ඔන්න එහෙනම් 1වෙනි කොටස බලපු අය දන්නවා හොඳ ආරම්භයක් කතාවට ලැබුණා කියලා. ආ ඒවගේම කියන්න ඕන මේක බලන්න මහලොකු චෙස් දැනුමක් ඕනේ නෑ. දැනුම තියෙන කෙනෙක්ට නම් තවත් හොඳට කතාව තේරෙයි.
කැරම් වගේ චෙස් බෝඩ් එකේත් සුදු ඉත්තෝ සහ කළු ඉත්තො දෙජාතියක් තියෙනවා. එතනින් සුදු ඉත්තන්ගේ සෙල්ලම් කරන කෙනා තමා පළවෙනියෙන්ම ඉත්තෝ අඳින්නේ. ඒ හින්දා සුදු ඉත්තෝ හම්බෙන ක්‍රීඩකයාට පොඩි වාසියක් තියෙනවා කියලා චෙස් වල පොඩි කතාවක් තියෙනවා. ඒක තේරුම කළු ඉත්තන්ගේ සෙල්ලම් කරන කෙනා නිතරම පරදිනවා කියනවා නෙමේ. ඒවගේම සුදු කළු දෙපැත්තෙම ඉත්තන්ගෙත් ජාති ටිකක් තියෙනවා. එක පැත්තකට ඉන්නවා පෝන් ඉත්තෝ 8ක්, නයිට්ලා 2ක්, බිෂොප්ලා 2ක්, රූක්ලා 2ක්, රැජිනක් සහ රජෙක්. ඔය ඉත්තන්ට එක එක විදියට තමා චෙස් බෝඩ් එක මත ගමන් කරන්න පුලුවන්. නැත්නම් අඳින්න පුලුවන්. ඔන්න ඔහොම ඉත්තෝ ඇදලා ඇදලා එක පැත්තක රජාව කපලා අයින් කරොත් දිනුම හම්බෙනවා. ඒ විදියට රජාව කපන තැනට ආවම තමා අර “චෙක්මේට්” කියලා කියන්නේ. මාත් මේ සියල්ල දත් නෙමේ. කොටින්ම කිව්වොත් මන් චෙස් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. මේ කතාව බලලා වගේම අන්තර්ජාලයෙන් හොයාගත්තු තොරතුරු ටිකක් එක්ක තමා ඔයාලටත් මේ කියන්නේ. නැත්නම් කට්ටිය බලයිනේ මොකද්ද බොල පෝන් ඉත්තෝ කියන්නේ කියලා. ඔය දැනුම ඇති මේ කතාව බලන්න.
ඉතින් පළවෙනි කතාවේ ම බෙත් හාර්මන්ගේ කුඩා කාලයේ ඉඳන්ම ජීවිත කතාව දැකගන්න පුළුවන් උනා. අනතුරකින් අම්මා මැරිලා යනවා. ඒ නිසා අනාථ නිවාසයක තමා (මෙතුයීන් අනාථ නිවසයේ) හැදී වැඩෙන්නේ. කුඩා කාලයේම හම්බෙන යාළුවා තමා ජෝලීන්. හම්බුණු ගමන්ම හොඳ උපදෙසක් දෙන්නේ. ඒ උපදෙස් නිසා තමා බෙත් හාර්මන් පෙති බොන්නත් ඇබ්බැහි වෙන්නේ. හුණු කොට්ටය හෝදන් එන්න පහළට යද්දී නාකි හාදයෙක් චෙස් සෙල්ලම් කර කර ඉන්නවා. බෙත් හාර්මන් එතකොට දන්නෙවත් නෑ මේ මොකද්ද කියලවත්. චුට්ට චුට්ට ෂයිබෙල් මුරකාර මහත්තයා එක්ක යාළු වෙන පුංචි බෙත් හාර්මන්ට අර ක්‍රීඩාවේ තියෙන බේසික්ස් ටික කියලා දෙනවා. ටක් ගාලා වැඩේ අල්ලගන්නවා බෙත් හාර්මන්. අනික අර පෙති ගත්තම බෙත්ට පුලුවන් තනිකර චෙස් තරඟයක්ම හිතේ මවාගන්න. ඒ කියන්නේ බෙත්ට පුලුවන් ඉත්තෝ අඳින්න කලින්ම වෙන දේ කියන්න. මේ හැකියාව දකින ෂයිබෙල් මහත්තයා චෙස් ක්ලබ් එකක ලොක්කෙක්ට කියනවා. එයත් දකිනවා මේ පුංචි කෙල්ලගේ හැකියාව. එයාලා විතරක් නෙමේ අපිටත් පිස්සු වගේ අර කොල්ලෝ සෙට් එකම එක්ක එකපාර සෙල්ලම් කරලා ඔක්කොමල්ලව පරද්දද්දී. කොහොම වෙතත් කතාව ඉවර වෙන්නේ බෙත් හාර්මන්ට පෙති වලට තියෙන ඇබ්බැහි වීමත් පෙන්නලාමයි. ඒක තමා මරුම සිද්දිය.
අද කතාව එතැන් සිට…. බෙත් හාරමන්ගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙරළෙනවා….
sub ekata thanks saho
thanku sahan
Thank you:thumbsup:
thanku nimansa
තෑන්ක්ස් සබ් එකට
thanku supun
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
thanku sachintha
බොහොම ස්තූතියි සබ් එකට
THANKU HASHAN
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
thanku rasindu
ඕන් දෙවෙනි එපියටත් සබ් එක ගත්තා.මේක නම් පට්ටම සීරීස් එක.ස්තූතියි සබ් එකට….
ස්තූතියි RAVIDHU
Thanks for the sub