“පිස්සු සහෝදරයෙක්” කිව්වම සමහර අයට එයාලගෙ සහෝදරයවත් මතක් වෙනවා ඇති. ![]()
මම මගේ දෙවෙනි උපසිරැසියෙන් ගෙනාවෙ අන්න ඒවගේ පිස්සු සහෝදරයො දෙන්නෙක්ගෙ කතාවක්. මේක නම් හැබැයි 2017 අවුරුද්දෙ තිරගත වුණ එකක්. You Jeong Jangගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMBD rating එක 6.2 ක් තියෙන ධාවන කාලෙකින් යුක්ත සුපිරි ෆිලුමක්. මුල ඉඳන් අගටම හිනා යන එකනං අඩුවක් නැතුවම වෙන කතාවක්.. කොරියන් ෆිල්ම් බලන අය හොඳටම අඳුරන ඩබලක් තමා මේකෙ ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ. ඒ කවුද කියලා කිව්වොත් Train to Busan(2016) ,The Bad Guys: Reign of Chaos(2019), The Soul-Mate(2018), The Villagers (2018),… වගේ සුපිරි ගණයේ ඇක්ෂන් ෆිල්ම්වල රඟපාපු Ma Dong-seok සහ Confidential Assignment(2017), Extreme Job(2019),Exit(2019),… වගේ කොමඩි ඇක්ෂන් එකට මිශ්‍ර විච්ච සුපිරි ෆිල්ම්වල රඟපාපු Lee Dong-hwiයි.

කතාව පැත්තට ගියෝතින් සුක් බොං, ජෝ බොං කියන්නෙ ගෙදරින් එලවපු සහෝදරයො දෙන්නෙක්. සුක් බොං වෘත්තියෙන් කතිකාචාර්ය කෙනෙක්. ඒත් පොර නිදන් හොයනවා. ජෝ බොං ඉදිකිරීම් ආයතනයක රස්සාව කරනවා. ජෝ බොංගෙ රස්සාව නැතිවෙන්න යන වෙලාවක වගේම සුක් බොංගෙ අර නිධන් හොයන වැඩේ කණපිට ගැහුණු මූසල දවසක තව මූසල මැසේජ් එකක් එනවා එයාලට තාත්තා මැරිලා කියලා. ඉතින් දෙන්නම ගෙදර දුවන් යද්දි මේ දෙන්නට සුපිරි වැඩක් වෙනවා. ඒ සිදුවීමත් එක්ක ඉදිරියට ගලාගෙන යන කතාවෙ නොහිතපු දෙයක් වගේම දුක හිතෙන දේකුත් වෙනවා.. මතෙනින් එහාට මං කතාව කියන්න යන්නෑ. එතකොට ඒක වැඩක් නැතිවෙනවනේ
රොමෑන්ස් එහෙම මුකුත් නැති වුණාට ලස්සනම ලස්සන කතාවක්. පුළුවන් හැමෝටම අරන් බලන්න කියලා කියන ගමන් මේක මගේ දෙවෙනි උපසිරැසිකරණය නිසා වැරැද්දක් තියේ නම් සමාවෙන්න කියලා ඉල්ලනවා. මට මේක කරන්න ඉඩ දීපු Subz.lk සයිට් එකේ ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරන ගමන් මම නවතින්නම්.
බුදු සරණයි!!!!

බොහොම ස්තූතියි උපසිරැසියට!
ජය වේවා!
ගොඩක් ස්තූතියි කමනේට් එකට:smiley::smiley:
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ගොඩක් ස්තූතියි කමනේට් එකට:smiley::smiley:
sub ekata godak thanks sis
ගොඩක් ස්තූතියි කමනේට් එකට:smiley::smiley:
තෑන්ක්ස් සබ් එකට
ගොඩක් ස්තූතියි කමනේට් එකට:smiley::smiley:
තෑන්ක්ස් සබ් එකට:innocent::innocent:
ගොඩක් ස්තූතියි කමනේට් එකට:smile::smile:
ela