Duck Duck Goose (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත් වුන ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. චීන- ඇමරිකානු සම නිමැවුමක් ලෙස කරලියට එන මෙය නමින් Duck Duck Goose. ලබා ඇති Imdb අගය 5.5ක් මේ වනවිට . රොබට් මූර්, ස්කොට් ඇට්කින්සන්,ටේගන් වෙස්ට් සහ ක්‍රිස්ටෝෆර් ජෙන්කින්ස්ගේ රචනයෙන් ඔහුගේම අධ්‍යක්ෂණයක් වන මෙහි හඬ දායකත්වය ජිම් ගැෆිගන් ( පෙන්ග්) , සෙන්ඩායා ( චී) ,ලාන්ස් ලිම් ( චාඕ) , නතාෂා ලෙගරෝ ( ජින්-ජින්) , ඩෙරිච් බැඩර් ( බින්ග්), රෙජී වොට්ස් (කාල්), කාලෙ රෙනර් ( ලැරී) ,ස්ටීෆන් ෆ්‍රයි ( ෆ්‍රේසියර්) , ක්‍රේග් ෆර්ගියුසන් ( ජයිල්ස්) ,ජෙනිෆර් ග්‍රේ ( එඩ්නා), රික් ඔවර්ටන් ( ස්ටැන්ලි) ඇතුළු පිරිසකගෙන්. මෙය චීනය විසින් වැඩිම වියදමක් දරන ලද ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට අතරට අයත් වන්නක්. එය ඩොලර් මිලියන 40කට ආසන්න බවයි පැවසෙන්නේ. කතාව මෙන්න මෙහෙමයි….
පෙන්ග් කියන්නෙ තරුණ පාත්තයෙක්, එයා හිතන් ඉන්නෙ පාත්ත රංචුවෙන්ම උසස් කෙනා තමන්ය කියල. පාත්ත රංචුව ලඟ එන ශීතකාලයට පෙර උණුසුම් ප්‍රදේශෙයකට සංක්‍රමණය වෙන්න පුහුණුවීම් කලත්, පෙන්ග් නෙමෙයි ඒ කිසිදෙයක් තඹේකට ගණන් ගන්නෙ. එයාගෙ වැඩේම පුළුවන් වේගෙන් හැමතැනම පියාඹ පියාඹ කාලෙ ගෙවන එකයි. ඔන්න ඔහොම වැඩ පෙන්නන වෙලාවක වෙන වැරදීමකින් පෙන්ග් ගිහිල්ල හැපෙනවා තාරා පැටවු රංචුවක. මේකෙන් තාරා පැටවු දෙන්නෙක් තමන්ගෙ රංචුවෙන් වෙන් වෙනවා. තාරා පැටවු දෙන්නා මේ බව පෙන්ග්ට කියල තමන්ව රංචුව ලඟට එක්ක යන්න කිව්වත්, පෙන්ග් ඒක ගණන් ගන්නෙ නෑ. හැබැයි ඊලඟට පෙන්ග්ට වෙන කරදරයක් නිසා පෙන්ග්ට සිද්ධ වෙනවා මේ තාරා පොඩ්ඩො දෙන්නගෙ උදවු ගන්න…..එතනින් එහාට ඔයගොල්ලන්ට බාරයි. බලන්න ඉතාම සුන්දර කතාවක් බවත් කියන්නම ඕනෙ. ඊලඟට එන්නෙ තවත් චීන චිත්‍රපටයක් අරගෙනයි, එතෙක් සමුගන්නම් මම.
nice work☺
Thanks bro
Ela saho thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Thanks ………………….good luck …………..zookeeper 2011,now is good 2012,miss you already ….movie valatath sub denna ………………………
Adoo…Thnq mco…..😃
Niyama wadak saho
patta mov eka thibunata sinhala ne welawata meke thiyenawa ela ela anith magullawala ganna be den ela ela sinhala ekata thanks jayen jayama
the whole truth 2016 tath sub dennakoo
සුපිරියි….. උපසිරසියට තෑන්ක්ස්…
thx machan
Thanks kollo sub ekata…….