See (2019) [S01 : E01] Sinhala Subtitle
Alfre Woodard, Josh Blacker, Christian Camargo, Nesta Cooper
මෙම කතා මාලාව එලිදැක්වුනේ 2019 නොවැම්බර් 01 වෙනිදා. මේ කතා මාලාව සදහා Planet of the Apes Trilogy කතාවේ නිෂ්පාදක ඒ වගේම The Hunger Games Catching Fire Mockingjay කතාවේ අධ්‍යක්ෂක වගේම Peaky Blinders කතා මාලාවේ නිර්මාතෘ එකතු වෙලා ඉන්නවා. මේ කතාවේ රූගත කිරීම් සදහා Vancouver, British Columbia, Canada යන නගර යොදාගෙන තිබෙනවා. කතාමාලාවක් නරබන්න ගියහම සුපුරුදු ලෙස අපි කවුරුත් අවධානය යොමු කොකරන IMDb දර්ශකයේ 8.0 ක අගයක් මෙම කතා මාලාව ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes (කුණු තක්කාලි?) දර්ශකයේ 39% ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙහි නළු නිලි දායකත්වය පැත්තට හැරෙනකොට, Jason Momoa බාබා වොස් ට පන පොවන අතර Sylvia Hoeks කෙන් රැජිණට ට පන පොවනවා. Alfre Woodard පැරිස් ලෙසත්, Hera Hilmar මාග්රා ලෙසත්, Christian Camargo ටමක්ටි ජුන් ලෙසත්, Archie Madekweෆුන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කතා මාලාවේ එක කොටසක මිනිත්තු 60ක ධාවන කාලයක් උසුලන අතර IMDb දර්ශකයට අනුව මෙම සිනමා පටය Drama, Sci-Fi ගණයට අයත් වෙනවා.
කතාව ගැන කිව්වොත්,
ඉතින් කතාව ගලාගෙන යන්නේ ඇල්කෙනි කියලා ගෝත්‍රයක් වටා. කතාවේ ඉන්න හැමෝම අන්ධයි . එයාලා එයාලාගේම විදි හොයාගෙන තියෙනවා කියවන්න, දේවල් හදන්න , දඩයම් කරන්න ඒ වගේම සටන් කරන්න පවා. ඔයාලා හිතනවා ඇති අන්ධ අය කොහොමද සටන් කරන්නේ කියලා එයාලා ඒකට හුරු වෙලා තියෙනවා ඔයාලට පලවෙනි කොටසෙන්ම හොද සටනක් බලාගන්න පුළුවන්. ඒ වගේම කතාවේ විශේෂ හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා මායාකාරියන්, අනාවැකිකරුවන් , ඒ වගේම කුරුල්ලන් එක්ක පවා කතා කරන්න පුළුවන් විශේෂ හැකියා තියෙන මිනිස්සු ඉතින් එයාලව එක එක නම් වලින් හදුන්වනවා ඔයාලට කතාවේදී දැකගන්න හම්බෙයි. ඒ වගේම කතාවේ ඉන්නවා විච්ෆයින්ඩර් කියලා ගෝත්‍රයක් එයාලා වැඩ කරන්නේ කෙට් රැජිණට. එයාලා කරන්නේ මායාකාරියන් ව හොයාගෙන ගිහින් මරණ එක. ඉතින් තවත් වැඩි විස්තර ඕනේ නැහැ ඔයාලම කතාව බලල අදහසක් ගන්නකො. උපසිරැසිය පිළිබද වැරදි අඩු පාඩු තියෙනවනම් පහලින් comment කරන් යන්න කියලා ඉල්ලනවා. මීලග කොටසත් ඉක්මණින්ම අරන් එනවා ඔබට ජය!
”21ක් වන ශතවර්ෂයේ මාරාන්තික වයිරස් එකක් පැතිරිලා තියෙනවා. ඒකෙන් පෘථිවියේ ජනගහණය මිලියන දෙකකට අඩු වෙලා තියෙනවා. වයිරස් එකෙන් බේරුන හැම කෙනෙක්ම අන්ධ වෙනවා. දැන් ශතවර්ෂය ගණනාවකට පස්සේ , ඇස් පෙනීම පිළිබද අදහස පවතින්නේ මිථ්‍යාවක් ලෙස පමණයි. ඒ ගැන කතා කිරීමෙන් පවා ඔවුන්ව මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හදුනවනවා”
උපසිරැසි වලට ස්තූතියි
උපසිරැසි වලට ස්තූතියි … ටිකත් පුලුවන් වෙලාවට දෙන්න……සෑහෙන වටිනවා…..
Supiri tv shows ekak Ela saho budusarnai
sub එකට බොහොම ස්තුති…
Sthuthi obata ….
Thanks sahoo good job
උපසිරැසියට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
මෙක දැක්කම කතාව බලන්න අස හිතුන.
නිකමට පලවෙනි කොටස අරම් බැලුව.
බලලයි මෙ කියන්නෙ.
පට්ට විදියට තියෙනවා කතාව.
හොද ආරම්භයක් .
සබ් එක සුපිරි එකටම තියෙනවා .
ඉගව කොටසත් උපසිරස ආපුම බලනව අරම්
තැන්ක්ස් !
Thank you bro sub ekata.. 🙂
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Apple TV+ එකේ පලවෙනි කතාව…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
දිගටම සබ් දෙමු…
hammo sub ekata godak sthuthiyi saho….!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ඔබට ජය👌👌