Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Raya and the Last Dragon (2021) Sinhala Subtitle Drama Daily Dose of Sunshine (2023) [S01 : E01] Sinhala Subtitle Comedy Cold Storage (2026) Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Action Raya and the Last Dragon (2021) Sinhala Subtitle Drama Daily Dose of Sunshine (2023) [S01 : E01] Sinhala Subtitle Comedy Cold Storage (2026) Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle
  • Genres
  • Action
  • Ready Player One (2018) Sinhala…

Ready Player One (2018) Sinhala Subtitle

August 03, 2018 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.7
GENRES
ActionAdventureEnglish MoviesGenresMoviesSci-Fi
CAST

Tye Sheridan, Olivia Cooke, Ben Mendelsohn, Lena Waithe

ආයුබෝවන් ඔන්න NO Mercy චිත්‍රපටය අරගෙන එද්දි පොරොන්දු වුණ විදියටම
මේ අරගෙන එන්නෙ අසහාය සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග්ගේ Ready Player One
(2018) චිත්‍රපටය. මමත් මේකෙ බ්ලූරේ පිටපත් නිකුත්වුණ දවසෙ ඉඳන්ම අද බලනව හෙට බලනව කිය කිය හිටියත් බලන්න වුණේ නෑ, ඒ අතරෙ අපේ කවීෂ සහෝදරය කිව්ව මේ චිත්‍රපටයට උපසිරැසි කරමුයි කියල. ඒ නිසා මේ උපසිරැසියෙ සම්පූර්ණ ස්තූතිය යන්න ඕනෙ එයාටයි. පැනල බාරගත්තට මොකද උපසිරැසිය කරන්න ගියාමයි වැඩේ තේරුණේ. මේ චිත්‍රපටය තුල 1970 දශකයේ අගභාගයේ සිට 1980 ඇමරිකානු පොප් සංස්කෘතිය හරහා 90 දශකයේ අගභාගය තෙක් නිර්මාණය වුණ වීඩියෝ ක්‍රීඩා , ඒවායේ චරිත සහ භාවිත වූ ආයුධ ,චිත්‍රපට ( වැඩිපුරම ස්ටීවන් ස්පිල්බර්ගේම) , රූපවාහිනී කතාමාලා සහ ඒවායේ චරිත,පොප් සංගීත කණ්ඩායම්,පොප් ගීත, ජපන් මැන්ගා චරිත, ලේඛකයො, කොමික් චරිත වගේ මෙකී නොකී දේවල් ගොඩක් ගැන සඳහන් ( reference )වෙනවා. හරියටම කිව්වොත් නොස්ටැල්ජියාව නොහොත් අතීත කාමයෙන් ඔද වැඩිල ලියපු සහ හදපු එකක්. වෝනර් බ්‍රදර්ස්හි DC කොමික්ස් සම්බන්ධතාවය නිසාම DC කොමික්ස් ලට වැඩි තැනක් ලැබිල තියන අතරෙ, මාවල් වීරයො දෙන්නෙක්ව යාන්තමට මතක් කරල තියනව නොකර බැරිකමට වගේ . මේකෙ කොච්චර references තියනවද කියල බලන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බැලුවම. හැබැයි ෆිල්ම් එක බලල ඉවරවෙලා මිසක් බලන්න එපා. 4Kඅල්ට්‍රා පිටපතක් බැලුවොත්, තවත් references රාශියක් හොයාගන්න පුළුවන් වෙයි කියලයි ඔහු කියන්නෙ. චිත්‍රපටය ගැන විස්තර හොයද්දි මම දැක්කා ෆෝරම් එකක කෙනෙක් කමෙන්ට් එකක් දාල තියනව, මේ චිත්‍රපටය 9 වතාවක් සිනමාශාලාවලින්ම
බැලුවයි කියල තමන්ට මග ඇරුණ දෙයක් තියනවද කියල හරියටම දැනගන්න. ඔන්න ඔහොමයි පසුබිම් කතා ටික, මම මේ ටික කියලම පටන්ගත්තෙ එතකොට බලන අයට පහසුවක් වෙන්න ඉඩ තියන නිසා. ඊට අමතරව දෙබස්වල තියන references මම ඒ අදාල සබ් ලයින්ස්වලම වරහන් ඇතුලෙ සඳහන් කරල ඇති. මම තවත් මේවා ලියාගෙන ගියොත් කියවන අයට නිදිමත හැදෙන්න ඉඩ තියන නිසා, දැන් අපි යමු මේ චිත්‍රපටය හැදුණ විදිය ගැන විස්තර ටිකක් දැනගන්න.

ඇමරිකානු ලේඛක අර්නස්ට් ක්ලයින් විසින් 2011 වසරේ රචිත මේ නමින්ම යුත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් පදනම් කරගෙනයි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. එය රිදී තිරයට ගැලපෙන ලෙස සකසන්නෙ ලේඛක අර්නස්ට් සමගින් සැක් පෙන්. ඔහු X2සහ X Men: Last Stand චිත්‍රපටවල සහය තිර රචනාකරුවෙක් ලෙසත් කටයුතු කල අයෙක්. ඔහූ ලියූ කතාවක් අනුවයි ක්‍රියාදාම නළු ආනෝල්ඩ් ස්වසනෙගර් රංගනයෙන් දායක වුන Last Action Hero (1993) චිත්‍රපටය නිර්මාණය වෙලා තියන්නෙ. ඒකත් සිහි කරල තියනව චිත්‍රපටය තුලදි. අධ්‍යක්ෂකවරයා ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ Letters from Iwo Jima(2006), The Terminal (2004),Catch Me If You Can (2002) , Jurassic park (1993) වගේ සුපිරිම චිත්‍රපට අධ්‍යක්ෂණය කල ස්ටීවන් ස්පිල්බර්ග් මහතා. මේ ඔහුගේ 33වන චිත්‍රපටය. රංගනයෙන් දායක වෙන්නෙ Tye Sheridan, Olivia Cooke, Ben Mendelsohn,Mark Rylance,T.J. Miller,Simon Pegg,Philip Zhao,Win Morisaki, Hannah John-Kamen වගේ නළු නිළි පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට….

මේ වර්ෂ 2045. මිනිස් ක්‍රියාකාරකම්වලට පින් සිද්ධ වෙන්නෙ ලෝකය බොහොම දූෂිත, අවලස්සණ තැනක් මේ වෙනකොට. මිනිස්සුන්ට විඳින්න කියල කිසිම දෙයක් නැති කොන්ක්‍රීට් සහ යකඩ වානේ ගොඩක් ලෝකය. හැබැයි මේ ඒකාකාරී දිවියක් ගෙවන මිනිසුන්ට තියනවා එකම එක සහනයක්, ඒ තමයි කෙම්බිම (Oasis) නම් තැනක්. තැනක් කිව්වට මේක තැනක් නෙමෙයි අතථ්‍ය යථාර්ථ ( Virtual Reality ) අවකාශයක්. ඉතින් සැබෑ ලෝකයට වඩා මිනිස්සු කාලය ගත කරන්නෙ මේ අතථ්‍ය යථාර්ථ ලෝකය ඇතුලෙ. මේ සත්‍ය නොවන අවකාශය තුල තමන් කරන කියන දෑ සියල්ල හැකි පමණ විඳින්න අවශ්‍ය කරන සියලුම දේ තාක්ෂණය විසින් සපයලයි තියෙන්නෙ. මේ වගේ කාලයක තමයි චිත්‍රපටයේ කථානායකය ජීවත්වෙන්නෙ, ඔහු නමින් ……ආ නෑ, කෙම්බිම තුලදි ඔහුගෙ නම වෙන්නෙ පාසිවෙල්. පාසිවෙල්ටත් කෙම්බිම්වාසීන්ටත් මේ දවස්වල තියනව ලොකූ කාර්යයක්. ඒ තමයි කෙම්බිමේ නිර්මාතෲවරයා විසින් සැලසුම් කල තරඟයක්. සෑම කෙනාගෙම අරමුණ මේ තරඟය ජයගැනීම. ඇයි ඒ? මොකද කිව්වොත් ජයග්‍රාහකයට ලැබෙන ත්‍යාගය ජීවිතය වුණත් පරදුවට තියන්න තරම් වටින නිසා…ඒ මොකද්ද කොහොමද කියල මම කියන්න යන්නෙ නෑ ඒ සියල්ලම නරඹන ඔබට බාරයි. එහෙනම් කවීෂ සහෝදරයට නැවත වතාවක් ස්තූති කරන ගමන්ම මම ගිහින් එන්නම්, හමුවෙමු අපි තවත් උපසිරැසියකින්.

විශේෂ :-

*ස්ටීවන් ස්පිල්බර්ග්ට අනුව මේ ඔහු තම දිවිය තුල කල තෙවැනි අසීරුතම සිනමා නිර්මාණය. චිත්‍රපටය නැරඹුවාම වැටහෙයි ඒක ඇත්ත බව.
එක සහ දෙක පිළිවෙලින් : Jaws (1975) සහSaving Private Ryan (1998)

* මෙහි එන සෙමෙකිස් කියුබයට ඒ නම දාල තියෙන්නෙ Back To The future (1985) අධ්‍යක්ෂ රොබට් සෙමෙකිස්ට උපහාරයක් විදියටලු. Back to The future චිත්‍රපට ත්‍රිත්වයේ ගොඩක් දේවල් reference වෙනවා මේ චිත්‍රපටය තුල.

* OASIS නමේ තේරුම කෙම්බිම වුණාට, පොතේදි මේක අක්නමක් ( Acronym) .
Ontologically Anthropocentric Sensory Immersive Simulation කියන එක කෙටි කරල. හැබැයි චිත්‍රපටය තුලදි එන්නෙ කෙම්බිම කියන අර්ථය විය යුතුයි, ඒ ගැන විශේෂයෙන් සඳහන් කරල නැති නිසා.

*වෝනර් බ්‍රදර්ස් සහ නිෂ්පාදක ඩොනල්ඩ් ඩි ලයින් Ready player one පොත සිනමාවට නැගීමේ අයිතිය ලබාගෙන තියෙන්නෙ වෙන්දේසියකදී, ඒ පැරමවුන්ට් පික්චර්ස් සහ 20th සෙන්චරි ෆොක්ස් යන දැවැන්තයන් දෙදෙනා පරාජය කරමින්. ස්ටීවන් ස්පිල්බර්ග්ට අධ්‍යක්ෂණය බාරවෙන්නෙ ලේඛක අර්නස්ට් ක්ලයින්ගේ ඉල්ලීමකට අනුවලු.

*අර්නස්ට් මෙහි එන ජේම්ස් හැලිඩේ සහ ඔග්ඩන් මොරෝ මිත්‍රත්වය ලියා තිබෙන්නේ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් මිත්‍රත්වය පදනම් කරගෙනයි. ජොබ්ස්වත් මතක් කෙරෙනව චිත්‍රපටය තුල තැනකදි.

* ෆිනාලෙ සොන්ඩාර් චරිතය මුල් කෘතියේ නැති, චිත්‍රපටයටම නිර්මාණය කල චරිතයක්.

* බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ ෂූරි කුමරියගේ චරිතය රඟන ලැටීෂියා රයිට් මෙහි ඉතාම සුළු චරිතයකට රංගනයෙන් දායක වෙනවලු. ඇසිපිය හෙලන සැනෙකින් මග හැරෙන චරිතයක් ලබා දීම ඇයට කල හෑල්ලුවක් ලෙස සමහරු දුටුවත් ලැටීෂියා පවසා ඇත්තේ ” චරිතය සුළු බව තමන් දන්නා නමුත් ඔවුන් නාමාවලියට තම නම එක්කිරීම සහ ස්ටීවන් ස්පිල්බර්ග් මහතා හමුවී කතාබහ කිරීමට ලැබුණ අවස්ථාව තමන්ට ප්‍රමාණවත් බවයි”

* පාසිවෙල් ෂාප් ස්ටීරියෝ කැසට් රෙකෝඩරයක් ඔසවාගෙන සිටින දර්ශනය 1989 වසරේ තිරගතවූ Say anything චිත්‍රපටය සිහිවීමට කල එකක්.

* රෝස්බඩ් ( Rosebud)
මේ වචනයට සිනමාව තුල ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ එතෙක් මෙතෙක් ලෝකයේ විශිෂ්ඨතම චිත්‍රපටයක් ලෙස සැලකෙන Citizen Kane(1941) චිත්‍රපටය තුලින්. රෝස්බඩ් වචනය චිත්‍රපටය තුල දෙතැනක සඳහන් වුණත් එහි සිංහල අර්ථය රෝස පොහොට්ටුව නිසා එයට මම වෙන වචනයක් යෙදුව තැනට ගැලපෙන විදියට. Citizen Kane බලල තියන අය දන්නව ඇති ඒ චිත්‍රපටය තුලදිත් එහි අර්ථය වෙනස් බව.

* මැක්ෆ්ලයි – back to the future’හි ප්‍රධාන චරිතය.

* අයිරොක්ගේ වවුල් දැන්වීම නොහොත් ටූට්සි ලොලිපොප් දැන්වීම (1970)
https://www.youtube.com/watch?v=pvFzOgK-V9E

* (1979) බගල්ස් සංගීත කණ්ඩායමේ වීඩියෝ කිලඩ් ද රේඩියෝ ස්ටාර් ගීතය
https://www.youtube.com/watch?v=W8r-tXRLazs

*ආ-හා සංගීත කණ්ඩායමේ ටේක් ඔන් මී ගීතය
https://www.youtube.com/watch?v=j3tszcxA8jQ

*Easter egg video ( චිත්‍රපටය නැරඹූ පසු නරඹන්න )
https://www.youtube.com/watch?v=PfeVH2bbzlw

සියලු තොරතුරු අන්තර්ජාලයෙනි.

Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
12917 වාරයක්
Available Torrents
3D bluray 2.25 GB
GET
720p bluray 1.17 GB
GET
1080p bluray 2.25 GB
GET
2160p bluray 6.78 GB
GET
720p web 1.16 GB
GET
1080p web 2.24 GB
GET
Discussion (13)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 68
    2018-08-04

    සුබ පැතුම් හසිත ..අපේ 1000 වෙනි උපසිරැස මේ ..උපසිරැස ….

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-08-04

      1000 😲 ! වාව්! පුදුමාකාර සතුටක් දැනෙනවා හිතට ❤. දමිත් ඇතුළු ඇඩ්මින් මණ්ඩලයටයි උපසිරැසිකරුවන් සියලු දෙනාටමයිඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. දහස-දසදහස කරමු ඉක්මනින්ම.

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54
    2018-08-04

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    Reply
  • prabhath Unregistered
    Windows 10 Chrome 67
    2018-08-04

    1000 ta unusum subapethum… jayawewa bro….!!!

    Reply
  • ලක්ෂාන් සමීර Expert Subtitler
    Windows 7 Firefox 61
    2018-08-04

    සුපිරි ෆිලුමක් හසිත සහෝ…අනික ඒකත් ඔයා දීලා තියෙන්නෙත් සුපිරිම වෙලාවක….අහන්නත් දෙයක් නෑ සුපිරියි…ජයවේවා!!!

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 54
    2018-08-05

    නියමයි.බොහොම ස්තූතියි සහෝජය!

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-08-05

      Eternal Zero coming soon 😉

  • Mithun Unregistered
    Android 8 Chrome 67
    2018-08-05

    මේ සයිට් එක තනිකර රන් කරන්නෙ හසිතගෙ සබ් එක්ක ගොඩක් ,ඇඩිමින් මල්ලිට මෙක පෙනේවා ඔහුට සියලු පහසුකම් දෙන්න ඔනේ ඔහු මෙම උපසිරස අඩවිය වෙනුවෙන් කරන සෙවයට . මෙවැනි කෙනෙක් නැතිනම් මම උනත් මෙ සයිට් එක නොදන්න පුලුවන් .අහම්බෙන් වගේ මෙකෙන් ගත්ත පලවෙනි සබ් එකත් මෙ හසිතගෙ තම .{ මේ ෆිල්ම් එක නම් බැලුව සහෝ සුපිරි ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මෙකත් අප්ලොර්ඩ් කලාට ,කරන වැඩේටත්.. 💖💖💖

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54
      2018-08-05

      පහසුකම් සහ නිදහස කියන දෙකම අඩුනැතුව තියනවා, මිතුන්, Subzlk ඇතුලෙ 🙂 🧡 හදවතින්ම ස්තූතියි ප්‍රතිචාරයට 💛

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-08-05

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 67
    2018-08-06

    Overboard 2018 මෙකට සබ් දෙන්නකො

    Reply
  • CrZy Shan User
    Windows 7 Chrome 68
    2018-09-07

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80
    2020-02-27

    sub ekata thanks saho

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 200
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved