Ozark (2017) [S04 : E02] Sinhala Subtitle
නවාරෝට අවශ්‍යයි FBI එක සමඟ එකඟතාවයකට ඇවිත් නිදහස් වෙන්න. ඒ වෙනුවෙන් ඔහු මාටි සහ වෙන්ඩිට බලපෑම් කරනවා. නමුත් FBI එක මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට නීතිමය සමාවක් ලබා දීම ඉතාමත් සංකීර්ණ දෙයක්. මේ නිසා මාටි සහ වෙන්ඩි FBI නියෝජිත මායා මිලර්ව (Maya Miller) මේ ගනුදෙනුවට නම්මවා ගන්න උත්සාහ කරනවා.නවාරෝගේ බෑණා වන ජාවි, මාටි සහ වෙන්ඩි ගැන දිගින් දිගටම සැක කරනවා. ඔහු හිතන්නේ නවාරෝ මේ පවුලට ඕනෑවට වඩා නිදහස දෙනවා කියලා. මේ නිසා ඔහු ඕසාර්ක් ප්‍රදේශයට පැමිණ තමන්ගේම තීරණ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා, එය මාටිගේ සැලසුම් වලට ලොකු බාධාවක්.රූත් දැන් ඩාර්ලින් සහ වියට් (Wyatt) සමඟ එකතු වී ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කරනවා. ජෝනා (Jonah) බයර්ඩ් ඔවුන්ට උදව් කරන බව දැනගත්තම වෙන්ඩි ගොඩක් කේන්ති ගන්නවා. ජෝනා සහ වෙන්ඩි අතර තියෙන පවුල් ආරවුල මේ කථාංගයේදී තවත් උත්සන්න වෙනවා.හිටපු පොලිස් නිලධාරියෙකු වන මෙල් සැටම්, හෙලන් පියර්ස් (Helen Pierce) අතුරුදහන් වීම ගැන සොයමින් ඕසාර්ක් වලට එනවා. ඔහු බයර්ඩ් පවුල ගැන සහ හෙලන්ගේ අත්සන හොරට ගැසීම ගැන සැක මතු කරනවා. මෙය මාටිලාට අලුත් නීතිමය තර්ජනයක් වෙනවා.