The Little Mermaid (2018) Sinhala Subtitle
කොහොමද යාලුවනේ. ඔන්න තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසිත් අරන් ඔයාල හමුවට ආවා. කවීෂ සහෝගෙ ඉල්ලීමකට අනුව තමා මේ චිත්‍රපටයට උපසිරසි ඔයාලට ලැබෙන්නෙ. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටය පැත්තට යමු. චිත්‍රපටයෙ නම තමා The Little Mermaid. නමින්ම තේරෙනවනෙ කවුරු ගැන චිත්‍රපටයක්ද කියලා. ඉතින් මේක නිර්මාණය වෙලා තියෙන්නෙ Hans Christian Andersen ගෙ මේ නමින්ම තියෙන නවකතාවක් ඇසුරින්. 2018, ඒ කියන්නෙ මේ අවුරුද්දේ අගෝස්තු මාසෙ තමා මේ චිත්‍රපටය නිකුත් වුනේ. Drama, Fantasy, Romance ගනයට අයත් වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Blake Harris. The Shannara Chronicles කතා මාලාවෙත් රංගනයෙන් දායක වුනු Poppy Drayton සහ The Chronicles of Narnia, Friend Request වැනි චිත්‍රපට වල රගපෑ William Moseley මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඉතින් බොහොම සරල විදියට වගේම ලස්සනට ගලාගෙන යන කතාවක් කියල කියන්න පුලුවන්.
හරි අපි කතාව පැත්තට යමු. එක්තරා කාලයක දියකිදුරියක් පලමු වතාවට දිය මතුපිටට එනවා. එහිදී ඇය දකිනවා කුමාරයෙක්. ඒ අවස්තාවේ සිද්ද වෙන අනතුරක් නිසා ඇයට සිදුවෙනව ඔහුව බේරගන්න. නමුත් ඇයට සිදුවෙනව ඔහුව බේරගෙන එහි දමායන්න. ඇය නැවත මුහුදු පතුලට ඇවිත් මායාකරුවකුගෙන් ඉල්ලීමක් කරනවා ආදරය සොයාගෙන ගොඩබිමට යෑමට. මායකරු ඉල්ලීම ඉෂ්ට කරනවා. හැබැයි කොන්දේසියක් පිට. නමුත් ඇයට කොන්දේසි වලට අනුව කටයුතු කරන්න බැරිවෙන නිසා ඇය සිරකාරියක් වෙනවා..එතැන් සිට තමා කතාව ගලාගෙන යන්නෙ. අනිත් ප්‍රධාන චරිතය තමා කැම්. ඔහු දියකිදුරියන් වගේ දේවල් විස්වාස කරන කෙනෙක් නෙමේ.. ඒ වගේම ඔවුන්ව විස්වාස කරන කෙනා තමා පුංචි එල්. ඉතින් මේ සියලු දෙනා එක්ක කතාව ඉස්සරහට යනවා. එහෙනම් යාලුවනේ ඉතිරිය චිත්‍රපටය බලලම රස විදින්න කියල කියන ගමන් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා. බුදු සරණයි!
A reporter and his niece discover a beautiful creature they believe to be a real mermaid.
FT bro……………….Good luck
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Fatt bro ela❤😇
upasirsaiayata bohoma sthuthiyi saho……
Thanks bro sub ekata🙂
Thnxxxxxxxxxxx
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..! Request::The Night Comes for Us (2018) 720p NF WEB-DL 950MB mkvcage
Ela bro
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
tnx sub ekata
සයිට් එක අද දැක්කේ එල කිරි,බයිස්කොප්, සූම් ලගේ ලොකු සීන් එක බලලා ඇතිවෙලා තිබ්බේ දිගටම කරන් පලයල්ලා.. 🤘🤘🤘♥️♥️♥️