Brotherhood of Blades II: The Infernal Battlefield (2017) Sinhala Subtitle
subz.lk රසිකයන් හැමදෙනාම අද 70 වෙනි නිදහස් දවස නිදහසේ නිවසට වෙලා ගත කරනව ඇති කියල විශ්වාස කරනවා.ඔයාල නිදහස සැමරුවත් මට නම් ගෙදරට වෙලා නිදහස සමරන්න පිං මදී,මොකද මං ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියක රාජකාරි කරන නිසා, අද දවස ගැන හිතල විශේෂයෙන්ම උපසිරසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඇඩ්මින්ඩ් මඩුල්ලත් එක්ක සාකච්ඡා කරල ,සුපිරිම චයිනීස් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කරා.විශේෂයෙන්ම අද දවසට උචිත චිත්‍රපටයක්,නිදහස අරභයා කරන සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.එහෙනම් අපි චිත්‍රපටය ගැන කතා කරමු,
Brotherhood of Blades II: The Infernal Battlefield චයිනීස් චිත්‍රපටය ක්‍රියාදාම ,ඉතිහාස වර්ගීකරණයට අයත් චිත්‍රපටයක්,යැං ලුගේ අධ්යක්ෂණයට ෂු ජෙන්,යැං ලු,යං යු යන ප්‍රධාන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා.මෙම චිත්‍රපටය 2017 දෙසැම්බර් 01 වෙනි දින ලෝකය පුරා සිනමා ශාලවල් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනවා,මේ වන විට 6.9 IMDB අගයක් ගැනීමට චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.චිත්‍රපටය අන්තර්ගත කතාව ගැන කතා කලොත්,
චීනයේ මින්ග් රාජවංශයේදී, දූෂිත ආණ්ඩුවේ රහසිගත පොලිස් නිලධාරියෙකු වන ෂේන් ලියාන් ආණ්ඩුවේ කුමන්ත්රණයකට ලක්වූන කිසිම දෙයකට සම්බන්ධ නොමැති තරුණියක් බේරා ගැනීමට තම දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පිළිබඳව චිත්‍රපටයේ පසුබිමවේ.බෙයිෂායි නැමති මේ තරුණිය බේරගන්න නම් මේ රටෙන් වෙන රටකට රැගෙන යායුතුයි,ඔහු ඇයව වෙනත් රාජ්‍යකට රැගෙන යන්න පුළුවන් වේවිද? ඒ ගමනේදී ඔහුට හමුදා භටයන් එක්ක උරට උර ගැටෙන්න පුළුවන් වේවිද? ඒ.ගැන දැන ගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
එකදිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම චිත්‍රපටයක්,තාත්විකව රෑප රාමු සහිත උසස් ගණයේ චිත්‍රපටයක්,එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බවෙමු.
Niyamai friend thanks sub…ekata aluth fims digatama denna
අනිවාර්යයෙන්ම
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
තැන්ක්ස් සුමින්ද
Thanks Saho…..Digatama Sub Denna…..Cngrats..!
මේකයි එහෙනම් දෙනවා කිව්ව ෆිල්ම් එක.
මං මේකේ පූර්ව ප්‍රචාරක පටය බැලුවා. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න ගිහිල්ලත් කළේ නෑ,
සබ් එක නැති නිසා. දැන් ඉතින් අවුලක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තෑන්ක්ස් සහෝ සබ් එකට. මේ වගේ ෆිල්ම් වලට තව සබ් දෙන්න. ජයවේවා!!!
අනිවාර්යයෙන්ම,මුලින්ම උපසිරසි ලබා දුන්නේ අපි,ඒ ගැන ආඩම්බර වෙන ගමන්ම, ඔබේ අදහසට ස්තුතියි
මං මේ චිත්‍රපටය හෙට දිනයේ ලබා දෙන්න හිටියෙ,එත් සිදුවන තාක්ෂණික දෝෂයක් නිසා අද පෝස්ට් වෙලා,ඒ ගැන කනගාටු වෙනවා.ලිපිය 04 වන දිනට අදාලව ලියා ඇත්තේ.
උපසිරසට බොහොම ස්තුතියි සහෝ….උත්සාහය ගොඩක් අගය කරනව……
tnks saho sub ekata
aiye sub eka play wenne nene hariyata
?? mokakda use karana player eka…
KMPLATER SINHALA front eka penne ne aiye
malliyo…pot player eka use karanna…
KMPLATER SINHALA front eka penne ne mokakda aula
Supiri mchn..Thank Uuu….
thnx sub ekata
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
එල සහෝ….තවත් වැඩි වැඩියෙන් Film ලැබේවා!!!???
sub eka play wenne na hariyATA mcn km player use krnne
සබ් දෙකක් ඇති,මොබයිල් එකෙන් චිත්‍රපටය බලනවනම් mobile watch සබ් එකෙන් බලන්න,නැත්නම් ඔබ පරිඝණකයෙන් බලන්නේ නම් pc watch සබ් එකෙන් බලන්න