Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Ford v Ferrari (2019) Sinhala Subtitle

Ford v Ferrari (2019) Sinhala Subtitle

Ford v Ferrari (2019) Sinhala Subtitle
Watch Now
Sinhala Subtitles

Ford v Ferrari (2019) Sinhala Subtitle

HD
24
Ford v Ferrari (2019) Sinhala Subtitle
HD
24 views
HD Quality
Sinhala Sub
Close
January 02, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.3
GENRES
ActionBiographyDramaEnglish MoviesGenresMovies
CAST

Matt Damon, Christian Bale, Jon Bernthal, Caitriona Balfe

 

‍[BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. WEBRip සහ WEB-DL පිටපත් සඳහා ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය.කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න ]

ජේසන් කෙලර්, ජෝන්-හෙන්රි බටර්වර්ත්, ජෙස් බ්‍ටර්වර්ත්ගේ රචනයෙන් ජේම්ස් මැන්ගෝල්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන් අපවෙත එන මේ Ford V Ferrari (2019) චිත්‍රපටය මේ වනවිටත් IMDB අගය 8.3ක් ලබාගෙන එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 130වන ස්ථානයත් තමන් සතු කරගෙනයි සිටින්නේ. ඊට අමතරව ගෝල්ඩන් ග්ලෝබ් සමාමනයක් ඇතුළු සම්මාන 17කිනුත් පිදුම් ලබා තිබෙනවා මේ වනවිට. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 92%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 81ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 94%කුත් ලබාගෙන තිබෙනවා මේ නිර්මාණය. ඊට අමතරව ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ හොලිවුඩයේ දක්ෂතම තරු දෙකක්, ඒ තමයි මැට් ඩේමන් ( කැරොල් ෂෙල්බි ලෙස) සහ ක්‍රිස්ටියන් බේල් (කෙන් මයිල්ස් ලෙස) රංගන ශිල්පීන් දෙදෙනා. රංගනයෙන් දායක වන අනෙකුත් ශිල්පි ශිල්පිනියන් වන්නේ ජොන් බර්න්තල් ( ලී අයකෝකා),කෙත්‍රියෝනා බාෆ් (මොලී), ජොෂ් ලූකස් ( ලියෝ බීබි), නෝආ ජූප් (පීටර් මයිල්ස්), ට්‍රේසි ලෙට්ස් (හෙන්රි ෆෝඩ් II), රෙමෝ ජිරොන් ( එන්සෝ ෆෙරාරි), රේ මැකිනොන් (පිල් රෙමිංටන්) ඇතුළු පිරිසක්. මේ මැට් ඩේමන්-ක්‍රිස්ටියන් බේල් සුසංයෝගය ඉතාම සාර්ථකව ගැලපිලා තිබෙන බව කියන්න පුළුවන් චිත්‍රපටය තුල , විශේෂයෙන්ම ක්‍රිස්ටියන් බේල්ගේ රංගනය ඉතාම ඉහල තලයක තිබෙනවා, ඔහු රඟපාන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ චරිතයක් බව සලකා බලද්දි (ඔහු උපතින් බ්‍රිතාන්‍යයකු වුවත්). Vice (2018) හි ඩික් චේනි චරිතය වෙනුවෙන් ශරීරයේ බර විශාල ලෙස වැඩිකරගත් ඔහු මෙවර සැලකියයුතු ප්‍රමාණයකින් සිරුරේ බර අඩුකරගෙන තිබෙනවා මේ චරිතය වෙනුවෙන්. මැට් ඩේමන්ගෙන් මෙහි කැරොල් ෂෙල්බි චරිතය තෝරාගැනීම ගැන ඇසූවිට ඔහු පවසා තිබුණේ තම එකම අරමුණ වූයේ ක්‍රිස්ටියන් බේල් සමග රඟපෑම බවයි.

සැබෑ කෙන් මයිල්ස් (වමේ)

සැබෑ කැරොල් ෂෙල්බි (දකුණේ)

• ෆෝඩ් මෝටර්ස් හා හෙන්රි ෆෝඩ්

ෆෝඩ් මෝටර්ස් ලාංජනය එදා මෙදා තුර

හෙන්රි ෆෝඩ් මහතා

ෆෝඩ් මහතා සහ එම මහත්මිය තම මුල්ම මෝටර් රථයේ ගමන්ගන්නා ආකාරය

නූතන මෝටර් රථයේ පියා ලෙස අප බොහෝ දෙනා සලකන්නේ හෙන්රි ෆෝඩ් මහතා වුවත්, අදවනවිට එම ගෞරවය හිමිවන්නේ ජර්මන් ජාතික ඉංජිනේරුවන් වූ කාල් බෙන්ස් මහතා හා ගොට්ලිබ් ඩෙම්ලර් මහතා හටයි.

කාල් බෙන්ස් මහතා

ගොට්ලිබ් ඩෙම්ලර් මහතා

ඊට හේතුව හෙන්රි ෆෝඩ් මෝටර් රථය නිපදවූවේ 1896 වසරේ වද්දී කාල් බෙන්ස් සහ ගොට්ලිබ් ඩෙම්ලර් තම මුල්ම මෝටර්රථය නිපදවන්නේ 1885 වසරේදී නිසා. එසේ වුවත් මෝටර් රථය ජනතාවට සමීප කිරීමේ ගෞරවය හිමිවන්නේ හෙන්රි ෆෝඩ් මහතාටයි. පළමුවැන්නා කවුරුන් වුවත් මේ සියලු දෙනා ලෝකයට දක්වා ඇති දායකත්වය අමතක කරන්නට බෑ අපි කාටවත්.

කාල් බෙන්ස් හා ගොට්ලිබ් ඩෙම්ලර් නිපදවූ මෝටර් රථය (1885–1886) මෙයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනෙන්නේ 1886 වසරේදී. එම නිසාම මෙය මෝටර් රථයේ උප්පැන්නය ලෙසද සැලකෙනවා.

• එන්සෝ ෆෙරාරි මහතා සහ ෆෙරාරි මෝටර්ස්

ෆෙරාරි ලාංජනය

එන්සෝ ෆෙරාරි මහතා (මැද) තම ෆෙරාරි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු අධීක්ෂණය කරමින් (1947 වසරේදී)

ෆෙරාරි නම කී සැනින් අපට සිහියට නැගෙන්නේ මෝටර් රථ ධාවන තරඟ, ඒ ඔවුන් තරම් මෝටර් රථ ධාවන තරඟවලට- විශේෂයෙන්ම ෆෝමියුලා 1 තරඟවලට- සම්බන්ධ වෙනත් රථවාහන නිෂ්පාදන සමාගමක් ඇත්තේම නැති තරම් නිසා. එහි නිර්මාතෘවරයා වන්නේ එන්සෝ ෆෙරාරි මහතායි. ඉතාලියේ මොඩේනාහීදී උපන් ඔහු තම ජීවිතය රථවාහන වෙනුවෙන් කැප කල අයෙක් වගේම දැඩි මෝටර් රථ ධාවන තරඟ ලෝලියෙක්.

අප මේ Ford v Ferrari(2019) චිත්‍රපටය තුලින් දකින්නේ ඔහු හා ෆෝඩ් මෝටර්ස්හි අධිපතිව සිටි හෙන්රි ෆෝඩ් II ( හෙන්රී ෆෝඩ්ගේ මුණුබුරා) අතර ඇතිවන ද්වන්ධ සටනේ කතාවත්, ෆෝඩ් මෝටර්ස්හි මෝටර් රථ ධාවන තරඟ අංශය වෙනුවෙන් තම උපරිම දායකත්වය දැක්වූ, නමුත් ඕනෑම ආයතනයක් තුල තිබෙන ආකාරයටම ෆෝඩ් මෝටර්ස් තුලත් තිබූ කාලකණ්ණි නිලධාරීවාදයේ ගොදුරක් බවට පත්වන කැරොල් ෂෙල්බි සහ කෙන් මයිල්ස්ගේ කතාවයි. සහතිකවලට සීමාවූ ප්‍රායෝගික දැනුමකින් තොර නිලධාරීවාදය කියන භීතිකාවේ කටුකත්වය රැකියාවක් කර ඇති , කරන ඔබ ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම අත්විඳ හෝ තවමත් අත්විඳිනවාද ඇති. මෙහි කතාව තුල තම සමාගම සහ එහි නිලධාරියෙකු දුෂ්ටයන් ලෙස පෙන්වන්නේයැයි කියමින් ෆෝඩ් සමාගම මෙම චිත්‍රපටයට සම්බන්ධව නෑ. එසේම චිත්‍රපටය තුල තවත් අපිට නිවැරදිව නොපෙන්වන බොහෝදේද තිබෙනවා, එයින් ප්‍රධානම වන්නේ මෙම චිත්‍රපටයට පාදක වන Ford GT-40 මෝටර් රථයේ ඉතිහාසය. චිත්‍රපටයේ සඳහන් නොකෙරෙතත් එහි මුල් නිර්මාණකරු වන්නේ බ්‍රිතාන්‍ය Lola Carsහි හිමිකරුව සිටි ඉංජිනේරු එරික් බ්‍රෝඩ්ලි (1928-2017).

එරික් බ්‍රෝඩ්ලි මහතා ( දකුණේ සිට දෙවැන්නා) තම ලෝලා රථයක ගැටලුවක් විසඳමින්

ඔහු අඟල් 40ක් උස (මෙය චිත්‍රපටය නැරඹීමේදී වැටහෙයි) මෝටර් රථයකට V-8 එන්ජිමක් සවිකොට 1963 ලෙ මාන් ධාවන තරඟයට එක්වෙන නමුත් යාන්ත්‍රික දෝෂයක් නිසා තරඟයෙන් ඉවත්වීමට සිදුවෙනවා.

Lola Mk6 රථය

පසුව ෆෝඩ් සමාගම කරන්නේ ඒ මෝටර් රථයේ අයිතීන් තම සමාගම වෙත මිලදීගැනීමයි. එපමණක් නොව ඔවුන් එරික් බ්‍රෝඩ්ලිව ෆෝඩ් වෙත බඳවාගන්නවා රථයේ වැඩිදියුණු කිරීම් කටයුතුවලට. එතනිනුයි එම Lola Mk6 අනුකරණය කරමින් මේ චිත්‍රපටයේ ඔබ දකින Ford GT-40 රථය නිර්මාණය වෙන්නේ..

Ford GT-40 රථය

ධාවන තරඟ හා මෝටර් රථ සම්බන්ධ තාක්ෂණික යෙදුම් විශාල ප්‍රමාණයක් මෙම චිත්‍රපටයේ දෙබස්වල අන්තර්ගත අතර එයින් චිත්‍රපටය නැරඹීමේදී ඔබට ගැටලුවක් විය හැකි කීපයක් පහතින් පැහැදිලි කරන්නම් දැන්.

• ඉන්ලයින් 6

රථවාහන ගැන කතාකෙරෙද්දී ඔබ බොහෝවිට මෙම වචනය අසා ඇති, මෙහිදී ඉන්ලයින් නොහොත් ස්ට්‍රේට් 6 ලෙස හැඳින්වෙන්නේ එන්ජින් බ්ලොක් එකේ සිලින්ඩර් පිහිටා ඇති ආකාරයයි. එනම් ඉන්ලයින් ක්‍රමයට සිලින්ඩර් හයකින් සමන්විත යන්නයි. පහත රූපයේ Inline 4 සහ 5 රූප බලන්න. V ලෙස හැඳින්වෙන්නේ V අකුරේ හැඩයට දෙපසට සිලින්ඩර් පිහිටා ඇති යන්නයි. V-5, V-6,V-8 ලෙස නම් කර ඇති රූප බලන්න. එතනින් Strait-5 සහ V-5 රූප දෙක ගැලපීමෙන් ඔබට තේරෙනවා එකම සිලින්ඩර් ප්‍රමාණය සහිතව දිගින් ප්‍රමාණයෙන් අඩුවන ලෙස එන්ජිමක් සැකසිය හැකි බව V ක්‍රමයට. චිත්‍රපටය තුලදී රථයක දිග අඩුකිරීමක් ගැන කතා කරනවා කෙන් මයිල්ස්. එම දෙබස වටහාගැනීමට මෙය වැදගත් වෙන නිසයි සඳහන් කලේ.

මෙයින් ෆ්ලැට් බ්ලොක් එන්ජිම හොරිසෙන්ටල් ඔපෝස් ටයිප් ලෙසත් හැඳින්වෙනවා. දිය හැකි හොඳම උදාහරණය තමයි වොක්ස්වාගන් බීට්ල් රථයේ එන්ජිම

දෙපසට සිලින්ඩර් පිහිටා ඇති ආකාරය

• NASCAR ( National Association for Stock Car Auto Racing)

සරලවම මෙය ස්ටොක් මෝටර්රථ රේසිං තරඟ සංවිධානය කරන සංවිධානයක්. මෙහිදී ස්ටොක් කාර් ලෙස හැඳින්වෙන්නේ රේසිං සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය නොකල, සාමාන්‍ය වෙලඳපොලේදීද මිලදී ගැනීමට ඇති- එසේ මිලදීගෙන පසුව ධාවන තරඟ සඳහා අවශ්‍ය වැඩිදියුණු කිරීම් කල- යන්නයි.

• කෝක්-ස්කෲ වංගුව (Corkscrew turn)

මෙය මධ්‍යම කැලිෆෝනියාවේ පිහිටා ඇති Laguna Seca මෝටර් රථ ධාවන පථයේ පිහිටි සුප්‍රකට එක ලඟ පිහිටි කෙටි වංගු දෙකක්. මෙහි ඇති විශේෂත්වය තමයි එහි ඇති ක්ෂණික බෑවුම. මේ වීඩියෝවේ පලමු විනාඩියේ සිට නැරඹුවොත් ඔබට එය පහසුවෙන්ම වටහාගන්න පුළුවන්.

• අන්ඩර් ස්ටීයර්

මෙය රථවාහනවල වේගයත් සමගම එන, එසේම ඝර්ෂණය හා සබැඳි ගැටලුවක්. ඔබට පහත රූපයෙන් එය වටහාගන්න පුළුවන් පහසුවෙන්ම. එහි වමේ ඇති රූපයේ දැක්වෙන්නේ අන්ඩර්ස්ටීයර් සංසිද්ධිය. කොල පැහැ කඩ ඉරිවලින් දක්වා ඇත්තේ රියදුරාට රථය හැරවීමට අවශ්‍ය ආකාරය වුවත්, ඔහු සුක්කානම හසුරවන්නේද නිවැරදි ආකාරයට වුවත්, අන්ඩර්ස්ටීයර් වීම නිසා රතු කඩිරෙන් දක්වා ඇති ආකාරයට එය මාර්ගයෙන් ඉවත ඇදී යනවා. දකුණේ ඇති රූපයේ දැක්වෙන්නේ එහි ප්‍රතිවිරුද්ධ සංසිද්ධිය, එනම් ඕවර් ස්ටීයර් වීම. පේනවනෙ රියදුරාගේ පාලනය නොසලකා රථය ඕනාවට වැඩියෙන් වංගුව තුලට ඇදීයනවා.

• හොට් රොඩ් (Hot Rod)

හොට් රොඩ් එකක් යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ප්‍රමාණයේ එන්ජින් ඇතුළු විවිධ දේ එකතුකර නවීකරණය කෙරුණු පැරණි හෝ අලුත් ඇමරිකානු නිෂ්පාදිත ඕනෑම මෝටර් රථයක්.

• ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්

ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් යනු පොලවේ සිට රථයක පහතින්ම ඇති ස්ථානයට ඇති උසයි. ඉහත රූපයෙන් වඩාත් පැහැදිලි වනු ඇති.

• පිට් (Pit or Pitstop)

ධාවන තරඟයකදී මෝටර් රථයට නඩත්තු සේවා ලබාගැනීමට ඇති ස්ථානයි පිට්ස් විදියට හැඳින්වෙන්නේ.

• ෆෝඩ් මෝටර්ස් සහ දෙවන ලෝක යුද්ධය

චිත්‍රපටයේදී ඔබට දකින්න ලැබෙයි හෙන්රි ෆෝඩ් II මහතා ගොඩනැගිල්ලක් පෙන්වා කියනවා දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයට ෆෝඩ් සමාගම ලබාදුන් දායකත්වය ගැන. ඒ B-24 බෝම්බ හෙලන යානා නිෂ්පාදනය කිරීම මගින් . ඔවුන් ඒවා නිෂ්පාදනය කරන්නේ විලෝ රන් නම් කර්මාන්තශාලාව තුලයි, එය තමයි ඔහු පෙන්වන්නේ.

විලෝ රන් කර්මාන්තශාලාව තුල B-24 බෝම්බ යානා නිෂ්පාදනය කෙරෙමින්

එහෙනම් ඒ ඇති මම හිතන්නෙ. චිත්‍රපටයේ කතාව ගැන කියන්න දෙයක් නෑ, ලිපිය කියවූ ඔබට මේ වනවිට දල අදහසක් ඇති කතාව පිලිබඳව.සාමාන්‍යයෙන් මෙවන් චිත්‍රපටවලදී අපි දකින වේගයම පමණක් ඉස්මතු කර දක්වන විලාශයෙන් බැහැරව ගොස්, ධාවන තරඟ යනු වේගයම නොවන බව අපට හොඳින්ම පෙන්වන්නටත්, ජීවිතය ගැන යම් පාඩමක් කියාදෙන්නටත් මේ චිත්‍රපටය සමත් බවත් කිව යුතුයි. එහෙනම් මගහැරගන්න එපා මේ උද්වේගකර සේම අනුවේදනීය අත්දැකීම. මම ගිහින් එන්නම්, හමුවෙමු Maleficent: Mistress of Evil (2019) චිත්‍රපටයේ උපසිරැසිය සමගින්.

           සමහරවෙලාවට, ඩ්‍රයිවර්ලා කාර්වලින් බහින්නෑ

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.

Ford v Ferrari (2019) Sinhala Subtitle + Video

480p 480p 863.87 MB
Download
534p 534p 904.39 MB
Download
Ford v Ferrari (2019) Sinhala Subtitle 32669 Downloads
උපසිරැසිය සහ වීඩියෝව බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
32669 වාරයක්
Download Links
720P
DIR
1080P
DIR
720P
TOR
1080P
TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p bluray 1.37 GB
GET
1080p bluray 2.71 GB
GET
2160p bluray 8.75 GB
GET
720p web 1.37 GB
GET
1080p web 2.71 GB
GET
Discussion (19)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-02

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ලිපියත් සුපිරියටම ලියල තියෙනවා 👊👊👊…
    ජය වේවා.!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2020-01-03

      බොහොම ස්තූතියි, හෂාන් 🙂

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2020-01-03

    සුභ නව වසරක් වේවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2020-01-03

      ඔබටත් සුභ නව වසරක් වේවා,Kantha 🙂

  • mithun Unregistered
    Android 8 Chrome 78
    2020-01-03

    WAW ,Amazing.. ❤
    සුපිරි එකක් ..
    තව ඉන්නව WEB- එනකල්..
    THANKS YOU

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2020-01-03

      මේක WEBRip එකක් හා සමානයි, මිතුන්. DVD Screener කිව්වට WEB screener එකක් මම හිතන්නෙ.

      මෙන්න දැන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්.

      https://ibb.co/x51n38H

    • mithun Unregistered
      Android 8 Chrome 78
      2020-01-04

      සම්මාන උලෙළවල් හින්ද එලියට දල වගේ නෙද.ඔස්කාර් ලගයි නෙද ..😍

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2020-01-04

      කොච්චර පරිස්සමට යවන්න හැදුවත් කොහෙන්හරි එලියට එනවා.පයිරෙට් ජාලෙ එච්චර පුළුල්.

    • mithun Unregistered
      Android 8 Chrome 79
      2020-01-28

      අම්මො එක😃😁

  • Dananjaya Unregistered
    Android 9 Chrome 79
    2020-01-08

    අති සුපිරියක් වීඩියෝ එකේ ගුණාත්මක බවත් ඉහලයි
    ස්තූතියි සබ්ස්.lk

    Reply
  • mithun Unregistered
    Android 8 Chrome 79
    2020-01-28

    Please weBRip update ……………….😍😍😍😍😍😍😍😍😍😍😍😍😁😁👻

    Reply
  • mithun Unregistered
    Android 8 Chrome 79
    2020-01-28

    WeBRip එක ආවෝ…………..😍😍😍😍😍😍😍😍

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-01-28

      උදේම අප්ඩේට් කලා, මිතුන්. රිප්ලයි එකක් දාන්න අමතකවුණානෙ.

    • Sugath kumara Unregistered
      Android 8.1 Chrome 79
      2020-02-03

      Thanx for the… sub and. The information

  • Rohan Jayasekara Unregistered
    Windows 10 Chrome 79
    2020-01-28

    sirawatama watinawa machan story eka details dunnata, godak mahansi wela , thanks

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-01-29

    පට්ටම ෆිල්ම් එක……. සබ් එක සුපිරි ….❤❤❤❤
    🌟🌟🌟🌟🌟
    කතාව රෙසින් එකට එන්ටර් වෙන විදිය නම් පට්ට .නියම කතාව..
    මෙවගේ රෙස් එකක් ටිවී චැනල් එකකින් වත් බැලුවෙ නෑ එච්චර අරම් තියෙනවා සුපිරි එකට

    Reply
  • Sachintha Nimsara Unregistered
    Windows 10 Chrome 79
    2020-02-04

    සබ් එකට tnq වෙවා මචන්ලා

    Reply
  • Dolosbage DS User
    Windows 10 Chrome 79
    2020-02-17

    සුබ පතනවා මහන්සිය නිවාගන්න ලොකු ගමනකට……..

    Reply
  • Bruce Unregistered
    Windows 10 Chrome 81
    2020-05-23

    බොහොම ස්තූතියි සබ් එකට,. ලිපියත් ෆට්ට.

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 494
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved