Nenjirukkum Varai (2006) Sinhala Subtitle
2006-2008 කාලේදී ටීවී එකේ ගියපු ..ට්වි එක ඉස්සරහා මම කදුළු පෙරාගෙන අඩාපු චිත්‍රපටයක් ..මේක ට්වි එකේ ගියාට පස්සේ මම මේක හැමතැනම හෙව්වා ..එත් හොයා ගන්න බැරි උනා .මොකද මේකේ නම මට මතක නැති නිසා ..
subz.lk එකට කලින් මාගේ chat වෙබ් අඩවියක් තිබ්බා ..එකේදී මට ඉන්දියන් යාලුවෙක් හම්බ උනා ..එයාට සම්පුර්ණ කතාව කියන්න කලින්ම එයා මට ෆිල්ම් එකේ නම එක පාරින්ම කිව්වා ..කොහොමහරි මේකට සබ් කරන එක සැහෙන්න අමාරු උනා ..මොකද කිව්වොත් මේකට කොහෙවත් ටොරෙන්ට් වත් ඩිරෙක්ට් වත් පිටපතක් හොයා ගන්න බැරි උනා ..කොටින්ම කිව්වොත් මේ චිත්‍රපටය IMDB එකේ වත් නැහැ ..කොහොමහරි පිටපතක් හොයා ගත්තේ මම youtube එකෙන් ..මේ ෆිල්ම් එකේ එන dead scene එක youtube එකේ ඉතාමාත් ජනප්‍රියයි ..ඒ වාගේම kadhaliye සින්දුවත් …එතින් youtube පිටපතකට හඩ අහලයි ..සබ් එක කරේ …ඒ නිසා මම දීලා තියෙන පිටපත විතරක් ගන්න
මම මේක කරේ ආදරවන්තයන්ට .කොහොමහරි පෙබරවාරි 14 දෙන්න හිටියත් ..දෙන්න බැරි උනා ..ඊට පස්සේ දෙන්න ගියාම ..මාගේ isp ලාගේ හොද කමට ඔන්න අද තමා දෙන්න උනේ ..මාගේ පලවෙනි ටැමිල් උපසිරැස ..
Nenjirukkum Varai ♥ හුස්ම වැටේනා තුරු ♥
ගනේෂන් (කතාවේ කොල්ලා )කියන්නේ සාමාන්‍ය 3 විල් රියදුරෙක් …දවසක් එයාගේ 3 විල් එකට කැම්පස් යන කෙල්ලෙකුයි කොල්ලෙකුයි නගිනවා ..රූම් එකට යන්න වෙලාව නැති නිසා පාර අයිනේ 3 විල් එක නතර කරන්න කියනවා ..එතින් ගනේෂන් ට තරහ යනවා …එයාගේ විල් එක එයාලා රුම් එකක් කර ගන්න හැදුවාට ..එතින් ගනේෂන් කොල්ලාට සිහි නැති වෙන්වන්නම ගහනවා
..කෙල්ල මාරු වෙනවා …එතින් ගනේෂන්ට දුක හිතිලා කොල්ලාව හොස්පිටල් එකට ගෙනි යන්න හදනවා ..එකේදී ගනේෂන්ට ලිෆ්ට් එකක් දෙන්නේ
බුවානා (කතාවේ කෙල්ල )..එතනින් පස්සේ අපහු පාරක් ගනේෂන් ට බුවානා ව හම්බ වෙනවා ..එකෙන් පස්සේ බුවනා ට ගනේෂන් ගැන ආදරයක් ඇති වෙනවා ..
බුවනා ගනේෂන් ව 4න් එකෙන් බයිට් කරනවා ..පස්සේ එක පාරටම ගනේෂන් ට කැමති කියලා …බුවනා කියනවා ..ඒ වාගේම බුවනා කියනවා එයාගේ තාත්තා
ලොකු ව්‍යාපාරිකයෙක් කියලා ..ගනේෂන් කැමති වෙලා හිටියාත් බුවනා ගේ තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක් කියපු අකමැති වෙනවා …අකමැති කියලා බුවනාගේ මුණට නොකියපු නිසා බුවනාගේ යාලුවෝ ටික ගනේෂන් ව පැහැර ගෙන ඇවිත් අහනවා ..ඇයි අකමැති කියලා ..ගනේෂන් කියනවා ..ආර්ථික තත්වේ වෙනස් කියලා ..ඒ වගේම ගනේෂන් තව කියනවා ..සැප ජිවිතේ ඇත හැරලා එක දවසක් ඇවිත් ගෙදර ඉන්න පුළුවන් ද කියලා ..බැහැ නේද කියලා ..ඒ නිසා මේක හිතින් අතහැර ගන්න කියලා ගනේෂන් ගෙදර එනවා ..එත් ගනේෂන් එහෙම කිව්වාට හිතට දුකක් එනවා ..මේ අතරේදී බුවනා ගනේෂන් ගේ කතාව ඇහුවට පස්සේ ගෙදර එනවා .(.එයාට ඉන්නේ තාත්තා විතරයි)..බුවනා ගේ තාත්තා එක්ක කතා කරන්න හැදුවාට එයා කතා කරන්නේ නැහැ..මොකද එයා ඉන්නේ ව්‍යාපාරික ගනුදෙනුවක නිසා ..එයා හැම වෙලාවේම ඉන්නේ ඒ වාගේ කතාවක ..බුවනා වෙනුවෙන් වෙලාවක් එයාට කවදාවත් තිබ්බේ නැහැ ..ඉතින් බුවනා එයාගේ ගෙදර අතහැරලා ..ගනේෂන් ගේ ගෙදර එනවා..ඒ එන්නේ ගනේෂන් ව විතරක් නෙවෙයි ..ගනේෂන් ගේ ගෙදර අයවත් විශ්වාස කරලා ..ඇත්තටම ගනේෂන් ගේ ගෙදර ලස්සන කුරුළු කුඩුවක් …පහු වෙනිදා බුවනා ගෙදර නැහැ කියලා දෑන ගත්තාම බුවනා ගේ තාත්තා ට තරහා ගිහින් බුවනාව හොයන් ගනේෂන් ගේ ගෙදර එනවා ..ගනේෂන් ව සල්ලි වලට නම්ම ගන්න හැදුවත් බුවනා ගේ තාත්තාට බැරි වෙනවා ..අවසානෙදි බුවනා ගේ තාත්තා
බුවනාට කියනවා ..ඔයා මට මැරුණා වාගේ කියලා ….බුවනාගේ හා ගනේෂන් ගේ ආදරය මෙහෙම දිගට ගලා යනවා .ගනේෂන් ගේ ගෙදර අය ගනේෂන් ටත් වඩා බුවනාට ආදරය කරනවා ..බුවනා ලොරියක වැදිලා අනතුරට පත් වෙනවා .. ගනේෂන් එයාව ලගම තියෙන ප්‍රුද්ගලික හොස්පිටල් එකට ගෙනියනවා .. ගනේෂන්ට බුවනාගේ මුල් පතිකාර වෙනුවෙන් වත් අතේ සල්ලි නැහැ ..එතින් එයා බුවනාගේ වළලු විකුණලා තමයි ..මුල් පතිකාර වලට සල්ලි හොයා ගන්නේ
..හොස්පිටල් එකේ MD(පාලන අධ්‍යක්ෂක) වගේම බුවනාගේ ඩොක්ටර් කියනවා බුවනාට අමාරුයි ..එයාගේ හදවත දුර්වල වෙලා කියලා ..එයා මැරෙන්න උනත් ඉඩ තියෙනවා කියලා එතින් එයාව අරන් රජයේ හොස්පිටල් එකට යන්න කියනවා ..
කොහොමහරි ගනේෂන් බුවනාව රජයේ හොස්පිටල් එකට අරන් යන්නේ නැහැ ..මොකද හොදම ඩොක්ටර් ඉන්නේ ඒ හොස්පිටල් එකේ කියලා එයා හිතපු නිසා ..පස්සේ බුවනාට හදවතක් බද්ද කරන්න ඔපරේෂන් එකට ලක්ෂ 15 ක මුදලක් ඕන වෙනවා ..එකට සල්ලි හොයන්න බුවනා ගේ තාත්තා ගේ තාත්තා ගාවට ගිහින්.මම බුවනාව අතරින්නම්..බුවනාව බෙර ගන්න කියලා ..කකුල් දෙක ගාව වැටුනත් එයා සල්ලි දෙන්නේ නැහැ ..ගනේෂන් එයාගේ ගෙදර බඩු ,3 විල් එක ,ගනේෂන් ගේ යාළුවො දීපු සල්ලි ඔක්කොම එකතු කරත් එයාට මුල් ලක්ෂ 10 ක මුදල හොයා ගන්න බැරි වෙනවා ..එතින් එයා ගාව තියෙන සල්ලි එක්ක හොස්පිටල් එකේ කවුන්ටර් එකට ගිහින් සල්ලි දෙන්න හැදුවත් කවුන්ටර් එකෙන් සල්ලි ගන්නේ ගන්නේ නැහැ මුළු මුදල නැති නිසා ඊට පස්සේ
ගනේෂන් හොස්පිටල් එකේ MD හම්බ වෙන්න ගියාට පස්සේ හොස්පිටල් එකේ MD සල්ලි ගන්නේ නැහැ ..ඔක්කොම සල්ලි අරන් එන්න කියනවා ..එකෙන් ඇති වෙන ගැටුම නිසා ගනේෂන් ව පොලිසියෙන් තැනකට අරන් ගිහින් හොදටම ගහනවා ..ඊට පස්සේ ගානේෂන්ට කෝල් එකක් එනවා එයාගේ අම්මාගෙන් ඒ හොස්පිටල් එකෙන් බුවනා ගෙනියන්න කිව්වා කියලා ..මොනවා හරි කරලා මාගේ දුව ව බේරලා දෙන්න කියලා ගානේෂන්ගේ අම්මා ..ගනේෂන්ට කියනවා ..එකෙන් පස්සේ ගනේෂන් මොනවා කරාවිද ? ඔයා ච්ත්‍රපටය අවසානේ එක එක නිගමන වලටඒවි ..ඒ නිසා මතක් කරනවා මේ දේවල් ටික ..තමන් ව විෂවාශ කරලා ..තමන්ගේ දේවල් කැප කරලා ..ඇවිත් ආපු කෙනෙක් ට මොනවා හරි උනොත් ඔයා මොනවද කරන්නේ ?
obage unanduwa ha kepawima dekkama godak sathutuo saho
තෑන්ක් මචන්
ලිපිය නම් සුපිරි එකෙත් සුපිරි එකක්. සෑහෙන විස්තරයක් තියෙනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැයට දමිත් සහෝ.ජයෙන් ජයම වේවා!
තෑන්ක් මචන්
මන් මෙ ටැමිල් මුවි එක ඩිවිඩී තැටියට බලළ තියෙනව .ලව් ස්ටොරි අතින් රියලි ලව් ස්ටොරි එකක් මෙක.සුපිරි ෆිලුමක්. සබ් නැතුවත් මේක ඩිවිඩී අරම් ආව 2011වගේ. කොහොම හරි උපසිරැසියට ස්තුතියි සහෝ.සබ් එක මොන රිප් වලටද ඔයා ලියල තියෙන්නෙ .එ ගැන පොඩ්ඩක්සදහන් කරන්න ඩව්න්ලොර්ඩ් කරගන්න
මචන් මේක දීලා තියෙන්නේ dvd රිප් එකට ..එක තමයි ..මේකේ final rip එක ..මම link එක දාලා තියෙන්නේ ..මම ගත්ත එක …එක තමයි ..එකම rip එක .
720p nadda??
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??
thank you..suminda bro !!
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
Korean tv serie ake sub tikath ekmanata dennako
දීලා තියෙන්නේ bro
SUb එකට බොහොම ස්තුතීයි සහෝ.?
thanks bro lassan filme akak balan hitiya anakam
Supire bro මම මෙක ගොඩක් හෙව්වා. Thanks bro.
Ela bro hoya hoya idapu filmes akak fatta…. Thanks….
අනිවා මචන් ..
සුපිරි ෆිල්ම් එක මචන් …තව පරණ ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්න …ජය වේවා
තෑන්ක් මචන්
Thanks bro……….patta