• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Free Guy (2021) Sinhala Subtitle

Free Guy (2021) Sinhala Subtitle

2021/10/05 at 10:57 pm
Hasitha Prasad

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ රයන් රෙනෝල්ඩ්ස් ප්‍රධාන චරිතය නිරූපණය කරන ක්‍රියාදාම, ත්‍රාසජනක සහ හාස්‍යඋත්පාදක යන තෙවර්ගයට අයත් Free Guy(2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. පුරා පැයකුත් මිනිත්තු 55ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය මේ වනවිට (10/5/2021) 7.3ක IMDb අගයකුත් 80%ක Rotten Tomatoes අගයකුත් 62%ක මෙටාක්‍රිටික් අගයකුත් තමන් සතු කරගන්නට සමත්ව තිබෙනවා. මැට් ලිබර්මන්, සැක් පෙන් දෙදෙනාගේ තිර රචනයෙන් සහ ෂෝන් ලෙවිගේ අධ්‍යක්ෂණයෙන් තමයි මෙය ඔබ හමුවට එන්නෙ. සැක් පෙන් තමයි තවත් අතිශය ජනප්‍රිය වූ වීඩියෝ ක්‍රීඩා ආශ්‍රිත චිත්‍රපටයක් වූ Ready Player One (2018) චිත්‍රපටයේත් තිර රචකයා.

ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවක NPC කෙනෙක්, නොඑසේනම් ක්‍රීඩාකරවිය නොහැකි පසුබිම් චරිතයක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඒ නිසාම ඔබ වීඩියෝ ක්‍රීඩා ආශ්‍රිත දැනුමෙන් යම් තරමකට හෝ සන්නද්ධ කෙනෙක්නම් වඩාත් හොඳින් රස විඳිය හැකි චිත්‍රපටයක් වනු ඇති මෙය. එසේම ඔබ වීඩියෝ ක්‍රීඩා රසිකයෙක්නම් චිත්‍රපටය නරඹද්දී ඔබට මෙහි වටපිටාවේ යම් හුරුවක් දැනේවි, ඒ මෙහි එන ඕපන් වර්ල්ඩ් නිදහස් නගරය නොහොත් ෆ්‍රී සිටි සකසා තිබෙන්නේ Grand Theft Auto වීඩියෝ ක්‍රීඩා මාලාවෙන් අනුප්‍රාණය ලබමින් බව පැහැදිලිවම පෙනෙන නිසා, එසේම කතාව අතින් The Truman Show චිත්‍රපටයටත් බොහෝ දුරට සමානකම් දක්වනවා මේ චිත්‍රපටය. මේ ආකාරයට තවත් බොහෝ වීඩියෝ ක්‍රීඩා, චිත්‍රපට සහ ඇමරිකානු පොප් සංස්කෘතිය ආශ්‍රිත කරුණු චිත්‍රපටය තුල සෘජුව සහ වක්‍රව සඳහන් වෙනවා. එයින් යම් ප්‍රමාණයක් මම ලිපියේ පහතින්ම විශේෂ කරුණු යටතේ සඳහන් කරන්නම්. දැන් අපි බලමු රංගනයෙන් දායක වන පිරිස දෙස : රයන් රෙනෝල්ඩ්ස් (ගයි), ජෝඩි කොමර් (මිලී), ටයිකා වයිටිටි (ඇන්ට්වොන්), ලිල් රෙල් හොවරි (බඩී), ජෝ කීරි (කීස්), උත්කර්ෂ් අම්බුද්කාර් (මවුසර්), ඒරොන් රීඩ් (ඩූඩ්) ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වන්නේ. දැන් අපි යමු කතාව පැත්තට...

ගයි, නිදහස් නගරය නම් ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවේ චරිතයක්. ක්‍රීඩාව තුල ඔහු බැංකු ටෙලර් නිලධාරියෙක් වන අතර ඒ නිසාම ඒකාකාරී ජීවිතයකට කොටුව සිටින්නෙක්. ඔහුට සිටින හොඳම මිතුරා එම බැංකුවේම ආරක්ෂක නිලධාරියා වන බඩී. මෙහෙම කාලය ගෙවී යද්දී ගයිට දැනගන්නට ලැබෙනවා තමන්ගේ ජීවිතයේ හැම දවසක්ම ඒකාකාරී වීමට හේතුව. ඒ තමයි ඔහු අදාල වීඩියෝ ක්‍රීඩාවේ NPC (Non-Playable Character)කෙනෙක්, එහෙමත් නැත්නම් ක්‍රීඩාකරවිය නොහැකි පසුබිම් චරිතයක් බව. ඒ වගේම ඔහු දැනගන්නවා තමන් වෙසෙන නිදහස් ලෝකය කුරිරුකම්වලින් පිරි කුරිරු තැනක් බවත්, තමන් සාමාන්‍ය NPC කෙනෙක් නොවෙන බවත්. ගයිට මේ නිදහස් නගරය නම් සිරගෙයින් නිදහසක් ලැබේද? එය නරඹන ඔබට බාරකරමින් මම සමුගන්නවා, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා ගැලපේ.

යම් (නරඹන්නා ව්‍යංග අරුත දන්නේනම් පමණක් වැටහෙන ආකාරයේ) වක්‍ර ,දෙඅරුත් වදන් සහ දර්ශන චිත්‍රපටය තුල අන්තර්ගත බැවින් පවුලේ සැම සමග නරඹන්නේනම් ඒ පිලිබඳ සැලකිලිමත් වන්න.

නැරඹීමේදී යම් අයට අවශ්‍ය විය හැකි සහ යම් විශේෂ කරුණු :

• "ඩීවා පොප් " නම් වචනයක් ගයි විසින් සඳහන් කරනව අසන්නට ලැබෙයි ඔබට චිත්‍රපටයේ මුල් භාගයෙදි. මේ Diva වචනයෙ තියෙන්නෙ දෙවඟන යන අරුත. මෙතනදි දීවා පොප් ලෙස ගයි හඳුන්වන්නෙ පොප් ගී කලාවේ ඉහලම ස්ථානයේ සිටින ගායිකාවන්ව පොදුවේ.

• මරායා කැරේ (Mariah Carey)

කැරේ 2018 වසරේදී

1969 මාර්තු 27වන දින උපන් මරායා කැරේ මරායා කැරේ ඇමරිකානු ගායිකාවක්, ගීත රචිකාවියක්, ගී තැටි නිෂ්පාදිකාවක් සහ නිළියක්. ඇය ඉතා ප්‍රසිද්ධයි පංච අෂ්ටක හඬ පරාසයක් ඇති (Five Octave) ගායන ශිල්පිනියක් ලෙස. සංගීතයට සවන් දෙනවා හැරෙන්නට ඒ ගැන වැඩි දැනුමක් නැති නිසා මේ five Octave ගැන පැහැදිලි කරන්නට මම දන්නෙ නෑ. මේ ගැන සොයද්දි මෙන්න මේ ලිපිය මට හමුවුණා, එහි තිබෙනවා ඒ ගැන විස්තර, මරායා කැරේ ගැනත් එහි යම් සඳහනක් තිබෙනවා.

කෙසේ හෝ 1995 වසරේ නිකුත්කල ඇයගේ Daydream ඇල්බමයේ ඉතාම ජනප්‍රිය ගීතයක් වන Fantasy ගීතය ඔබට චිත්‍රපටය තුල අසන්නට හැකියි.

• බර්නින් මෑන් (Burning Man)

බර්නින් මෑන් යනු බටහිර ඇමරිකා එක්සත් ජනපදය තුල පැවැත්වෙන ජන ප්‍රජා, කලා සහ සමාජීය එක්රැස්වීමක් ආකාරයේ උත්සවයක්. නමෙන් කියවෙන ලෙසම ඉන්දියාවේ කෙරෙන රාවණා පිලිමය (effigy burning) ගිනිතැබීමට සමාන ලෙස ඇඹූ මිනිස් රුවක් ගිනිතැබීමක් මෙහිදීද සිදුකෙරෙනවා. මෙය අදවනවිට සමාජ ජාලා ක්‍රියාකාරිකයන්, තාක්ෂණ අංශයට සම්බන්ධ අයවලුන්, සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන අයවලුන් ආදීන් එකට එක්රැස්වන අවස්ථාවක් වනවා. https://burningman.org/

• ස්ටා වෝස් රසිකයන්ටත් යම් යම් සිහි කැඳවීම් කිහිපයක් තිබෙනවා චිත්‍රපටය තුල.

• ඔන්ලයින් වීඩියෝ ගේම් කලාව වෙනස් කල Fortnite මතක් කරන්නටත් අමතක කර නෑ නිර්මාණකරුවන්.

• චිත්‍රපටයේ කතා තේමාව බොහෝදුරට සමානයි Tron (1982) චිත්‍රපටයට.

• Donnie Darko (2001) චිත්‍රපටය මතක් කෙරෙන දර්ශනයක් තිබෙනවා මෙහි, එය නරඹා ඇති අයට මතක්වෙයි.

• යූ-ටියුබ්'හි ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාකරුවන් කිහිප දෙනෙක් සුළු චරිතවලින් මෙයට එක් වෙනවා : ටයිලර් බ්ලෙවින්ස් (Ninja), පොකිමේන් ඇනිස්, ලැනන් ඊකොට්(LazarBeam), ෂෝන් මැක්ලාෆ්ලින් (Jacksepticeye),ඩැනියෙල් මිඩ්ල්ටන් (Dan TDM).

• මෙහි එන බැංකු කොල්ලකරුගේ බාහුවේ biohazard ලකුණ දකින්නට තිබෙන අතර RPD (Raccoon Police Department) ලකුණ තිබෙනවා ඔහුගේ පපුව ප්‍රදේශයේ, මෙය Resident Evil වීඩියෝ ක්‍රීඩා පෙල සිහිවන්නට කල දෙයක් විය යුතුයි, මක්නිසාද යත් ජපානය තුල Resident Evil නම් කෙරුණේ biohazard ලෙසින් නිසා.

 

• මෙහි එන වීඩියෝ ක්‍රීඩා සමාගම නම් කර ඇත්තේ Soonami ලෙස, ඒ සුප්‍රකට Konami වීඩියෝ ක්‍රීඩා සමාගම සිහිවීමට විය යුතුයි.

• ඔබ Halo වීඩියෝ ක්‍රීඩාව ක්‍රීඩා කර ඇත්නම්, එහි එන Scorpion යුධ ටැංකිය මෙහි කිහිප තැනකම දැකගන්නට හැකිවේවි.

තවත් බොහෝ references සහ easter eggs ඇතත් ලිපිය තුල සියල්ල සඳහන් කල නොහැකි නිසා සහ යම් කරුණු ඔබේ රසවින්දනයට බාධාවක් විය හැකි නිසා මම මෙතනින් නවතින්නම්.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 1488

Download Links:

පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
Free Guy
  • 720p (bluray)
    1.03 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.12 GB
    Download Torrent
  • 2160p (web)
    5.38 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 94

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2021-10-06 at 1:32 am
    Reply
  • Rasika Samanjith Admin
    Windows 7Chrome 94

    අම්මෝ, ස්තුතියි, හසිත. ෆිල්ම් එක බාගෙන හිටියා බැලුවෙ නෑ. ඔයා දෙනකල් හිටියෙ. මේ දැන් බලන්න යන්නෙ.

    2021-10-06 at 11:57 am
    Reply
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 79

    බොහොම ස්තූතියි අයියේ ඉල්ලීම ඉටු කළාට.
    ලිපිය නම් නියමයි!

    2021-10-06 at 1:29 pm
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 11Chrome 94

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ

    2021-10-07 at 5:52 pm
    Reply
  • Ashvin Unregistered User
    Windows 10Chrome 96

    හසිත අයියේ ඇයි දැන් සබ් නොදෙන්නේ?

    2021-12-28 at 5:44 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms