The Truman Show (1998) Sinhala Subtitle

April 27, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
මෙගා-ජීවිතය

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අර්ධ වශයෙන් අවසන් කර තිබූ තවත් ජනප්‍රිය චිත්‍රපටයක උපසිරැසිය වැඩ අවසන් කර ඔබ වෙත ගෙන ඒමක් තමයි මේ කරන්නට යන්නේ. අති දක්ෂ හොලිවුඩ් හාස්‍ය නළු ජිම් කැරේ රංගනයෙන් දායක වන, මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු කතාවකින් සමන්විත, The Truman Show(1998) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. මම දන්නවා ඔබ බොහෝ දෙනෙක් මෙය නරඹා ඇති, නමුත් නරඹා නැති අයගේ රස වින්දනය උදෙසායි මම මෙය පල කරන්නට තීරණය කලේ. ඇන්ඩෲ නිකොල්ගේ තිර රචනයෙන් හා පීටර් වෙයර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙය IMDb වෙතින් 8.3ක අගයක් ලබමින් එහිම හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 168වන ස්ථානය තමන් සතු කරගත්තක් වන අතර ඔස්කා සම්මාන ත්‍රිත්වයක් ඇතුළු සම්මාන 109කට නිර්දේශව එයින් සම්මාන 40ක් දිනාගත් චිත්‍රපටයක්ද වනවා. එසේ ඔස්කා සම්මානයට නිර්දේශවූයේ හොඳම සහය නළු ( එඩ් හැරිස්), හොඳම අධ්‍යක්ෂණය (පීටර් වෙයර්), තිරයට රචනා කල හොඳම තිර රචනය( ඇන්ඩෲ නිකොල්) යන සම්මාන ත්‍රිත්වයටයි. රංගනයෙන් දායක වන්නේ ජිම් කැරේ (ටෲමන් බර්බෑන්ක්),ලෝරා ලිනේ (මෙරිල් බර්බෑන්ක්/හැනා ගිල්),නෝඅ එමරිච්(මාලන්), නතාෂා මැක්එලොන් (ලෝරන්/සිල්වියා), හොලන්ඩ් ටේලර් (ටෲමන්ගේ මව) ඇතුළු පිරිසක්. කතාව කෙටියෙන් මෙහෙමයි…

ටෲමන් කියන්නෙ රක්ෂණ සමාගමක අලෙවි සේවකයෙක්, අලුත් දෑ ගවේෂණයට හිත ඇති කෙනෙක්, තමන්ගේ රැකියාව කරමින් පාඩුවේ ජීවත්වෙන ඔහුට දැනගන්නට ලැබෙනවා උපතේ සිටම තමන්ගේ මුළු ජීවිතයම ලෝකයා ආශාවෙන් නරඹන මෙගා නාට්‍යයක් බව. එතැන් සිට ඔබට බාරයි හාස්‍යයත් සමගම මුසුකල ගැඹුරු තේමාවක් සහිත මේ චිත්‍රපටය රසවිඳීම.

“…in this world, everything is for sale.”

විශේෂ :-

• 2008 වසරේදී නිව්යෝක් ටයිම්ස්හි පලවූ ලිපියකට අනුව, බ්‍රිතාන්‍යයෙ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මානසික වෛද්‍යවරුන් වාර්තා කර තිබෙනවා ” ටෲමන් සින්ඩ්‍රෝමය” නොහොත් ” ටෲමන් ෂෝ මෝහය” නම් මානසික තත්වයක් අත්දකින රෝගීන් පිරිසක් පිලිබඳව, එනම් තමන් තමන්ගේම වූ රියැලිටි ෂෝ එකකට නොදැනුවත්වම දායක වන අය බවට. ප්‍රතිකාර සැසි අතරතුරදී මෙයින් බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටයේ නම සඳහන් කර තිබෙන බවත් ඔවුන් වාර්තා කර තිබෙනවා. මේ එම ලිපිය.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහාය.

Download Links
DIR
DIR
TOR
Available Torrents
720p bluray 551.02 MB
1080p bluray 1.65 GB
2160p web 4.59 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (3)
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 90

    දැනට දෙපාරක් බලලා තියෙනවා. දැන් ආයෙත් බලමු.:sweat_smile:

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 90

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search