Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Raya and the Last Dragon (2021) Sinhala Subtitle Comedy Cold Storage (2026) Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle Action Raya and the Last Dragon (2021) Sinhala Subtitle Comedy Cold Storage (2026) Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle
  • Genres
  • Action
  • Free Guy (2021) Sinhala Subtitle

Free Guy (2021) Sinhala Subtitle

October 05, 2021 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.3
GENRES
ActionAdventureComedyEnglish MoviesGenresMovies
CAST

Ryan Reynolds,Jodie Comer,Taika Waititi

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ රයන් රෙනෝල්ඩ්ස් ප්‍රධාන චරිතය නිරූපණය කරන ක්‍රියාදාම, ත්‍රාසජනක සහ හාස්‍යඋත්පාදක යන තෙවර්ගයට අයත් Free Guy(2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. පුරා පැයකුත් මිනිත්තු 55ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය මේ වනවිට (10/5/2021) 7.3ක IMDb අගයකුත් 80%ක Rotten Tomatoes අගයකුත් 62%ක මෙටාක්‍රිටික් අගයකුත් තමන් සතු කරගන්නට සමත්ව තිබෙනවා. මැට් ලිබර්මන්, සැක් පෙන් දෙදෙනාගේ තිර රචනයෙන් සහ ෂෝන් ලෙවිගේ අධ්‍යක්ෂණයෙන් තමයි මෙය ඔබ හමුවට එන්නෙ. සැක් පෙන් තමයි තවත් අතිශය ජනප්‍රිය වූ වීඩියෝ ක්‍රීඩා ආශ්‍රිත චිත්‍රපටයක් වූ Ready Player One (2018) චිත්‍රපටයේත් තිර රචකයා.

ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවක NPC කෙනෙක්, නොඑසේනම් ක්‍රීඩාකරවිය නොහැකි පසුබිම් චරිතයක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඒ නිසාම ඔබ වීඩියෝ ක්‍රීඩා ආශ්‍රිත දැනුමෙන් යම් තරමකට හෝ සන්නද්ධ කෙනෙක්නම් වඩාත් හොඳින් රස විඳිය හැකි චිත්‍රපටයක් වනු ඇති මෙය. එසේම ඔබ වීඩියෝ ක්‍රීඩා රසිකයෙක්නම් චිත්‍රපටය නරඹද්දී ඔබට මෙහි වටපිටාවේ යම් හුරුවක් දැනේවි, ඒ මෙහි එන ඕපන් වර්ල්ඩ් නිදහස් නගරය නොහොත් ෆ්‍රී සිටි සකසා තිබෙන්නේ Grand Theft Auto වීඩියෝ ක්‍රීඩා මාලාවෙන් අනුප්‍රාණය ලබමින් බව පැහැදිලිවම පෙනෙන නිසා, එසේම කතාව අතින් The Truman Show චිත්‍රපටයටත් බොහෝ දුරට සමානකම් දක්වනවා මේ චිත්‍රපටය. මේ ආකාරයට තවත් බොහෝ වීඩියෝ ක්‍රීඩා, චිත්‍රපට සහ ඇමරිකානු පොප් සංස්කෘතිය ආශ්‍රිත කරුණු චිත්‍රපටය තුල සෘජුව සහ වක්‍රව සඳහන් වෙනවා. එයින් යම් ප්‍රමාණයක් මම ලිපියේ පහතින්ම විශේෂ කරුණු යටතේ සඳහන් කරන්නම්. දැන් අපි බලමු රංගනයෙන් දායක වන පිරිස දෙස : රයන් රෙනෝල්ඩ්ස් (ගයි), ජෝඩි කොමර් (මිලී), ටයිකා වයිටිටි (ඇන්ට්වොන්), ලිල් රෙල් හොවරි (බඩී), ජෝ කීරි (කීස්), උත්කර්ෂ් අම්බුද්කාර් (මවුසර්), ඒරොන් රීඩ් (ඩූඩ්) ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වන්නේ. දැන් අපි යමු කතාව පැත්තට…

ගයි, නිදහස් නගරය නම් ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවේ චරිතයක්. ක්‍රීඩාව තුල ඔහු බැංකු ටෙලර් නිලධාරියෙක් වන අතර ඒ නිසාම ඒකාකාරී ජීවිතයකට කොටුව සිටින්නෙක්. ඔහුට සිටින හොඳම මිතුරා එම බැංකුවේම ආරක්ෂක නිලධාරියා වන බඩී. මෙහෙම කාලය ගෙවී යද්දී ගයිට දැනගන්නට ලැබෙනවා තමන්ගේ ජීවිතයේ හැම දවසක්ම ඒකාකාරී වීමට හේතුව. ඒ තමයි ඔහු අදාල වීඩියෝ ක්‍රීඩාවේ NPC (Non-Playable Character)කෙනෙක්, එහෙමත් නැත්නම් ක්‍රීඩාකරවිය නොහැකි පසුබිම් චරිතයක් බව. ඒ වගේම ඔහු දැනගන්නවා තමන් වෙසෙන නිදහස් ලෝකය කුරිරුකම්වලින් පිරි කුරිරු තැනක් බවත්, තමන් සාමාන්‍ය NPC කෙනෙක් නොවෙන බවත්. ගයිට මේ නිදහස් නගරය නම් සිරගෙයින් නිදහසක් ලැබේද? එය නරඹන ඔබට බාරකරමින් මම සමුගන්නවා, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා ගැලපේ.

යම් (නරඹන්නා ව්‍යංග අරුත දන්නේනම් පමණක් වැටහෙන ආකාරයේ) වක්‍ර ,දෙඅරුත් වදන් සහ දර්ශන චිත්‍රපටය තුල අන්තර්ගත බැවින් පවුලේ සැම සමග නරඹන්නේනම් ඒ පිලිබඳ සැලකිලිමත් වන්න.

නැරඹීමේදී යම් අයට අවශ්‍ය විය හැකි සහ යම් විශේෂ කරුණු :

• “ඩීවා පොප් ” නම් වචනයක් ගයි විසින් සඳහන් කරනව අසන්නට ලැබෙයි ඔබට චිත්‍රපටයේ මුල් භාගයෙදි. මේ Diva වචනයෙ තියෙන්නෙ දෙවඟන යන අරුත. මෙතනදි දීවා පොප් ලෙස ගයි හඳුන්වන්නෙ පොප් ගී කලාවේ ඉහලම ස්ථානයේ සිටින ගායිකාවන්ව පොදුවේ.

• මරායා කැරේ (Mariah Carey)

කැරේ 2018 වසරේදී

1969 මාර්තු 27වන දින උපන් මරායා කැරේ මරායා කැරේ ඇමරිකානු ගායිකාවක්, ගීත රචිකාවියක්, ගී තැටි නිෂ්පාදිකාවක් සහ නිළියක්. ඇය ඉතා ප්‍රසිද්ධයි පංච අෂ්ටක හඬ පරාසයක් ඇති (Five Octave) ගායන ශිල්පිනියක් ලෙස. සංගීතයට සවන් දෙනවා හැරෙන්නට ඒ ගැන වැඩි දැනුමක් නැති නිසා මේ five Octave ගැන පැහැදිලි කරන්නට මම දන්නෙ නෑ. මේ ගැන සොයද්දි මෙන්න මේ ලිපිය මට හමුවුණා, එහි තිබෙනවා ඒ ගැන විස්තර, මරායා කැරේ ගැනත් එහි යම් සඳහනක් තිබෙනවා.

කෙසේ හෝ 1995 වසරේ නිකුත්කල ඇයගේ Daydream ඇල්බමයේ ඉතාම ජනප්‍රිය ගීතයක් වන Fantasy ගීතය ඔබට චිත්‍රපටය තුල අසන්නට හැකියි.

• බර්නින් මෑන් (Burning Man)

බර්නින් මෑන් යනු බටහිර ඇමරිකා එක්සත් ජනපදය තුල පැවැත්වෙන ජන ප්‍රජා, කලා සහ සමාජීය එක්රැස්වීමක් ආකාරයේ උත්සවයක්. නමෙන් කියවෙන ලෙසම ඉන්දියාවේ කෙරෙන රාවණා පිලිමය (effigy burning) ගිනිතැබීමට සමාන ලෙස ඇඹූ මිනිස් රුවක් ගිනිතැබීමක් මෙහිදීද සිදුකෙරෙනවා. මෙය අදවනවිට සමාජ ජාලා ක්‍රියාකාරිකයන්, තාක්ෂණ අංශයට සම්බන්ධ අයවලුන්, සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන අයවලුන් ආදීන් එකට එක්රැස්වන අවස්ථාවක් වනවා. https://burningman.org/

• ස්ටා වෝස් රසිකයන්ටත් යම් යම් සිහි කැඳවීම් කිහිපයක් තිබෙනවා චිත්‍රපටය තුල.


• ඔන්ලයින් වීඩියෝ ගේම් කලාව වෙනස් කල Fortnite මතක් කරන්නටත් අමතක කර නෑ නිර්මාණකරුවන්.

• චිත්‍රපටයේ කතා තේමාව බොහෝදුරට සමානයි Tron (1982) චිත්‍රපටයට.

• Donnie Darko (2001) චිත්‍රපටය මතක් කෙරෙන දර්ශනයක් තිබෙනවා මෙහි, එය නරඹා ඇති අයට මතක්වෙයි.

• යූ-ටියුබ්’හි ප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාකරුවන් කිහිප දෙනෙක් සුළු චරිතවලින් මෙයට එක් වෙනවා : ටයිලර් බ්ලෙවින්ස් (Ninja), පොකිමේන් ඇනිස්, ලැනන් ඊකොට්(LazarBeam), ෂෝන් මැක්ලාෆ්ලින් (Jacksepticeye),ඩැනියෙල් මිඩ්ල්ටන් (Dan TDM).

• මෙහි එන බැංකු කොල්ලකරුගේ බාහුවේ biohazard ලකුණ දකින්නට තිබෙන අතර RPD (Raccoon Police Department) ලකුණ තිබෙනවා ඔහුගේ පපුව ප්‍රදේශයේ, මෙය Resident Evil වීඩියෝ ක්‍රීඩා පෙල සිහිවන්නට කල දෙයක් විය යුතුයි, මක්නිසාද යත් ජපානය තුල Resident Evil නම් කෙරුණේ biohazard ලෙසින් නිසා.

 

• මෙහි එන වීඩියෝ ක්‍රීඩා සමාගම නම් කර ඇත්තේ Soonami ලෙස, ඒ සුප්‍රකට Konami වීඩියෝ ක්‍රීඩා සමාගම සිහිවීමට විය යුතුයි.

• ඔබ Halo වීඩියෝ ක්‍රීඩාව ක්‍රීඩා කර ඇත්නම්, එහි එන Scorpion යුධ ටැංකිය මෙහි කිහිප තැනකම දැකගන්නට හැකිවේවි.

තවත් බොහෝ references සහ easter eggs ඇතත් ලිපිය තුල සියල්ල සඳහන් කල නොහැකි නිසා සහ යම් කරුණු ඔබේ රසවින්දනයට බාධාවක් විය හැකි නිසා මම මෙතනින් නවතින්නම්.

 

Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3145 වාරයක්
Download Links
DIR
DIR
DIR
TOR
TOR
Available Torrents
720p bluray 1.03 GB
GET
1080p bluray 2.12 GB
GET
2160p web 5.38 GB
GET
Discussion (5)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 94
    2021-10-06

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • Rasika Samanjith Admin
    Windows 7 Chrome 94
    2021-10-06

    අම්මෝ, ස්තුතියි, හසිත. ෆිල්ම් එක බාගෙන හිටියා බැලුවෙ නෑ. ඔයා දෙනකල් හිටියෙ. මේ දැන් බලන්න යන්නෙ.

    Reply
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 79
    2021-10-06

    බොහොම ස්තූතියි අයියේ ඉල්ලීම ඉටු කළාට.
    ලිපිය නම් නියමයි!

    Reply
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 94
    2021-10-07

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ

    Reply
  • Ashvin Unregistered
    Windows 10 Chrome 96
    2021-12-28

    හසිත අයියේ ඇයි දැන් සබ් නොදෙන්නේ?

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 199
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved