මදක් ඉවසන්න
Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 3
    • Chinese Movies 39
    • Denmark Movies 4
    • English Movies 447
    • French Movies 11
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 18
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

FB Group

Subz.LK

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න

Today Top 10

Dragon Lord (1982) Sinhala SubtitleGodzilla vs. Kong (2021) Sinhala SubtitleHarry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala SubtitleThe Falcon and the Winter Soldier (2021) [S01 : E04] Sinhala SubtitleZack Snyder’s Justice League (2021) Sinhala SubtitleBoss Level (2021) Sinhala SubtitleThe Good Doctor (2017) [S01 : E05] Sinhala SubtitleCherry (2021) Sinhala SubtitleCrisis (2021) Sinhala SubtitleFifty Shades Freed (2018) Sinhala Subtitle

ads

Movies Chinese Movies New Fist of Fury (1976) Sinhala Subtitle
New Fist of Fury (1976) Sinhala Subtitle
MOVIE

Rasika Samanjith 3 months ago Action, Drama

නැගී එන මකරා

                   සබ් එල්කේ සමග එකතුවී සිටින ජැකී චෑන් රසිකයන් වෙනුවෙන් අද ඉදිරිපත් කරන්නේ ජැකීගේ සිනමා ගමන් මගේ තවත් වැදගත් චිත්‍රපටයක්. ඔහුගේ සාර්ථක සිනමා චාරිකාවට අඩිතාලම දමා දුන් ඉතා පැරණි සිනමා පටයක්. ඒ තමයි 1976 ජුලි 08 දින හොංකොංහීදී ප්‍රදර්ශනය ආරම්භ කල “New Fist of Fury“. නම ටිකක් හුරුපුරුදුයි නේද? ඔව්. මේක නිර්මාණය වුනේ 1972 වසරේ තිරගත වුනු Bruce Lee ගේ Fist of Fury චිත්‍රපටයේ දෙවන කොටස හැටියට. ඒ චිත්‍රපටයෙන් අවුරුදු හතරකට පස්සෙ. ඒ කියන්නෙ බෘස්ලිගෙ මරණයෙන් අවුරුදු තුනකට පස්සෙ. ඒ චිත්‍රපටයේ ස්ටන්ට්මෑන් කෙනෙක් ලෙස කටයුතු කරමින්, බෘස්ගේ සටන් පාසලේ ශිෂ්‍යයෙක් හැටියට ඉතාමත්ම සුලු චරිතයක් (හරියකට හොයා ගන්නත් බෑ) රඟපෑ ජැකී චෑන් ගැටවරයා, ඉන් වසර හතරකට පසු, හොංකොං සිනමාවේ ඒ අති දැවැන්තයාගේ චෙන් ෂෙන් චරිතයේ සෙවනැල්ල ඉදිරියට ගෙන යන ප්‍රධාන භූමිකාවට පණ පොවන්න ලැබෙයි කියලා හීනෙන්වත් හිතන්නෙ නැතුව ඇති.


Fist of Fury [1972] අධ්‍යක්ෂනය කල, හොංකොං සිනමාවෙ පතාක යෝධයෙක් වන Lo Wei ට අවශ්‍ය වෙනවා බෘස්ගේ මරණයෙන් ටික කලකට පසු අලුත් බෘස්ලී කෙනෙක් සිනමාවට බිහි කරන්න. ඒ වෙනකොට ජැකී ප්‍රධාන චරිතයක් කරල තිබ්බෙ Little Tiger of Canton [1973] චිත්‍රපටයෙ විතරයි. එච්චර ජනප්‍රිය එකක් නෙමේ. හොංකොං වල ඉතා සීමිත තිරගත කිරීමක් තමයි කරල තියෙන්නෙ. නමුත් Bruce Lee ගේ Fist of Fury සහ Enter the Dragon චිත්‍රපටවල ජැකීගේ ස්ටන්ට් දැකල තිබ්බ Lo Wei, 1976 වසරේ තිරගත වූ John Woo ගේ Hands of Death චිත්‍රපටයේ ජැකී පෙන්වූ හපන්කමුත් දැකලා තීරණය කරනවා, මේ නව පරපුරේ දස්කම් පෙන්නන ගැටයව ඊළඟ බෘස් ලී බවට පත් කරන්න. ඒ නිසා මේ සිනමාපටයට ජැකීගේ ආවේණික ලකුණ වන කොමඩි මේ චිත්‍රපටයට ඇතුලත් කරලා නෑ. සටන් හැකියාව විතරයි. අනෙක මේකෙ පරිණත ජැකී චෑන් කෙනෙක් අපි දකින්නෙ නෑ. මාෂල් ආර්ට් උණක් තියෙන කොලු ගැටයෙක් තමයි ඉන්නෙ. අනෙක් කරුණ මුලු හොංකොං සිනමාවම උඩු යටිකුරු කරමින්, මාෂල් ආට් කොමඩි රැල්ලක් බිහිවුනේ 1978 වසරේ ජැකීගේ Snake in the Eagle’s Shadow චිත්‍රපටයත් සමගයි. ජැකීගේ ජයග්‍රාහී සිනමා ගමන් මගේ පළමු මල්ටි බැරල් එක ඒක තමයි.( ඒ සුපර් හිට් එක තාමත් නොබලපු කෙනෙක් ඉන්නවනම් සිංහල උපසිරැසි එක්ක මෙතනින් අරන් බලන්න.) නැගෙනහිර ආසියාවේ දැනටත් ජැකීව හඳුන්වන්නෙ Sing Lung, එහෙම නැත්නම් Cheng Long කියලා. “Becoming a Dragon ( මකරෙක් බවට පත්වීම)” යන්න ඒකෙ තේරුමයි. ඒ සිනමා නාමය ජැකීට මුලින්ම යොදන්නෙත් මේ චිත්‍රපටයෙ. ඒකට හේතුව තමයි බෘස්ලීට කිට්ටු වීම. මොකද බෘස්ව හඳුන්වන්නෙ “Little Dragon (පුංචි මකරා) කියලනෙ. නමුත් Lo Wei හිතපු තරම් වාණිජමය සාර්ථකත්වයක් නම් මේ චිත්‍රපටයට ලබාගන්න බැරිවෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව හැටියට සැලකෙන්නෙ අද්විතීය සටන් නලු බෘස්ලීගේ ස්ටයිල් එකට කිට්ටුවෙන්න ජැකීට නොහැකි වීමයි. කෙසේ වෙතත් බොක්ස් ඔෆීස් ආදායමක් ලබා ගන්නට “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” සමත්වෙලා තියෙනවා. හොංකොං වලදී ඇ.ඩො. 93,222 ක්ද, 1988 වසරේ දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කරමින් ඇ.ඩො. 62,455 ක්ද ලෙසින් ඒ දෙකෙන්ම ඇ.ඩො. 155,677 ක් උපයාගෙන තියෙනවා. එය දැන් වටිනාකම අනුව දල වශයෙන් ඇ.ඩො. 700,000 ක් පමණ වෙනවා. මුල් චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතය රඟපෑ Nora Miao මේකෙත් ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. දන්නවනෙ බෘස්ලීගෙ චිත්‍රපට හතරෙන් තුනකම රඟපාන්න වාසනාව ලබපු කෙනා. චිත්‍රපටය මුලදීම පෙනී සිටින ෂැංහයි ඉන්ස්පෙක්ටර්ගෙ චරිතයට පණ පොවන්නෙ මෙහි අධ්‍යක්ෂක Lo Wei ම තමයි. ධාවන කාලය විනාඩි 120 යි.

Cast
Jackie Chan    : චෙන්ග් ලොන්ග්
Nora Miao       : මිස් ලී
Chan Sing        : ඔකිමුරා
Cheng Siu-siu     : ඔකිමුරාගෙ දියණිය
Han Ying-chieh  : මාස්ටර් හං

චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම් ඒක පටන්ගන්නෙ මුල් චිත්‍රපටයෙ අවසානයෙන්. ඔයාලට මතක ඇතිනෙ ඒකෙ අන්තිමට බෘස්ලී සටන් පාසලෙන් එලියට එනකොට ඔහු දිහාට තුවක්කු පිස්තෝල ගණනාවක් එල්ලවෙලා තියෙනවා. ඔහු දුවන් ඇවිත් උඩ පනිනකොට වෙඩි හඬවල් ඇහෙනවා. ඒකෙන් තමයි අපිට හිතාගන්න පුලුවන් ඔහු ජීවිතේ පරිත්‍යාග කල බව. මේක පටන් ගන්නකොට පාසලේ ඔක්කොම අය මරාදාලා. ජීවිතේ බේරිලා තියෙන්නෙ මිස් ලී සහ තව දෙන්නෙක්ගෙ විතරයි. ඉන්ස්පෙක්ටර් ලෝ තමයි එයාලව හංගලා තියලා කෑම එහෙම ගෙනත් දෙන්නෙ. පහුවදා පාන්දරම එයාලව ෂැංහයි වලින් පිට කරනවා. එයාල එන්නෙ තායිවානයට. මොකද මිස් ලීගෙ එකම නෑදෑයා වන එයාගෙ සීයා ඉන්නෙ එහෙ. එහෙත් ජපන් පාලනයක් තියෙන්නෙ. සටන් පාසලක් කරගෙන යන ඔකිමුරා එහෙ හිතේ හැටියට මැරකම් කරනවා. මිස් ලී තායිවාන් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කරනවා. මෙහෙ තව ලෝක හොරෙක් ඉන්නවා. දුප්පත් අනාථ කොල්ලෙක් වන ලොන්ග්. සටන් නම් බෑ. හිත නම් හයියයි. කටටත් බ්‍රේක් නෑ. ඒ හින්දා හැම තැනම ගුටි කනවා. සටන් ඉගෙනගන්න කැමතිම නෑ. නමුත් ජපනුන්ගෙ අවිචාර පාලනය රුස්සන්නෙ නැති නිසා ඔහුත් මිස් ලීගෙ සටන් පාසලට එකතු වෙනවා. ඉතින් මන් තව සැරයක් කියන්නම්, ජැකී චෑන් සළකුණ වන කොමඩි නම් බලාපොරොත්තු වෙන්න එපා. ජය වේවා.

♣♣ BRRip / 720p / 1080p ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.



Year : 1976

Rating : 5.6

Genre : action,drama

Actors : Jackie Chan,Nora Miao,Sing Chen,Chung-Kuei Chang

Writer : N/A

Director : Wei Lo

Plot :

Directed by Wei Lo. With Jackie Chan, Nora Miao, Sing Chen, Chung-Kuei Chang. A young man sets out to avenge his grandfather's death and prove his martial arts mastery.


BRRip සඳහා වේ

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 128 Views




සිංහල උපසිරැස Download කරගන්න 479 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Rasika Samanjith
5.6
IMDB
80%
User Rating



Watch More

Nomadland (2021) Sinhala Subtitle

Motherless Brooklyn (2019) Sinhala Subtitle

A Dark Place (2018) Sinhala Subtitle

Renegades (2017) Sinhala Subtitle

Riddick (2013) Sinhala Subtitle

Honest Thief (2020) Sinhala Subtitle

OtherLife (2017) Sinhala Subtitle

Fantastic Four: Rise of the Silver Surfer (2007) Sinhala Subtitle

Max Steel (2016) Sinhala Subtitle

‹ ›

  1. Supun Kaushalya Unregistered User January 25, 2021 at 1:36 am

    තෑන්ක්ස් සහෝ


    Reply
    • Rajitha Unregistered User January 25, 2021 at 7:01 am

      Thanks jayawewa…..!


      Reply
    • Rasika Samanjith Moderator January 25, 2021 at 11:34 pm

      දිරි ගැන්වීමට ස්තූතියි.


      Reply
  2. Kantha_DLA Unregistered User January 25, 2021 at 6:48 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!


    Reply
    • Rasika Samanjith Moderator January 25, 2021 at 11:35 pm

      කමෙන්ට් එකට ස්තූතියි.


      Reply
  3. Shamal Manojan New User January 25, 2021 at 7:34 am

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජැකී චෑන් වගේම ජෙට් ලී ගේ සිනමා කෘති වලටද උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි. ඔබ මින් පෙර jet le ගේ The Master 1992 චිත්‍රපටය ට උපසිරැසි ලබාදුන්නා. තවත් දෙන මෙන් ඉල්ලමි.


    Reply
    • Rasika Samanjith Moderator January 25, 2021 at 11:38 pm

      එහෙනම් ඊළඟ එක ඔයාගෙ ඉල්ලීම වේවි.


      Reply
  4. Chaminda Lakruwan Unregistered User January 25, 2021 at 7:52 pm

    ජෑකිගේ පට්ට රසිකයෙක් මං
    ගොඩක් ස්තූති සබ් එකට
    පරණ ඒවටම සබ් දෙන්න


    Reply
  5. Rasika Samanjith Moderator January 25, 2021 at 11:40 pm

    ඉඩ ලැබෙන හැටියට කරමු. ස්තූතියි.


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google
  • කිසිම විටක උපසිරැස් කරුට හෝ වෙබ් අඩවියට අපහාස නොවන ආකාරයට ඔබගේ අදහස (comment) එකතු කිරීමට කාරුණික වන්න ..
  • යම් දෝෂයක් ඇත්නම් එය සැකවින් පල කරන්න .(හැකි ඉක්මනින් අප එය නිවැරදි කිරීමට උත්සහා කරමු )

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
News Of The World (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Soul (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Wonder Woman 1984 (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
තව බලන්න

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Replicas (2018) Sinhala Subtitle 2936 Inuka Wijerathna
Sentinelle (2021) Sinhala Subtitle 2172 Rasika Samanjith
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle 908 Hasitha Prasad
The Falcon and the Winter Soldier (2021) [S01 : E02] Sinhala Subtitle 872 දමිත් ප්‍රියංකර
Cherry (2021) Sinhala Subtitle 535 Hasitha Prasad
The Winter Lake (2021) Sinhala Subtitle 433 Rasika Samanjith
Raya and the Last Dragon (2021) Sinhala Subtitle 430 Hasitha Prasad
The Martian (2015) Sinhala Subtitle 267 Hasitha Prasad
Your Honor (2020) [S01 : E06] Sinhala Subtitle 231 K.A Raveen
Your Honor (2020) [S01 : E08] Sinhala Subtitle 223 K.A Raveen
තව බලන්න

ads

information

  • Software
  • අපි ගැන

Security & privacy

  • Terms Of Use
  • Privacy Policy
  • DMCA

introduction

Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

Copyright © 2015-2021 / Subz.LK