Trending

The Son of Bigfoot (2017) Sinhala Subtitle

2 Views

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකින් පස්සේ තමා Subz Lk වෙතට ගොඩ වදින්නේ. පසුගිය මාස කිහිපයේම කාර්යබහුල වෙලා හිටියා. ඒවගේම අසනීප වෙලත් හිටියා. ඒ නිසා උපසිරැසියක්වත් කරගන්න හම්බවුණේ නෑ. වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි මේ විදිහට උපසිරැසියක් කරලා ගේන්නේ. හරි එහෙනම්, අපි දැන් කතාව පැත්තට හැරෙමු.

The Son Of Bigfoot (2017)

මේ චිත්‍රපටය ගැන කියනවානම් මේක සජීවීකරණ ගණයට අයත් වන චිත්‍රපටයක්. නමුත් මේ චිත්‍රපටය දැනට නිකුත් වෙලා මාස කිහිපයක් ගත වෙලා. මේ ළඟදී තමා මං මේ චිත්‍රපටය බැලුවේ. ඉතින් මේ චිත්‍රපටය බැලුවයින් පස්සේ මට හිතුනා මේ චිත්‍රපටයට උපසිරැසි කළොත් හොඳයි කියලා. ඒ නිසාමයි උපසිරැසි කළේ. දැනට නම් මේක හුඟක් දෙනෙක් බලලා ඇති. නමුත් බලපු නැති කෙනෙක් ඉන්නවනම්, අරගෙන බලන්න. ඉතින් 2017 වර්ෂයේ නිකුත් වුණ මේ චිත්‍රපටය නමින් – The Son Of Bigfoot – IMDb දර්ශකයේ 6.2 ක අගයක් ලබාගන්න සමත් වුණ මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනි. 32ක් ලෙස තමා සඳහන් වෙන්නේ. ඒවගේම Google පරිශීලකයන්ගෙන් 89%ක් මේ චිත්‍රපටයට කැමතියි. Comedy, Family, Fantasy කියන අනෙකුත් ගණයන් වලට අයත් වන මේ චිත්‍රපටය වෙනස්ම ආකාරයේ කතා තේමාවක් පදනම් කරගෙන තමා නිර්මාණය කරලා තියෙන්නේ.

එහෙනම් චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු.

මේකයි කතාව. හැරිසන් කියන්නේ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඉතින් අසාමාන්‍ය ජාන විකෘතී තත්ත්වයක් නිසා මහාචාර්ය හැරිසන්ට ශිලා යුගයේ මානවයකුගේ ලක්ෂණ ඇති වෙනවා. මේ නිසා අසාමාන්‍ය විදිහට හිසකෙස්, ලොම් වැවෙන්න ගන්නවා. ඉතින් මේ ගැන ඔහු පරීක්ෂණ පවත්තනකොට ඔහු වැඩ කරන විද්‍යාගාරයේ අනෙකුත් විශේෂඥයින්ට මේ ගැන ආරංචි වෙනවා. ඉතින් ඔවුන් හදන්නේ මොහුගේ මේ අසාමාන්‍ය ජාන පිහිටීම ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා යොදාගන්න. මේක ප්‍රතිකේෂ්ප කරපු හැරිසන් පලා යනවා. නමුත් හැරිසන් තාත්තා කෙනෙක්. ඔහුට බිරිඳක් වගේම පුතෙකුත් ඉන්නවා. පුතා නමින් ඇඩම්. ඉතින් ඇඩම් පොඩි නිසා මේ කාරණය හැරිසන් බිරිඳත් සමඟ විතරයි තියාගත්තේ. ඉතින් අවුරුදු 12කට පසු ඇඩම්ටත් ඔහුගේ තාත්තගේ තිබුණ ජානමය විකෘති ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ හටගත් විකෘති ලක්ෂණ නිසා මහාචාර්ය හැරිසන්ව හැඳින්වූයේ “බිග්ෆූට්” නමිනුයි. නමුත් හැරිසන් මේ කිසිදෙයක් දන්නේ නෑ. ඉතින් ඉදිරියේදී හැරිසන් කොහොමද මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ, ඒවගේම ඔහුගේ තාත්තට කුමක්ද වුණේ? හැරිසන් ප්‍රශ්න ගොඩකට මුහුණ පානවා. හැරිසන්ට මේ හැමදේකටම පිළිතුරු ලැබෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා. එහෙනම් දැනට මම නවතිනවා. අතර මග නැවතුණ – The Gifted – කතා මාලාවේ ඊළඟ එපි ටික සමඟින් හම්බවෙමු.

එතෙක් ඔබ සැමට බුදු සරණයි!! 

BluRay පිටපත් සඳහා ගැලපේ.

 

 

 

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 796.28 MB x264
▲4 · ▼3
Magnet GET
1080p bluray 1.49 GB x264
▲21 · ▼2
Magnet GET
Discussion (10)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..තව සුපිරි ෆිල්ම්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා..ඒවටත් උපසිරැසි දෙමු..ඔබට ජය..???

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 Chrome 45

      තෑන්ක්ස් සුමින්ද සහෝ හැමදාමත් වගේ දක්වන සහයෝගයට.?

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    patta movie ekak

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 Chrome 45

      තෑන්ක්ස් සහෝ.?

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 Chrome 45

      තෑන්ක්ස් කාන්ත. බුදු සරණයි-දෙවි පිහිටයි…!?

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 Chrome 45

      තෑන්ක්ස් සජිත්.?

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    ? ? ????????ස්තතුති සහ‍ො?

    • ලහිරු සඳරුවන් Unregistered
      Windows 7 Chrome 45

      තෑන්ක්ස් සෑම් ෆිෂර්.???

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search