The Queen’s Gambit (2020) [S01 : E01] Sinhala Subtitle
ඔන්න එහෙනම් තවත් අළුත්ම කතා මාලාවකින් තමා ඔයාලා අතරට උපසිරැසි අරන් එන්නේ. අළුත් කිව්වට ඇවිල්ලනන් ටිකක් කල්. ප්‍රධාන පෙළේ සිංහල උපසිරැසි වෙබ් අඩවි වල මේක දකින්න තිබුණේ නැති නිසාවෙන් සහ මේකට උපසිරැසි ඉල්ලුව නිසා මේ කතා මාලාවට උපසිරැසි අරන් එන්න හිතුවා.
මේ කතාවට ලිපිය ලියන්න, කොහොම පටන් ගන්නද මන්දා. ඒකට හේතුව මේ කතා මාලාවට තියෙන අධික ජනප්‍රියතාවය නිසා. අනික ශ්‍රී ලංකාවේ ඉන්න බහුතර ප්‍රේක්ෂකයන්ගේ තියෙන අවුලක් තමා ගුණාත්මක කතාවලට වඩා ෆැන්ටසි කතා වලට තියෙන ෆෑන් බේස් එක වැඩියි. ඒකත් මේ රට මෙහෙම වෙන්න හේතුවක් තමා.
හැබැයි ඉතින් ඒ කතාව අනික් පැත්ත හරවපු කතා මාලාවක් තමා මේ ගේන්නේ. සිංහල උපසිරැසි නැතුවත් මිනිස්සු මේ කතාව බලන්න හිතාගත්තා ඒ වගේම බැලුවා. ඒක ඇත්තටම හොඳ දෙයක්.
මේ උපසිරැසි අරන් එන්නෙත් සිංහල උපසිරැසි නැතුව බලන්නම බැරි අය වෙනුවෙනුයි. එතකොට තේරෙනවා ඇතිනේ The Queen’s Gambit කරපු බලපෑම.
මේක මේ ලංකාවට නෙමේ ලෝකෙටම කරපු බලපෑමක්.
මේ mini tv series එක 1983 Walter Tevis ලිව්ව The Queen’s Gambit කියන නවකතාව පාදක කරන් හදපු එකක්.

මේක tv series එකක් විදියට Netflix ලා වෙනුවෙන් නිර්මාණය කරන්නේ Scott Frank සහ Allan Scott. ![]()
මේකේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් 1950/60 ගණන් වල සිද්ද වෙන කතාවක් විදියටයි මේක යන්නේ. අනාථ වෙච්ච කෙල්ලෙක් ඒ කිව්වේ අම්මා තාත්තා නැතුව අනාථ නිවාසයක් හැදෙන කෙල්ලෙක් ලෝකේ අති විශිෂ්ටම චෙස් ක්‍රීඩිකාව බවට පත් වෙන කතාවයි මේ තියෙන්නේ. නිකන් නෙමේ මේ කෙල්ලට හොඳටම මත්ද්‍රව්‍ය වලටයි බොන්නයි ඇබ්බැහි වෙලා ඉන්නේ. මේකේ මෙහෙම සරලව කිව්වට මේක අරන් ම බලන්න ඕන කතාවක්.
2020 ඔක්තෝම්බර් 20 මේ කතාව Netflix ලා නිකුත් කරාට පස්සේ පැය 4කින් ලෝකේ වැඩිම දෙනෙක් Netflix ලා හරහා නරඹපු කතා මාලාව උනේ මෙන්න මේක. ඒ මදිවට ලෝකේ හැම තැනකින්ම පැසසුම් එන්න පටන් ගද්දී චෙස් ක්‍රීඩාව ගැන මිනිස්සු එක පාරම search කරන්න පටන් අරන් කියලා google ලා කියලා තිබ්බා. දැන් ලෝකේ ගොඩක් මිනිස්සු චෙස් ක්‍රීඩාවටත් ඇබ්බැහි වෙලා මෙන්න මේ කතා මාලාව නිසා.
කතා මාලාවක් කරපු වින්නැහියක්…. ![]()
![]()
![]()
ඉතින් මේ කතා මාලවට රංගන දායකත්වය දෙන පිරිස තමා යටින් ඉන්නේ. ![]()
![]()
![]()
- Anya Taylor-Joy – බෙත් හාර්මන් (පීකී බ්ලයින්ඩර්ස්, ඇට්ලාන්ටිස්, ග්ලාස්, ස්ප්ලිට්, එමා බලපු අයට මෙයාව මිස් වෙන්න විදියක් නෑ)
- Isla Johnston – තරුණ බෙත් හාර්මන්
- Annabeth Kelly – අවුරුදු 5 බෙත් හාර්මන්
- Bill Camp – Mr. ෂයිබෙල්, මෙතුයීන් නිවාසයේ මුරකාරයා
- Moses Ingram – ජෝලීන්, බෙත් හාර්මන්ගේ පොඩි කාලේ ඉඳන් හිටිය යාළුවා
- Marielle Heller – ඇල්මා වීට්ලි, බෙත් හාර්මන්ව හදාගන්න ගන්න දෙමව්පියන්
- Harry Melling – හැරි බෙල්ටික්, බෙත් හාර්මන්ට් මුලින්ම හම්බෙන තර්ජනාත්මක තරඟකරුවා
- Jacob Fortune-Lloyd – ටවුන්ස්, චෙස් ක්‍රීඩකයෙක් වගේ බෙත් හාර්මන්ගේ ලව් එක.
- Thomas Brodie-Sangster – බෙනී වොට්ස්, USA වල ශූරයා වගේම පස්සේ කාලෙක බෙත් හාර්මන්ගේ ගුරා
- Marcin Dorociński – වැසිලි බෝර්ගෝව්, එවකට චෙස් ලෝක ශූරයා

කොහොමහරි මේ කතා මාලාව නරඹනවද නැද්ද කියලා දෙපාරක් හිතන අය වෙනුවෙන් තමා මේ රේටින්ග් ටික….. ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
IMDB – 8.7
Rotten Tomatoes – 97
Google Users – 98%
එහෙනම් ඉතින් බලන්න. බලලා ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා ඉතින්. ![]()
ඒවගේමයි ලැබෙන්නාවූ නව වසර නිරෝගීමත් නව වසරක් වෙන්න කියලා හැමෝමටම ප්‍රාර්ථනා කරනවා! ![]()
Ela saho !
ස්තූතියි ගයාන්:slight_smile:
හොද සුපිරි නිර්මාණයකට උපසිරැසි ලබා දුන්න එක ගැන ස්තුති සහෝ…සුබ නව වසරක් වේවා!!.
එසේම වේවා සහෝ :slight_smile:
බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
ජය වේවා.! :punch::punch::punch:
:punch:
ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා හිතේ තියන ඉලක්කවලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන ලෙඩ රෝග අඩුවෙන වැඩි වැඩියෙන් සබ් ගහන්න වෙලාවත් හම්බෙන සුපිරි අවුරුද්දක් වේවා :wink::right_facing_fist::left_facing_fist:
ස්තූතියි හශාන්.
ඔයාටත් එසේම වේවා.
හොඳට tv series බලන්න පුලුවන් වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබ් එකට තෑන්ක්ස් සහෝ, ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට.!!!!
ස්තූතියි සහන්.
ඔයාටත් එසේම වේවා.
නියමයි සහෝ!මග බලාගෙන හිටපු සබ් එකක් :thumbsup::star_struck:
ස්තූතියි නිමන්සා.. :blush:
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා…!
thanku sachintha
esema wewa
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
thanku rasindu
thank you very much sahoo..pattama ptta series ekk..thank you again!!!
thank you bro
eknam niyamai ela…
eelama bro
බලන්න ගොඩක් ආසාවෙන් හිටපු එකක්.මේකට සබ් දීපු එකත් ලොකු දෙයක්.සබ් එකත් නියමෙටම තියෙනවා.බොහෝම ස්තූතියි උපසිරසියට….
ස්තූතියි RAVIDHU