Miss Peregrine’s Home For Perculiar Children (2016) Sinhala Subtitle

August 30, 2017 Expert Subtitler

සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.ඔන්න යාළුවනේ මම මගේ තුන්වන උපසිරැසිය නිර්මාණය ඔයාලා වෙනුවෙන් ගෙනාවා.මෙදා පාර ගෙනාවේ සුපිරිම සුපිරි වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්.ඉතින් ඒ ගැන කියන්න කලින් අදත් ස්තූතියි කරන්න ඕන කලින් නිර්මාණවලට සුබපැතුම් එක්කරපු හැමෝටම…

එහෙනම් කතාව පැත්තට හැරෙමු,

වෙනදා වගේම අදත් චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ.2016 තිරගත ආරම්භ කළ මේ චිත්‍රපටය Miss Peregrine’s Home For Perculiar Children නමින් තමා නම් කරලා තියෙන්නේ. Tim Burton කියන අධ්‍යක්ෂවරයා විසින් තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Fantasy, Drama ගණයට අයත් වුනත් මේ නිර්මාණය Adventure, Family කියන ගණයටත් අයිති වෙනවා.පැය 2යි විනාඩි 8ක කාලයක් ධාවනය වන මේ සිනමා නිර්මාණය IMDb 6.7ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන නළු නිළියන් මෙසේය…

Cast

  • Eva Green as Miss Peregrine.
  • Asa Butterfield as Jake.
  • Ella Purnell as Emma.
  • Samuel L. Jackson as Barron.
  • Judi Dench as Miss Avocet.
  • Allison Janney as Doctor Golan.
  • Terrence Stamp as Abe Portman.
  • Chris O’Dowd as Franklin Portman.
  • Lauren McCrostie as Olive.
  • Finaly MacMillan as Enoch.
  • Milo Parker as Hugh.
  • Pixie Davies as Bronwyn.
  • Georgia Pemberton as Fiona.
  • Cameron King as Millard.
  • Hayden Keeler-Stone as Horace.
  • Louis Davison as Victor.

Drama වර්ගයට අයිති චිත්‍රපට බලන්න කවුරුවත් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැනේ.මොකද ඒවා වැඩක් නැහැ කියලා හිතලා.නමුත් මේ නිර්මාණය ඊට හාත්පසින්ම වෙනස් එකක්.කම්මැලි කමක් නැතුව වයස් භේදයකින් තොරව රස විඳිය හැකි සුපිරි නිර්මාණයක්…

චිත්‍රපට කතාව පිළිබඳව හැදින්වීම,

මේ කතාවෙන් කියවෙන්නේ අමුත් හැකියාවන් තියෙන ළමා නිවාසයක් ගැන.ළමා නිවාසයක් කිව්වට ඒක එයාලට එයාලගේ ගෙදර වගේ.ඒක පාලනය කරන්නේ පෙරග්‍රයින් කියලා හරිම කරුණාවන්ත නෝනා කෙනෙක්. මේ එක් එක් ළමයට ආවේණිකව හැකියාවන් තියෙනවා. ඔයාලා ඒවා විශ්වාස කරන එකක් නැතුව යයි. ඇත්තටම මේ කතාව සුරංගනා කතාවක් කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේක එහෙම එකක් නෙමේ. ඊට එහා ගිය කතාවක් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඇත්තටම මම ලොකු කතාවක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ කතාව සෑහෙන දිගයි. මං කෙටියෙන් කියලා දැම්මොත් ඔයාලට මෙලෝ දෙයක් තේරෙන එකක් නැහැ. අන්තිමට මෙහෙම කියන්නම්කෝ. මේ කතාවේ හැටියට හොලොව්ස්ලා කියලා රාක්ෂයෝ ටිකක් ඉන්නවා. රාක්ෂයෝ කිව්වට අමුතු සත්තු ජාතියක්. එයාලා විශේෂ අයගේ ඇස් කනවා. කවුද මේ විශේෂ අය, එයාලා කොහොමද රාක්ෂයෝ බවට පත්වුණේ, එයාලට එරෙහිව නැඟී සිටින්නේ කවුද, ඇයි එයාලා විශේෂ අයගේ ඇස් කන්නේ, මේ සියළුම ප්‍රශ්නවලට පිළිතුරු මේ චිත්‍රපටයේ තියෙනවා. ඉතින් කතාව හරියට කිව්වේ නැහැ කියලා අමනාප වෙන්න එපා. මේ චිත්‍රපටය ඔයාලා මුල ඉදන්ම රස විඳින්න. එතකොට ඔයාලට තේරෙයි මේ කතාව කොහොමද කියලා. ඒවගේම comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක සුපිරිම නිර්මාණයක් සමගින් හම්බවෙමු. එතෙක් ඔබට ජයවේවා!!!

Spoiler Warning : When his beloved grandfather leaves Jake clues to a mystery that spans different worlds and times, he finds a magical place known as Miss Peregrine’s School for Peculiar Children. But the mystery and danger deepen as he gets to know the residents and learns about their special powers – and their terrifying enemies. Ultimately, Jake discovers that only his own special peculiarity can save his new friends. Based on the novel “Miss Peregrine’s Home For Peculiar Children,” written by Ransom Riggs…

BluRay පිටපත් සඳහා ගැලපේ

Available Torrents
3D bluray 1.94 GB
720p bluray 930.25 MB
1080p bluray 1.93 GB
2160p bluray 5.7 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (13)
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 Chrome 60

    Thanks මචං

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 6.1

      තෑන්ක්ස් අයියේ!!!

  • Gathsara Umesh Kumara User
    Windows 10 Chrome 60

    bohoom sthuthiyy..
    eth aye prn ew krnn epaa..ew wlata baiscopelk ekenuyi zoom ekenuy sub dila lankawe balan okml bla thiyeene..sub dila nthi ewa denne..aluth eawa denn..tv shows denn..meeta wada hoda parathichara oayata labewi..

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 6.1

      හරි සහෝ. අනිත් පාර අලුත් ඒවාවලට සබ් දෙන්නම්.

  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4 Facebook App 49

    නියමයි සහෝ..සුපිරි වැඩක්..
    ඒ වගේම සබ් එකට ගොඩාක්
    ස්තූතියි…??????

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 UC Browser 6.1

      තෑන්ක්ස් යාළු..🤡🤡🤡

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    සබට ස්තුතියි සහෝදරයා….

  • Nidarshani Weerakoon User
    Android 10 Chrome 86

    ssubtitle anna

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search