Corn Island (2014) Sinhala Subtitle
ඔන්න යාලුවනේ තවත් ලස්සන චිත්‍රපටයක් අරන් ආවා. මේක ජෝර්ජියානු චිත්‍රපටයක්. 2014 වර්ශයේ නිකුත් වුනු චිත්‍රපටයෙ නම Corn Island, එහෙම නැත්තම් Simindis K’undzuli. එහෙමත් නැත්තම් ඉරිගු දූපත. Drama, War ගනයට අයත් වෙන මේකෙ IMDB අගය 7.7 ක්. හිතාගන්න පුලුවන්නෙ. Google පරිශීලකයන් 95% ක කැමැත්තකුත් මේ චිත්‍රපටයට ලබා දීල තියෙනවා. George Ovashvili චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනකොට ප්‍රධාන චරිතය විදියට İlyas Salman දායක වෙනවා. ඊට අමතරව ඔහුගේ මිනිබිරිය ලෙස Mariam Buturishvili එක් වෙනවා. පැය එකයි විනාඩි 40 ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටයෙ එක් විශේෂත්වයක් තමා මෙය සම්පූර්ණයෙන්ම රූපගත කරල තියෙන්නෙ ගංගාවක් ආශ්‍රිතව. අනිත් විශේෂත්වය තමා මෙහි දෙබස් ඉතා සීමිත වීම. ඒ කියන්නෙ කන් දෙකෙන් අහනවට වඩා ඇස් දෙකෙන් බලන්නයි තියෙන්නෙ. කලාතුරකින් දකින්න ලැබෙන වටිනා චිත්‍රපටයක් වගේම දුක හිතෙන අවසානයක් තමා තියෙන්නෙ.
හරි අපි කතාව පැත්තට යමු. වසන්ත කාලෙ ජල ප්‍රවාහයත් එක්ක කදු හෝදගෙන ඇවිත් ජෝර්ජියාවේ එන්ගුරි ගංගාවෙ සාරවත් පස් සහිත කුඩා ප්‍රමානයේ දූපත් නිර්මානය වෙනවා. මේක දේශීය ගොවීන්ට ආශීර්වාදයක් වගේ. ඒ කාලෙ ඇතැම් ගොවීන් ඒවගෙ ඉරිගු වගා කරනවා. හැබැයි සොබාදහම ඊට එකගනම් විතරයි. ඉතින් උත්සහවන්ත වයසක සීය කෙනෙක් කලින් කිව්ව වගේ දූපතක් හොයාගෙන තමන්ගෙ මිනිබිරියත් එක්ක පැලක් එහෙම හදල කොටසින් කොටස ඒ භූමිය ඉරිගු වගා කරන්න හැකි තත්වෙට පත් කරල ඉරිගු වගා කරනවා. ඉතින් මේ ගංතීරය හමුදා සෙබලුනුත් එහෙමෙහෙ යන මාර්ගයක්. ඉතින් මේ විදියට බොහොම සරලව කතාව ගලාගෙන යනවා. හැමදාම බලන ඒකාකාරී චිත්‍රපට වලින් මිදිල වෙනස්ම අත්දැකීමක් ගන්න පුලුවන් චිත්‍රපටයක්. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් හමු වෙමු. බුදු සරනයි!
Corn Island is a 2014 Georgian drama film directed by Giorgi Ovashvili.
බොහොම ස්තුතියි!!
ස්තුතියි!!!!!!!!!!!
Thanks machan…….jayawewa……!
10 වෙනි උපසිරසියට සුබ පැතුම්.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජයෙන් ජය
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. (Y)
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Ela saho thanks
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! ………බුදු සරණයි – දෙවි පිහිටයි…….
Thanks ….
Thanks Bro
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි Dilshan