Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Arabi Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

My Secret Romance [EP 01] Sinhala Subtitle

() [S01 : E05] Sinhala Subtitle

The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle

Guardians of the Tomb (2017) Sinhala Subtitle

Neruppu Da (2017) Sinhala Subtitle

Knightfall (2017) [S01 : E06] Sinhala Subtitle

() [S01 : E04] Sinhala Subtitle

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitle

One Punch Man: Wanpanman 2015 [S01 : E01] Sinhala Subtitle

ads
  • Home
  • TV Shows
  • English TV shows
  • The Mosquito Coast (2021) [S01 : E01] Sinhala Subtitle
The Mosquito Coast (2021) [S01 : E01] Sinhala Subtitle
TV SHOW

Hasitha Prasad 2021-06-04 / 06:00 PM

ඉක්මන් පැනයාම

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. රූපවාහිනී හෝ වෙබ් කතාමාලාවලට ඒතරම් ලැදි අයෙක් නොවුණත්, මේ දිනවල හොඳ මට්ටමේ චිත්‍රපට සොයාගැනීමේ අපහසුවද නිසා මම ටිකක් හැරුණා කතාමාලා දෙසට. එහිදී හමුවුණා තවමත් පලමු කතා සමයේ තිබෙන, සිත්ගන්නා සුළු කතා තේමාවක් සහිත වෙබ් කතාමාලාවක්. එක් කතාසමයක වැඩි කොටස් ගණනක් නොමැති බව පැවසෙන නිසාත් මම එය තෝරාගත්තා උපසිරැසිකරණයට. මෙය නමින් The Mosquito Coast (2021). මොස්කිටෝ කෝස්ට් නම ඇසූවිට ඔබට මතක්වනවා ඇත්තේ මීට බොහෝ කලකට පෙර, එනම් 1986 වසරේදී තිරගතවූ හැරිසන් ෆෝඩ් ප්‍රධාන චරිතයට පණ පෙවූ මෙනමින්ම යුත් චිත්‍රපටයක්. ඔව්, මේ එයමයි කතාමාලාවකට පෙරලී ඔබ වෙතට එන්නේ AppleTv+ වෙතින්.

එසේ වුවත් චිත්‍රපටයේ කතාවත් මෙයත් අතර ලොකු වෙනස්කම් තිබෙනවා, එකම නවකතාව ඇසුරින් නිර්මාණය වූවක් වුවත්. මොකද්ද මේ නවකතාව?


නවකතාවේ නමත් එයමයි. මෙය රචනා කරන්නේ පෝල් තෙරෝ (Paul Theroux) නම් ඇමරිකානු ජාතික නවකතාකරු විසින්. ඔහුගේ තවත් නවකතා සිනමාවට නැගී තිබෙන අතර මෙය ඒ අතරින් සම්මානයට පාත්‍රවූ මෙනම අලෙවි වාර්තාද තැබූ එකක්. මේ නමින් සැබැවින්ම වෙරළ කලාපයක් තිබෙනවා නිකරගුවා හා හොන්ඩුරාස් යන රාජ්‍යයන් දෙකට යාව. ප්‍රාදේශීයව මෙම වෙරළ කලාපය මිස්කිතෝ වෙරළ ලෙසත් හැඳින්වෙන බවයි කියවෙන්නේ.

රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ මිස්කිතෝ වෙරළ කලාපයයි

මෙවර කතාමාලාවේ මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ පෝල් තෙරෝගේ බෑණා වන ජස්ටින් තෙරෝ (ඇලී ෆොක්ස්). ඊට අමතරව රංගනයෙන් දායක වන්නේ මෙලිසා ජෝජ් (මාගෝ ෆොක්ස්), ලෝගන් පොලිෂ් (ඩීනා ෆොක්ස්), ගේබ්‍රියල් බේට්මන් (චාලි ෆොක්ස්), කිම්බර්ලි එලිස් (එස්තෙල් ජෝන්ස්),ජේම්ස් ලෙ ග්‍රොස් (දොන් වූර්හීස්), ඔෆෙලියා මෙදීනා (ලුක්‍රේෂියා),ස්කොටී තොවාර් ( චූයි පැඩීයා), බෘනෝ බිචිර් ( එන්රිකේ සලාසාර්) ඇතුළු පිරිසක්. පලමු කොටස වන මෙය නම්වන්නේ Light Out (ඉක්මන් පැනයාම) විදියට. මේ වනවිට (2021 : ජූනි : 04) IMDb අගය 7.4ක් ලබා තිබෙනවා. ඒ වගේම කියන්නට ඕනෙ මෙය අධිවේගී ක්‍රියාදාම ඝණයේ කතාවක් නොවෙයි, නමුත් ඉතා සංයමයෙන් හා ප්‍රේක්ෂකයාටද ගරු කරමින් ගලායන කතාවක් බවයි දැනට පෙනෙන්නට තිබෙන්නේ, එසේම ත්‍රාසය කුතුහලයද නොඅඩුව ගැබ්ව තිබෙනවා කතාව තුල. කතාවට කෙටි ආරම්භයක් අරගෙන දෙන්නම් මම මේ විදියට. පූර්ව ප්‍රචාරක පටය නැරඹූවොත් ඔබට වැඩිදුර අදහසක් ලබා ගත හැකියි.

ඇලී ෆොක්ස්, පරමාදර්ශවාදියෙක්. කාර්මිකයෙකු ලෙස රැකියාව කරමින් තම පවුල, එනම් බිරිඳ මාගෝ, පුතු චාලි හා දියණිය ඩීනාව රකින ඔහු නව නිර්මාණකරුවෙක් හා ලෝකය දෙස වෙනස් ඇසකින් බලන්නෙක්. ඔහු ගෙවන ජීවිතයද ඉතා හුදෙකලා, ලොවෙන් සැඟවුණු නිහඬ ජීවිතයක්. එහෙත් අප නොදන්නා ඔහුගේ අතීතය ඔහුට හොල්මන් කරන්නට පටන්ගන්නවා ඒ නිහඬබව බිඳිමින්… ඉන් ඉදිරියට ඔබට බාරයි. හමුවෙමු මීලඟ කොටසින්.

ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.

කොටසක උපසිරැසි සකසා අඩුපාඩු බලා සම්පූර්ණ කල වහාම අප කරන්නේ එය අඩවියේ පළකිරිම බැවින් නිරන්තරයෙන් ඉදිරි කොටස් අවසන්දැයි විමසීම් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ඉක්මනින් කොටස් සියල්ල උපසිරැසි ලබාදීමටද බලාපොරොත්තු වෙමි.

 

 

Information

Year : 2021


Genre : Adventure,drama,thriller

Actors : Justin Theroux,Melissa George,Logan Polish

Writer : N/A

Director : N/A

Plot : Moskito-Küste: Created By Tom Bissell, Neil Cross. With Justin Theroux, Melissa George, Logan Polish, Gabriel Bateman. An Idealist Uproots His Family And Moves Them To Latin America.

Youtube Trailer
WEB-DL සඳහා වීඩියෝ පිටපත්

Direct පිටපත

Direct පිටපත

Direct පිටපත

Torrent පිටපත

සිංහල උපසිරැස Download කරගන්න 241 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
7.4
63%
55%

ALL Episodes

Next EpisodeThe Mosquito Coast (2021) [S01 : E02] Sinhala Subtitle
  1. Madusha Unregistered User June 5, 2021 at 2:03 pm

    බොහොම ස්තූතියි සහෝ


    Reply
    • Bhanuka yohan Unregistered User June 5, 2021 at 5:26 pm

      sweet tooth series akata sub dannko


    • Hasitha Prasad Co - admin June 5, 2021 at 5:38 pm

      ටීවී සීරීස් තෝරගත්ත ඒවා විතරයි, භානුක, කරන්නෙ. කාලයත් එක්ක සටනක්නෙ.


  2. Supun Kaushalya Unregistered User June 6, 2021 at 2:30 am

    තෑන්ක්ස් සහෝ


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

Dinh Mu Suong (2020) Sinhala Subtitle

Fighting Fish (2012) Sinhala Subtitle

Limit (2022) Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

Pewnego razu na krajowej jedynce (2022) [S01 : E01] Sinhala Subtitle

My Hero Academia (2020) [S01 : E01] Sinhala Subtitle

Pewnego razu na krajowej jedynce (2022) [S01 : E01] Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      The Mosquito Coast (2021) [S01 : E01] Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2023 / Subz.LK