New Fist of Fury (1976) Sinhala Subtitle

January 24, 2021 Admin
Subtitle by Rasika Samanjith
නැගී එන මකරා

                   සබ් එල්කේ සමග එකතුවී සිටින ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් අද ඉදිරිපත් කරන්නේ ජැකීගේ සිනමා ගමන් මගේ තවත් වැදගත් චිත්‍රපටයක්. ඔහුගේ සාර්ථක සිනමා චාරිකාවට අඩිතාලම දමා දුන් ඉතා පැරණි සිනමා පටයක්. ඒ තමයි 1976 ජුලි 08 දින හොංකොංහීදී ප්‍රදර්ශනය ආරම්භ කල “New Fist of Fury“. නම ටිකක් හුරුපුරුදුයි නේද? ඔව්. මේක නිර්මාණය වුනේ 1972 වසරේ තිරගත වුනු Bruce Lee ගේ Fist of Fury චිත්‍රපටයේ දෙවන කොටස හැටියට. ඒ චිත්‍රපටයෙන් අවුරුදු හතරකට පස්සෙ. ඒ කියන්නෙ බෘස්ලිගෙ මරණයෙන් අවුරුදු තුනකට පස්සෙ. ඒ චිත්‍රපටයේ ස්ටන්ට්මෑන් කෙනෙක් ලෙස කටයුතු කරමින්, බෘස්ගේ සටන් පාසලේ ශිෂ්‍යයෙක් හැටියට ඉතාමත්ම සුලු චරිතයක් (හරියකට හොයා ගන්නත් බෑ) රඟපෑ ජැකී චෑන් ගැටවරයා, ඉන් වසර හතරකට පසු, හොංකොං සිනමාවේ ඒ අති දැවැන්තයාගේ චෙන් ෂෙන් චරිතයේ සෙවනැල්ල ඉදිරියට ගෙන යන ප්‍රධාන භූමිකාවට පණ පොවන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති.


Fist of Fury [1972] අධ්‍යක්ෂනය කල, හොංකොං සිනමාවෙ පතාක යෝධයෙක් වන Lo Wei ට අවශ්‍ය වෙනවා බෘස්ගේ මරණයෙන් ටික කලකට පසු අලුත් බෘස්ලී කෙනෙක් සිනමාවට බිහි කරන්න. ඒ වෙනකොට ජැකී ප්‍රධාන චරිතයක් කරල තිබ්බෙ Little Tiger of Canton [1973] චිත්‍රපටයෙ විතරයි. එච්චර ජනප්‍රිය එකක් නෙමේ. හොංකොං වල ඉතා සීමිත තිරගත කිරීමක් තමයි කරල තියෙන්නෙ. නමුත් Bruce Lee ගේ Fist of Fury සහ Enter the Dragon චිත්‍රපටවල ජැකීගේ ස්ටන්ට් දැකල තිබ්බ Lo Wei, 1976 වසරේ තිරගත වූ John Woo ගේ Hands of Death චිත්‍රපටයේ ජැකී පෙන්වූ හපන්කමුත් දැකලා තීරණය කරනවා, මේ නව පරපුරේ දස්කම් පෙන්නන ගැටයව ඊළඟ බෘස් ලී බවට පත් කරන්න. ඒ නිසා මේ සිනමාපටයට ජැකීගේ ආවේණික ලකුණ වන කොමඩි මේ චිත්‍රපටයට ඇතුලත් කරලා නෑ. සටන් හැකියාව විතරයි. අනෙක මේකෙ පරිණත ජැකී චෑන් කෙනෙක් අපි දකින්නෙ නෑ. මාෂල් ආර්ට් උණක් තියෙන කොලු ගැටයෙක් තමයි ඉන්නෙ. අනෙක් කරුණ මුලු හොංකොං සිනමාවම උඩු යටිකුරු කරමින්, මාෂල් ආට් කොමඩි රැල්ලක් බිහිවුනේ 1978 වසරේ ජැකීගේ Snake in the Eagle’s Shadow චිත්‍රපටයත් සමගයි. ජැකීගේ ජයග්‍රාහී සිනමා ගමන් මගේ පළමු මල්ටි බැරල් එක ඒක තමයි.( ඒ සුපර් හිට් එක තාමත් නොබලපු කෙනෙක් ඉන්නවනම් සිංහල උපසිරැසි එක්ක මෙතනින් අරන් බලන්න.) නැගෙනහිර ආසියාවේ දැනටත් ජැකීව හඳුන්වන්නෙ Sing Lung, එහෙම නැත්නම් Cheng Long කියලා. “Becoming a Dragon ( මකරෙක් බවට පත්වීම)” යන්න ඒකෙ තේරුමයි. ඒ සිනමා නාමය ජැකීට මුලින්ම යොදන්නෙත් මේ චිත්‍රපටයෙ. ඒකට හේතුව තමයි බෘස්ලීට කිට්ටු වීම. මොකද බෘස්ව හඳුන්වන්නෙ “Little Dragon (පුංචි මකරා) කියලනෙ. නමුත් Lo Wei හිතපු තරම් වාණිජමය සාර්ථකත්වයක් නම් මේ චිත්‍රපටයට ලබාගන්න බැරිවෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව හැටියට සැලකෙන්නෙ අද්විතීය සටන් නලු බෘස්ලීගේ ස්ටයිල් එකට කිට්ටුවෙන්න ජැකීට නොහැකි වීමයි. කෙසේ වෙතත් බොක්ස් ඔෆීස් ආදායමක් ලබා ගන්නට “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” සමත්වෙලා තියෙනවා. හොංකොං වලදී ඇ.ඩො. 93,222 ක්ද, 1988 වසරේ දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කරමින් ඇ.ඩො. 62,455 ක්ද ලෙසින් ඒ දෙකෙන්ම ඇ.ඩො. 155,677 ක් උපයාගෙන තියෙනවා. එය දැන් වටිනාකම අනුව දල වශයෙන් ඇ.ඩො. 700,000 ක් පමණ වෙනවා. මුල් චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතය රඟපෑ Nora Miao මේකෙත් ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. දන්නවනෙ බෘස්ලීගෙ චිත්‍රපට හතරෙන් තුනකම රඟපාන්න වාසනාව ලබපු කෙනා. චිත්‍රපටය මුලදීම පෙනී සිටින ෂැංහයි ඉන්ස්පෙක්ටර්ගෙ චරිතයට පණ පොවන්නෙ මෙහි අධ්‍යක්ෂක Lo Wei ම තමයි. ධාවන කාලය විනාඩි 120 යි.

Cast
Jackie Chan    : චෙන්ග් ලොන්ග්
Nora Miao       : මිස් ලී
Chan Sing        : ඔකිමුරා
Cheng Siu-siu     : ඔකිමුරාගෙ දියණිය
Han Ying-chieh  : මාස්ටර් හං

චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම් ඒක පටන්ගන්නෙ මුල් චිත්‍රපටයෙ අවසානයෙන්. ඔයාලට මතක ඇතිනෙ ඒකෙ අන්තිමට බෘස්ලී සටන් පාසලෙන් එලියට එනකොට ඔහු දිහාට තුවක්කු පිස්තෝල ගණනාවක් එල්ලවෙලා තියෙනවා. ඔහු දුවන් ඇවිත් උඩ පනිනකොට වෙඩි හඬවල් ඇහෙනවා. ඒකෙන් තමයි අපිට හිතාගන්න පුලුවන් ඔහු ජීවිතේ පරිත්‍යාග කල බව. මේක පටන් ගන්නකොට පාසලේ ඔක්කොම අය මරාදාලා. ජීවිතේ බේරිලා තියෙන්නෙ මිස් ලී සහ තව දෙන්නෙක්ගෙ විතරයි. ඉන්ස්පෙක්ටර් ලෝ තමයි එයාලව හංගලා තියලා කෑම එහෙම ගෙනත් දෙන්නෙ. පහුවදා පාන්දරම එයාලව ෂැංහයි වලින් පිට කරනවා. එයාල එන්නෙ තායිවානයට. මොකද මිස් ලීගෙ එකම නෑදෑයා වන එයාගෙ සීයා ඉන්නෙ එහෙ. එහෙත් ජපන් පාලනයක් තියෙන්නෙ. සටන් පාසලක් කරගෙන යන ඔකිමුරා එහෙ හිතේ හැටියට මැරකම් කරනවා. මිස් ලී තායිවාන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කරනවා. මෙහෙ තව ලෝක හොරෙක් ඉන්නවා. දුප්පත් අනාථ කොල්ලෙක් වන ලොන්ග්. සටන් නම් බෑ. හිත නම් හයියයි. කටටත් බ්‍රේක් නෑ. ඒ හින්දා හැම තැනම ගුටි කනවා. සටන් ඉගෙනගන්න කැමතිම නෑ. නමුත් ජපනුන්ගෙ අවිචාර පාලනය රුස්සන්නෙ නැති නිසා ඔහුත් මිස් ලීගෙ සටන් පාසලට එකතු වෙනවා. ඉතින් මන් තව සැරයක් කියන්නම්, ජැකී චෑන් සළකුණ වන කොමඩි නම් බලාපොරොත්තු වෙන්න එපා. ජය වේවා.

♣♣ BRRip / 720p / 1080p ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p bluray 1.08 GB
1080p bluray 2 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (9)
  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

    • Rajitha Unregistered
      Android 9 Chrome 87

      Thanks jayawewa…..!

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73

      දිරි ගැන්වීමට ස්තූතියි.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 88

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73

      කමෙන්ට් එකට ස්තූතියි.

  • Shamal Manojan User
    Android 7 Chrome 87

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජැකී චෑන් වගේම ජෙට් ලී ගේ සිනමා කෘති වලටද උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි. ඔබ මින් පෙර jet le ගේ The Master 1992 චිත්‍රපටය ට උපසිරැසි ලබාදුන්නා. තවත් දෙන මෙන් ඉල්ලමි.

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 73

      එහෙනම් ඊළඟ එක ඔයාගෙ ඉල්ලීම වේවි.

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ජෑකිගේ පට්ට රසිකයෙක් මං
    ගොඩක් ස්තූති සබ් එකට
    පරණ ඒවටම සබ් දෙන්න

  • Rasika Samanjith Admin
    Windows 7 Opera 73

    ඉඩ ලැබෙන හැටියට කරමු. ස්තූතියි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search