කොට දකින්න ලැබෙන හොඳම mystery(අභිරහස්) කතාවක්. ඉතින් මේ කොටසේ නම තමයි House on the Rock. මේකේ imdb අගය 8.3 ලබා ගන්න මේ කොටස සමත් වෙලා තියනවා.

ඉතින් ඔයාලා ගිය කොටසින් දකින්න ඇති අන්තිමට ඔස්ටාරා නැත්නම් පාස්කුවේ අධිපතිනිය නැවතත් වසන්තය ලබා ගන්න හැටි.ඒ වගේම මිස්ටර් වර්ල්ඩ්ගේ කට්ටිය ටිකකුත් මරලා දාලා ඔඩින් ඔස්ටාරට ඒවා පූජා කරපු හැටි.ඉතින් ඒ කොටස් වෙනකම් මේ කතාවේ වෙන්නේ මොනවද කියලා මමවත් දැන ගෙන හිටියේ නැහැ.ඉතින් දැන් තේරෙනවා කතාවේ සිද්ද වෙනවා පරණ සහ අලුත් දෙවි වරු අතර ඇති වෙන සටනක් කියලා.ඉතින් marvel කතා නරඹන්න අයට නම් ඕඩින් කියන නම අලුත් එකක් වෙන්න බැහැ.හැබැයි මේ කතාව ඊට වඩා සෑහෙන්න වෙනස්.ඉතින් ඒ කොටසින් තමයි මේ වෙන්ස්ඩේ කියන්නේ ඕඩින් කියලා දැන ගත්තේ වගේම සටන පටන් ගත්තෙත්.

ඉතින් මේ කොටසින් ඔයාලට දකින්න ලැබෙයි එයාලා ඇයි මේ සටන් කරන්නේ කියලා.ඒ වගේම සටන ආරම්භ වෙන හැටිත්.ඉතින් ඒ කොහොමද කියලා ඔයාලම බලන්න.

ඉතින් මම යනවා.sub එක ගැන ඔයාලගේ අදහසුත් දාගෙනම යන්න.ඉස්සරහට sub එක ටිකක් පරක්කු වෙයි.මොකද අවුරුදු කාලේ නිසා.කොහොම වුනත් ඉක්මනට sub ටික දෙන්න හිතං ඉන්නවා.එහෙනම් මම ගියා.එතෙක් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! , ඒ වගේම වැඩ කටයුතු සාර්ථක වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (4)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි series ටිකකට සබ් දෙන්න පටන් අරන් නේ…දිගටම සබ් දෙමු නවත්තන් නැතිව….

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 73

      අනිවා සහෝ.

  • Sajith Anthony User
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • Sachintha Unregistered
    Android 6 UC Browser 12.1

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search