Ozark (2017) [S04 : E07] Sinhala Subtitle
මාටි සහ වෙන්ඩි උත්සාහ කරන්නේ නවාරෝව (Navarro) FBI එකට පාවා දීලා නිදහස් වෙන්න. හැබැයි FBI එක අන්තිම මොහොතේ තීරණය වෙනස් කරනවා. එයාලට ඕනේ නවාරෝව හිරේ යවන්න නෙවෙයි, තව අවුරුදු 5ක් නවාරෝව ලොක්කා විදිහට තියලා කාටෙල් එක ඇතුළේ තොරතුරු ලබාගන්න.
ජාවී (Javi) දැනගන්නවා එයාගේ මාමා (නවාරෝ) FBI එකත් එක්ක ගනුදෙනු කරනවා කියලා. මේ අතරතුර නවාරෝව FBI එකෙන් අත්අඩංගුවට ගන්නවා. මේක පිටුපස මාටි ඉන්නවා කියලා හිතලා ජාවී මාටිට වෙඩි තියන්න හදනවා. හැබැයි වෙන්ඩි මැදිහත් වෙලා ජාවීට FBI එකත් එක්ක අලුත් ගනුදෙනුවක් සෙට් කරලා දීලා මාටිව බේරගන්නවා.
ඩාලීන් සහ වයට් (Wyatt) ඉක්මනට කසාද බඳිනවා. වයට් මේ තීරණය ගන්නේ රූත් එක්ක යන්න හිතාගෙන හිටියත්, ඩාලීන්ව තනි කරන්න බැරි නිසා.
ජාවී කාටෙල් එකේ බලය අතට ගත්ත ගමන් මුලින්ම කරන්නේ ඩාලීන්ව හම්බෙන්න යන එක. ඩාලීන් සහ වයට් කසාද බැඳලා ගෙදරට ආපු ගමන් ජාවී එතනට ඇවිත් ඩාලීන්වයි වයට්වයි දෙන්නවම වෙඩි තියලා මරා දානවා.
රූත් ගෙදර එනකොට දකින්නේ වයට් මියගොස් ඉන්නවා. ඒක දැකලා රූත් පාලනය කරගන්න බැරි විදිහට කෑගහනවා. රූත් කෙළින්ම බයිඩ්ලාගේ (Byrde) ගෙදරට තුවක්කුවක් අරන් ගිහින් තර්ජනය කරනවා මේක කළේ කවුද කියලා කියන්න කියලා. ජෝනා තමයි රූත්ට කියන්නේ මේක කළේ ජාවී කියලා.