Absentia [S01 : E01] Sinhala Subtitle
Absentia S01 E01 – නැවත පැමිණීම
මම මේ පාර ලොකු වැඩකට අතගැහුවා.ඒ තමා මේක ඇවිත්වගේම සබ් කරලත් ටික දවසක් වෙනවා ඒත් මේක එකින් එක දෙනවද නැත්නම් ඔක්කොම එක පාර දීගෙන යනවද කියලා හිත හිත හිටියේ.පස්සෙ හිතුනා මේක බලන්න ආසාවෙන් ඉන්න අයත් ඇති කියලා ඒක නිසාම මම දෙන්න තීරණය කලා.ඇත්තටම මේක මටත් අහම්බෙන් හම්බඋන එකක්.මොකද කියනවනම් මේක මමත් දැක්කෙ ටීවී එකෙන්.(Colors Infinity channel එකෙන්) ටේලර් එක ඒකට පස්සෙ අනිවා බලනවා කියලා හිතාගත්තා ඒකෙන් මේකෙන් ආවා කතාව.හම්මෝ පිස්සු හැදෙන කතාවක් බලන් ගියාම.මේ අවුරුද්දෙ ආපු හොදම ඒවා ගොඩට දාන්න පුලුවන් මොකද එච්චරටම හොදයි.ඉතින් පස්සෙ සබ් එකත් කරන්න හිතුනා.පස්සෙ මේක මම හෙමින් සැරේ කරන්න බාරගත්තා.ඒත් සැරට කාටවත් කිව්වෙ නෑ.කරගෙන යද්දි රගේ තේරුනා මොකද මේකේ ගොඩක්ම තියෙන්නෙ ඔය Hint Words ඒ කිව්වෙ, කියන්නෙ එකක්, තේරුම එකක් වගේ.අනික තව ඔය වෛද්‍යමය දේවලුයි පොලිස් දේවලුයි.ඉතින් ඒවත් පිරිමහගෙන හෙමීට කරගෙන ගියා.මේකත් සතියක් ගානෙ එන එකක් සෑම සදුදාවකම එපියක් එනවා.මේ සදුදා 4වෙනි එකත් ආවා.ඒත් ලොකුම ප්‍රශ්නෙ තමා මේකට ඉංග්‍රීසි සබ් හෙන පරක්කුය.දැන් මේක ලියනකනුත් හතරවෙනි එකේ ඉංග්‍රීසි සබ් ඇවිත් නෑ.ඔන්න ඕකයි ප්‍රශ්නෙ.ඉතින් මේක මට ආපු දවසෙම දෙන්න වෙන්නෑ.මොකද ඉහත කියපු හේතුව නිසා අනික මේක ලේසිත් නෑ.මේකෙ තුන්වෙනි එපියෙ සබ් එක ආවෙත් හතරවෙනි එපිය ඇවිත් දවසකට පස්සෙ ඒ කිව්වෙ මේ අගහරුවාදා.ඉතින් කට්ටියට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා.දැනට සබ් ආපු එපි 3නම මම ඉවර කලා ඉතින් 4 වෙනි එක එනකම් ටිකක් ඉවසන්න වෙයි….
මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා (සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා.තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.එපි 10කින්ද සමන්විත වෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN (හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…
කතාව ගැන කියනවනම්,
එමිලි බර්න් කියන්නෙ FBI නියෝජිතවරියක්.මෙයා විවාහ වෙලා ඉන්නෙ නික් කියන FBI නියෝජිතයා එක්ක.මෙයාලට ඉන්නවා ලස්සන පුංචි පුතෙකුත්, මෙයාලා හුගක් සතුටින් කාලය ගත කරනවා.එක නොසිතූ දවසක Serial Killer (ශ්‍රේණිගත මිනිමරුවෙක්) මේ එමිලි බර්න්ව පැහැරගන්නව.එතනින් පස්සෙ හැමදේම වෙනස් වෙනවා.පස්සෙ කාලයත් එක්ක එමිලිගෙ අතුරුදහන් වීම සම්බන්දව සැකපිට කොනාඩ් හාලොව් කියල පුද්ගලයෙක්ව අත් අඩංගුවට ගන්නවා.ඒ එමිලි බර්න්ව මිනීමැරීම සම්බන්ධයෙන්….
“මේ මිනීමරුවට තමන්ගෙම කියලා සලකුණක මේ ගොදුරුවුන අයගෙ තියල යනවා ඒ තමා ඒ අයගෙ ඇහිපිල්ලම් කපලා දාන එක.”
මේ හැම දේම වෙන්නෙ ඇත්තම කතාව පටන්ගන්න අවුරුදු 6කට කලින්…දැන් අවුරුදු 6ක් ගතවෙලා එමිලිගෙයි, නික්ගෙයි පුංචි ලමයා, දැන් ලොකු ලමයෙක්.තව නික් දෙවෙනි කසාදයකුත් කරගෙන.එයාලා සතුටින් කාලය ගතකරනවා.ඒත් හදිසියේම රෑක නික්ට අර කෝනාඩ් හාලොව් ගෙන් ඇමතුමක් එනවා.එයා කියනවා එමිලි ජීවත් වෙනවා, මේක ඔයාගෙ දෙවෙනි අවස්තාව කියලා.තව එමිලි ඉන්න තැනත් කියනවා.නික් එතනට ගිහින් එමිලිව බේරගන්නවා.දැන් අර ලස්සන පවුල මොනවගේ තත්වයකට මුහුණදෙයිද?තමන්ගෙ පුතා අවුරුදු 6මැරිලයි කියලා හිතන් ඉදපු අම්මව කොහොම පිලිගනීද?කොනාඩ් හාලොව් හිරේ ගියානම් ඇත්තටම කෝල් කරේ කවුද?මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ වෙනම කෙනෙක්ද?මේවට පිලිතුරු හොයන්නත් ඉස්සරහට කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා…
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
සියලුම HDTV පිටපත් සඳහා
Spoiler Warning : After being declared dead in absentia, an FBI agent must reclaim her family, identity and innocence when she finds herself the prime suspect in a string of murders…
නියමයි සහෝදරයා,මගේ සුභ පැතුම්.දිගටම කරමු
ස්තූතියි පැතුම් සහෝ
අසනීපයෙන් හිටිය නිසා, සයිට් එක පැත්තේ එන්නත් බැරිවුණා.
අද තමා සයිට් එක දිහාවට ආවේ. බලනකොට සෑහෙන වෙනස්කම් කිහිපයක් වෙලා.
අලුත් ටීවී සීරියස් එකකටත් අත ගහලා වගේ. මාත් ට්‍රේලර් බැලුවා. පළවෙනි එපිය ආසාවට අරගෙන දැන් බලනවා.
සබට තෑන්ක්ස්.
එල එල
Get well soon bro???
Sorry “L ” එකක් මිස් වෙලා
Digatama demu bro.elas
එලම
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සබට තෑන්ක්ස්
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊