අදුරේ ගමන් කරන ගුරුවරයා 10 වන කතාව
මේ කොටස අද දෙනවා කියන්නේ …හේ හේ …ඔයාලා හිතුවේ අදුරේ ගමන් කරන ගුරුවරයා, 9 වෙනි කොටසේ අවසානයේ යාන් සුන් ව බෙර ගත්තා කියලාද ? කියන්න කණගාටුයි එහෙම උනේ නැහැ එක අද කොටසින් බලා ගන්නකො..ඔන්න පොඩ්ඩක් අද කතාව spoiler කරා ..එතකොට අදුරේ ගමන් කරන ගුරුවරයා වාගේම අපිත් මෙච්චර කල් බලාගෙන හිටපු රහස් සැලැස්ම (ඔටුන්න හිමි Junghyun කුමරුගේ අත්පොතේ තියෙන ) මොකක්ද කියලා දෑන ගන්න පුළුවන් වේවි ..මතක තියා ගන්න එක පෙහෙලිකාවක් විදියට තියෙන්නේ කියලා ..එක පස්සේ කොටස් වලදී හෙළි වේවි ..
ඔයාලා ආදරය කරපු හැගීම්බර සිසුවාට ඔයාලා වයිර කරනවා ඇති .. යාන් සුන් වාගේම එයාගේ තාත්තාට ..එයාගේ යාලුවන්ට වද දෙනකන් බලන් හිටපු එකට ..ඒ වාගේම රජතුමාට ඔයාලා කැමති වෙලා ඇති ..මොකද එයා මෙච්චර කල් හැංගිලා කරේ ගිවී ට එරෙහිව සටන් කරන්න සේනාව රැස් කරා කියලා දැන ගත්ත නිසා ..ඒ වාගේම ඔයාලාගේ ඇස් වලට කදුලක් එන්න ඇති …යාන් සුන් ගේ තත්තා මරුන නිසා (මැරුණා නෙවෙයි හරියටම කිව්වොත් මැරුවා )…
විශේෂයෙන් මතක් කරන්න ඕන Lee Yu-bi (යාන් සුන්) ගේ රග පෑම් අද්විතීයයි කියලා ..මොකද දන්නවාද ? ..බලාපොරොත්තු සුන් උන බව තමන් තනි උන බව වචනයෙන් නැතිව කොහොමද පෙන්වන්නේ ? කකුල් යන නිසා යන ගමන් කෙහෙල් පරදැලක් හෙලවෙනවා ..මුනෙන් පෙන්නවා හිස් බවක් ..මට එක වචනයෙන් පැහැදිලි කරන්න අමාරුයි ..ඇත්තටම ඒ වාගේ සියුම් තැන් Lee Yu-bi නියමෙට රගපානවා .. චරිතෙට බැහැලා රගපානවා ..Lee Yu-bi නම් කිව්වේ එයා නෙවෙයි ..Lee Joon-gi (අදුරේ ගමන් කරන ගුරුවරයා) තමයි චරිතෙට බැහැලා රගපාවේ කියලා ..
විශේෂයෙන් මතක් කරන්න ඕන :..ඊලග කොටස නම් ටිකක් පරක්කු වෙයි ..මොකද මම වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ ..මට ඕන උනේ කට්ටිය මේ කතාව බලනවාද නැත්ද කියලා එකයි ..comments ,downloads බලලා සබ් එක කරේ .ඇත්තටම comments ,downloads ඕන මට නෙවෙයි ..අපේ උපසිරැස අනිත් අයට ..මොකද එයාලා සතුටු වෙන්නේ ඒවා වලින් ..ඔයාලා කරන හැම comments එක්කම එයාලාට Notification එකක් විදියට යනවා ..එතින් හැම එකක්ම එයාලා කියවනවා ..එතින් ඔයාලා එ අයට comment එකක් දාලා ගියාම පස්සේ ඒ කෙනාට comment එකක් දාලා ඔයාලා කැමති උපසිරැසක් ලබා ගන්න පුළුවන් නේ ..නැතිව එක පාරටම සබ් ඉල්ලා comment කරාම එයා සබ් එක දේවිද නැත්ද කියන්න මම දන්නේ නැහැ ..ඒ වගේම ඇඩ්මින් අය ගෙන් සබ් ඉල්ලනවා .ඉතින් දවසකට සැහෙන්න ප්‍රමාණයක් msg එනවා .එතින් ඒ ඉල්ලීම් වලට සබ් එක කරන්න කියලා උපසිරැස කරන කෙනෙක්ට කියන්නේ කි දෙනෙක් ඉල්ලා තියෙනවාද බලලා ..ඉතින්සමහර වෙලාවට ඇඩ්මින් අයට අමතක වෙන්නත් පුළුවන් ..ඉතින් හොදම දේ තමයි අර මම කලින් කියපු දේ කරන එක .
thanks macho
කොහොමද sub play කරන්නේ ??
mokada pashne dear!!
Download link dennko