සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න නැවතත් උපසිරැසියක් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ ජනප්‍රියම චිත්‍රපටයක් වන Dear Zindagi චිත්‍රපටය ඉතිං මේක මට බාරදුන්නෙ අපේ කවීශ සහෝදරයා ඔහුටත් බොහොම ස්තූතියි මට මේ චිත්‍රපටය බාර දුන්නට වගේම මගේ ප්‍රමාදය ඉවසා සිටියටත්.ප්‍රමාදයට හේතුව තමයි මගෙන් වුණ පොඩි අතපසුවීමක් නිසා මගේ පරිගණකය අවසන් ගමන් ගිය එක.(ඒ වෙනකොටත් සබ් එකෙන් බාගයක් විතර කරල තිබ්බෙ) ඉතිං ඒක ගොඩදාගන්න උපරිම උත්සාහ කලත් හරි ගියෙ නැති නිසා අලුතෙන් පරිගණකයක් ගෙනත් ඒ ටික එකලාසයක් කරගන්න වුණ නිසයි ප්‍රමාද වුණේ. වෙනදට කීපවතාවක්ම සබ් එකේ හරි වැරදි බැලුවට මේ වතාවෙ බලන්න වුණේ එක වතාවයි. ඒ නිසා වැරදි එහෙම තිබුණොත් සමාවෙන්න.
හරි ඒ කතාව ඇති දැන් යමු චිත්‍රපටය පැත්තට....Dear Zindagi චිත්‍රපටය අයත් වෙන්නෙ Drama,romance ඝනයට.ඒ වගේම මේකෙ ගලාගෙන යන්නෙ බොහොම ආදර්ශවත් කතාවක්.Imdb අගය ගත්තොත් 8.1 වගේ දැවැන්ත අගයක් ලබන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා වගේම හොඳම චිත්‍රපටය විදියට ලැබුණ ජූරියේ සම්මානයකටත් හිමිකම් කියනවා. රචනය සහ අධ්‍යක්ෂණය ගෞරි ෂින්දේගෙන්. නිෂ්පාදනය කරන්නෙ කරන් ජොහාර්, ගෞරි ෂින්දේ සහ ගෞරි ඛාන්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ෂාරුක් ඛාන් සහ ආලියා බාත්.
මේකෙ කතාව ගත්තොත් මෙහෙමයි...කයිරා කියන්නෙ බොහොම නිදහසේ ඉන්න ඒ වගේම හොඳ ඇහැක් තියන නැගී එන කැමරා ශිල්පිනියක්. වැඩ කරන්නෙත් සිනමා රූගත කිරීම් කණ්ඩායමක රූගතකිරීම් ශිල්පිනියක් විදියට හැබැයි අන්අයගේ නිර්මාණ රූගත කරන්න කයිරාගෙ වැඩි කැමැත්තක් නෑ,එයාට ඕනෙ තමන්ගෙම කියල නිර්මාණයක් කරල ඉහළටම යන්න.
කිරිල්ලියක් වගේ නිදහසේ හිටියත් කයිරට කිසිම සතුටක් නෑ, හැමවෙලේම ඉන්නෙ දුකෙන්. ඉක්මනට තරහ යනවා,දෙමව්පියන් එක්ක වැඩි සම්බන්ධයක් නෑ, ප්‍රේම සම්බන්ධතාවක් වැඩිකල් තියෙන්නෙත් නෑ,තියන ලොකුම ප්‍රශ්ණෙ තමයි නින්ද යන්නෙ නැති එක. ඒ ගැන හිත හිත ඉන්න අතරෙ ඇයට හම්බවෙනවා ජහන්ගීර් ඛාන් කියල අමුතු තාලෙ මානසික වෛද්‍යවරයෙක්ව.කයිරා තීරණය කරනවා තමන්ගෙ ගැටලුවලට ප්‍රතිකාර ගන්න මේ වෛද්‍ය ජහන්ගීර් ඛාන් ලඟට යන්න. ජහන්ගීර් ඛාන් තමන්ගෙ අපූරු ප්‍රතිකාර ක්‍රමවලින් කයිරාගෙ දුක් දොම්නස්, ඝෘණ ආකල්ප ආදිය දුරු කරල ඇගේ හීනය සාර්ථක කරගන්න උදවු කිරීම තමයි චිත්‍රපටය පුරාවට ගලාගෙන යන්නෙ.ඉතිං මං මීට වඩා කතාව ගැන කියන්න යන්නෙ නෑ. නරඹලම බලන්න (විශේෂයෙන්ම දෙමව්පියො)...ගොඩක් අය වැඩිපුරම විඳවන්නෙ තමන් විසින්ම හිතේ මවාගත්තු ප්‍රශ්ණ වලින් ,නේද කියලත් ඕගොල්ලන්ට වැටහේවි මේ චිත්‍රපටය බැලුවහම.
Spoiler Warning : An unconventional thinker (Shah Rukh Khan) helps a budding cinematographer (Alia Bhatt) gain a new perspective on life...




Windows 10Chrome 55
ela saho 🙂
thankz sub ekata!
Windows 8.1Chrome 55
නියමයි සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි…
ඔබට ජය…
Android 4.4UC Browser 10.2
Elma sahooo
Android 4.4UC Browser 3.4
එලම bro… නියෙමට sub එක තියෙනවා. ඉවරවෙනකන්ම බැලුවා. සුප්පා..
Windows 10Chrome 55
thxxxxxxxxxxx