Luca (2021) Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ ඩිස්නි පික්සාර්හි නිර්මාණයක් ලෙසින් මෙම වසරේ නිකුත්වූ Luca (2021) ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමග. මෙය ඩින්සි පික්සාර්හි 35වන සංවත්සරය වෙනුවෙන් නිකුත්වූ චිත්‍රපටයද වන අතර ඉතාලි පසුබිමක් සහිතවයි මෙය නිර්මාණය වන්නේ. එම නිසාම ඉතාලි වදන් චිත්‍රපටය පුරාවට අසන්නට හැකි අතරම ඉතාලි සංස්කෘතික ලක්ෂණද අපට දැකගන්නට හැකියි චිත්‍රපටය සෑමතැනකම. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඉතාලි පියාජියෝ මෝටර් සමාගම මගින් නිෂ්පාදිත ලෝක ප්‍රසිද්ධ වෙස්පා ස්කූටරය මේ චිත්‍රපටයේ විශේෂ තැනක් ඉසිලීම, එසේම එහි නිර්මාතෲ රිනාල්ඩෝ පියාජියෝ මහතා උපන් ජිනෝවා නගරය ගැනද සඳහන් වනවා.
එන්රිකෝ කැසරෝසාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටයේ එන ඇල්බර්තෝ චරිතය ඔහුගේ ලමාකාලයේ සිටි එනමින්ම යුත් මිතුරෙකු සිහිවීමටයි යොදා තිබෙන්නේ. එසේම ඔහු පවසා තිබුණා හයාකෝ මියසාකි මහතාගේ සුප්‍රකට ගිබ්ලි ස්ටුඩියෝ චිත්‍රපටවලින් තමන් අනුප්‍රාණය ලැබූ බව. මෙහි එන පොර්තොරෝසෝ ගම්මානය එසේ නම් කරන තිබෙන්නේද 1992 වසරේ නිකුත්වූ මියසාකි මහතාගේ Porco Rosso චිත්‍රපටය සිහිකිරීමටයි. Luca චිත්‍රපටය ලබා ඇති අගයන් ගැන කතාකලොත් පිලිවෙලින් 7.6ක් හා 90%ක් ලබාතිබෙනවා IMDb සහ Rotten Tomatoes යන අඩවිවලින්.
චිත්‍රපටයට තම හඬ දායකත්වය ලබාදෙන්නේ ජේකොබ් ට්‍රෙම්බ්ලේ ( ලූකා පගූරෝ), ජැක් ඩිලන් ග්‍රේසර් ( ඇල්බර්තෝ ස්කොෆානො), එමා බර්මන් ( ජූලියා මාකවල්ඩෝ), සවාරියෝ රයිමන්ඩෝ( එර්කොලේ විස්කොන්ති), මායා රුඩොල්ෆ් ( ඩැනියෙලා පගූරෝ), මාකෝ බැරිචෙලි (මැසිමෝ මාකොවල්ඩෝ), ජිම් ගැෆිගන් (ලොරෙන්සෝ පගූරෝ), පීටර් සොහ්න් (චීචෝ) ඇතුළු පිරිසක්. කතාවට කෙටි ආරම්භයක් රැගෙන දෙන්නම් මේ විදියට…
ලූකා යනු ඉතාලි වෙරළ තීරයක මුහුදේ වෙසෙන මුහුදු රාක්ෂ දරුවෙක්. මුහුදේ ඇදෙන ධීවරයන් මෙම රාක්ෂයන්ට මහත් බියකින් සිටියත්, ලූකාත් ලූකාගේ පවුලේ අයත් රාක්ෂයන් වන්නේ පෙනුමෙන් පමණයි. මේ හේතු නිසා දඩයමට ලක්වන බැවින් ලූකාට දිය මතුපිටට යාම තහනම් කරයි තිබෙන්නේ ලූකාගේ දෙමාපියන් විසින්. කුතුහලය විශාල වශයෙන් තිබුණත් දෙමාපියන්ගේ කීම නිසාත්, මිනිසුන්ට ඇති බිය නිසාත් ලූකා දිය මතුපිටට යන්නෙම නෑ. නමුත් දවසක ඔහුට හමුවෙන මූදු රාක්ෂ මිතුරෙක් නිසා ලූකා පෙලඹෙනවා මූද මතුපිටටත්, ඉන් නොනැවතී ගොඩබිමටත් යන්නට… එහිදී ඔහුටත් ඔහුගේ මිතුරාටත් හමුවෙනවා අපූරූ රෝද දෙකේ සිහිනයක්… ඉන් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්.
ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray සහ WEB පිටපත් සඳහා ගැලපේ.
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූතියි!
සබ් එකට බොහොම ස්තූතියි හසිත සහෝදරයා…ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක් ඔයාගෙ සබ් නිසා දැන් තවත් ආසාවෙන් බලන්න පුලුවන්:-)
man oka baluwa patta move eka..
film eka aragena thibba ..dan thama balanna haduwe
තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ
අවසානය නම් පොඩි දුකකුත් ආවා …කොහොම වුනත් ලස්සන ෆිල්ම් එකක් ..ආසාවෙන් රස වින්දා …මම වැඩියෙන්ම ආසා මේ එකේ පුසාට ..පුසා ටිකක් ජුලියා ගේ තාත්තා වාගෙමයි ..
ඔව්මයි, නේ? දමිත් කිව්වමයි මටත් තේරුණේ. උඩුරැවුලකුත් තියනව ඒ වගේම.
අදහස් දැක්වු, දක්වන සියලුම දෙනාට ස්තූතියි. ❤
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Peter Rabbit 2 avit hasita
පීටර් රැබිට් මාත් දැක්කා, මිතුන්. මම සබ් දෙන්න බලන්නම්.