Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Comedy
  3. Jojo Rabbit (2019) Sinhala Subtitle

Jojo Rabbit (2019) Sinhala Subtitle

March 02, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.0
GENRES
ComedyDramaEnglish MoviesGenresMoviesWar
CAST

Roman Griffin Davis, Thomasin McKenzie, Scarlett Johansson, Taika Waititi

උපසිරැසි ගොණුව තුල BLURAY සහ ‍WEB පිටපත් සඳහා වෙන් වෙන්ව සැකසූ උපසිරැසි දෙකක් අන්තර්ගත වන අතර කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. ඔබවෙත ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වල ඇති වීඩියෝ පිටපත්වලට අමතරව අන්තර්ජාලයේ ඇති ඕනෑම BLURAY හෝ WEB පිටපතක් සඳහාද එම උපසිරැසි ගැලපේ.

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම අපේ තමෝද් සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි මේ වසරේ 2020 ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 6කට නිර්දේශව එයින් එක් සම්මානයක් දිනාගෙන ඊට අමතරව තවත් වෙනත් සම්මාන 31කට හිමිකම් කියූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි Jojo Rabbit(2019) .

හිට්ලර්…නම කියපු සැනින් ඕනෑම කෙනෙකු දන්නවා වගේම යුදෙව්වන් මිලියන ගණනකට දිවි අහිමිකල ඔහුගේ කුරිරු ඒකාධිපති පාලනය විවිධාකාරයෙන් සිනමාවටද නැගී තිබෙනවා අපි ඕනෑතරම් දැක තිබෙනවා. විටෙක ඒ දරුණුභාවය එලෙසම අප හමුවට එද්දී, විටෙක එය හාස්‍යය සමග මුසුකරද සිනමාවෙන් අප දැක තිබෙනවා. මේ Jojo Rabbit (2019) චිත්‍රපටයත් එවැන්නක්. හිට්ලර් චරිතය සෘජුව අපවෙත ඉදිරිපත් කිරීමක් නොවන නමුත් ඔහුගේ පාලනය තුල තිබූ උග්‍ර යුදෙව්විරෝධී භාවය, එයට හිට්ලර් විසින් ඉදිරිපත් කරන යම් නිදහසට කාරණා සහ හේතු සාධකවල ඇති හාස්‍යජනක ස්වභාවය, ඒවා අන්ධභක්තියෙන් පිලිගන්නා දේශපාලන වහලුන්ගේ අමනෝඥභාවය සහ ඔහුගේ යම් රීතීන්ගේ තිබූ හාස්‍යජනකභාවය ( උදා: තැනක් නොතැනක් නොබලා කියවන හිට්ලර්ට ජයවේවා වාක්‍යය) ඉතා සියුම්ලෙස නරඹන්නාට ඉදිරිපත් කිරීමක් ලෙස මෙය කෙටියෙන් අර්ථ දක්වන්නට පුළුවන්. කොකාට වාරයක් ඇත්නම් තිත්තයාටද වාරයක් තිබෙන්නේය යන ජනවහර ඔප්පුවීමක් මෙන්ම දෛවයේ සරදමක් ලෙසද මෙය දැක්විය හැක්කේ මෙහි අධ්‍යක්ෂවරයා වන නවසීලන්ත ජාතික ටයිකා වයිටිටි මෞරි- යුදෙව් සම්භවයක් ඇත්තෙකු වීම නිසයි. යුදෙව් විරෝධී හිට්ලර්ගේ චරිතයට පණ පොවන්නේද ඔහු විසින්මයි. හිට්ලර් චරිතයට ඔහුටම පණපෙවීමට සිතුණේ ඇයිදැයි ටයිකා වයිටිටිගෙන් වරක් විමසූ විට ඔහු පවසා තිබුණේ ” උත්තරය සරලයි. ඔහුට (හිට්ලර්ට) කිරීමට ඊට වඩා සරදමක් තිබේද?” කියායි. කෙසේ හෝ මේ නිර්මාණය ඇමරිකාවේ උපන් නවසීලන්ත-බෙල්ජියානු ලේඛකා ක්‍රිස්ටීන් ලුනන්ස්ගේ Caging Skies නවකතාව ඇසුරින් නිමවූවක් වන අතර එය තිරයට රචනා කරන්නේද අධ්‍යක්ෂ ටයිකා වයිටිටි විසින්මයි.

එම කෘතිය

IMDB අගය 8.0කුත්, Rotten Tomatoes අගය 80%කුත්, ගූගල් පරිශීලක අගය 93%කුත් ලෙස ඉහල අගයන්ද දිනා ඇති මෙය ප්‍රේක්ෂක සහ විචාරක ගල්-මල් එක ලෙස හිමිකරගන්නටද සමත්වුණා. රංගනයෙන් දායක වෙන්නෙ රෝමන් ග්‍රිෆින් ඩේවිස් (ජොජෝ), තොමසින් මැකෙන්සි (එල්සා), ස්කාලට් ජොහැන්සන්(රෝසි), ටයිකා වයිටිටි (හිට්ලර්), සෑම් රොක්වෙල්( කැප්ටන් ක්ලෙන්සන්ඩෝෆ්), රෙබෙල් විල්සන් ( මිස් රහ්ම්), ඇල්ෆී ඇලන් (ෆින්කල්), ස්ටීෆන් මර්චන්ට් (ඩියට්ස්), ආචි යේට්ස් (යෝකි) වැනි පිරිසක්. ටයිකා වයිටිටිට හිට්ලර් චරිතයට මීට වඩා සාධාරණයක් කරන්නට තිබුණු බවක් පෙනුනත්, අන් කිසිවෙක්ගෙන් එවැන්නක් අපිට දකින්නට ලැබෙන්නේ නෑ, විශේෂයෙන්ම ජෝජෝට පණ පොවන රොමන් ග්‍රිෆින් හා එල්සාට පණ පොවන තොමසින් මැකෙන්සිගේ රංගනයන් සහ සෑම් රොක්වෙල්ගේ රංගනය. ඒ වගේම අමතක කරන්නට බෑ ස්කාලට් ජොහැන්සන්ගේ රංගනයත් ( ඇය බ්ලැක් විඩෝ චරිතය තුල නාස්තිවනවාවත්දැයි හිතෙනවා මෙහි සහ Marriage Story හි ඇගේ රංගනය දකිද්දී). හරි අපිට යන්න තියෙන්නෙ කතාව පැත්තට, ඊට කලින් දැනගන්න කරුණු කීපයක් තියනවා…

Hitler Youth (Hitlerjugend ) ජර්මානු තරුණ සංවිධානය

හිට්ලර් තරුණ සංවිධාන ලාංජනය

මේ හිට්ලර් යූත් නොහොත් හිට්ලර්-යුගන්ඩ් නම් මේ සංවිධානය කෙටියෙන්ම හිට්ලර්ගේ නාසි දේශපාලන පක්ෂයේ තරුණ අංශය කිව්වත් හරි. 1926 වසරේදී නිල වශයෙන් ඇරඹුණේයැයි කියන මෙය දෙවන ලෝක යුද්ධය ජර්මනියේ පරාජයෙන් අවසන්වීමත් සමගම තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා. මෙහි සාමාජිකත්වය දැරීමටනම් වයස අවුරුදු 14ත් 18ත් අතර අයෙක් විය යුතුව තිබී ඇති අතර , මෙය සම්පූර්ණ වශයෙන් නොවූවත් යුධ බල ඇණියකට සමානව සංවිධානය කල (Paramilitary) එකක් බවද කියවෙනවා.

Deutsches Jungvolk ( ඩොයිෂ් යුන්ෆොල්ක්) නොහොත් හිට්ලර් තරුණ සංවිධානයේ ජර්මානු නව යෞවනයන්

මෙය පෙරකී හිට්ලර් තරුණ අංශයේම කොටසක්. එකම වෙනස මෙය වෙන්ව තිබී ඇත්තෙ වයස අවුරුදු 10ත් 14ත් අතර දරුවන් සඳහායි. බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා හරහා නාසි මතවාදය දරුවන්ගේ සිත් තුලට කාවැද්දවීම තමයි මේ අංශය ඇරඹීමේ මූලික පරමාර්ථයව තිබී ඇත්තේ. දෙවන ලෝක යුද්ධය අවසාන සමය වනවිට මෙහි සමාජික දරුවන් ලමා සොල්දාදුවන් ලෙසද සේවය කල බව ඉතිහාසයේ සඳහන්. මෙයත් යුද්ධ අවසානයත් සමග තහනම් සංවිධානයක් බවට පත් කෙරෙනවා.

හරි මම මේ කරුණු දෙක සඳහන් කලේ චිත්‍රපටයේ කතාවට මේ සංවිධාන දෙක සෘජුවම සම්බන්ධ නිසා.මෙහෙමයි කතාව…

ජෝජෝ යොහැන්නස් කියන්නෙ ඉහතින් දෙවෙනියට කී සංවිධානයට සම්බන්ධ වයස අවුරුදු 10ක් වන කුඩා පිරිමි දරුවෙක්. ඔහුගේ ජීවිතයේ එකම පරමාදර්ශය හිට්ලර්, හිට්ලර්ට වඩා ලෝකයක් නෑ මේ ජෝජෝට.පියා යුධ සේවයේ යෙදී ඈතක සිටින්නේයැයි කියැවෙන නිසා, ඔහු තම මව වන රෝසි සමගයි ජීවත්වෙන්නේ. අද ජෝජෝ හිට්ලර් තරුණ සංවිධාන පුහුණුවට යන මුල්ම දවස, ඒ ගැන හිතේ යම් බයක් තිබුණත්, පියා තමන් අසලක නැති මේ කුඩා ජෝජෝට ඉන්නවා සිතින් මවාගත් මිතුරෙක්, වෙන කවුරුවත් නෙමෙයි ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්. කොහොමින්හරි පුහුණුවට යන ජෝජෝ නිවෙසට පැමිණෙන අතර ඔහුට නිවස තුල සිට දකින්නට ලැබෙන්නේ ඔහු කිසිසේත්ම නොසිතූ කෙනෙක්, ඒ තමන්ට වඩා වසර කීපයක් වැඩිමල් යුදෙව් තරුණියක්. ඇයි කොහොමද ජෝජෝගෙ නිවසට ආවෙ? දැඩි නාසි හිතවාදී ජෝජෝ මේ ගැන මොනව කරයිද? ඒ සියල්ලටම පිලිතුරු ලබාගන්න පුළුවන් මේ චිත්‍රපටය නැරඹුවාම. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

විශේෂ :-

ක්ලවුස් වොන් ස්ටෞෆන්බර්ග් (1907-1944)

හිට්ලර් එක තැනකදී ජෝජෝට මේ නම පවසනවා තමන් ඝාතනයට උත්සාහ දැරූවෙකු බව පවසමින්. ඇත්තෙන්ම එය ඉතිහාසය අනුව ගත්කල නිවැරදියි. ජර්මානු හමුදා නිලධාරියකුවූ ඔහු ‘1944 ජූලි 20 කුමන්ත්‍රණය’ නම් අසාර්ථක හිට්ලර් ඝාතන තැතේ මුල්පෙලේ සාමාජිකයන්ගෙන් අයෙක්. ඔහු ජර්මානු ත්‍රිවිධ හමුදා එනම් Wehrmacht තුල තිබූ ජර්මානු විරෝධී අරගලයේ ද මුල්පෙලේ සාමාජිකයෙක්ව සිට තිබෙනවා. අසාර්ථක Operation Valkyrie මෙහෙයුමෙන් පසුව ඔහුව වෙඩිතබා ඝාතනය කෙරෙනවා. චිත්‍රපටය තුල හිට්ලර් ඔහුව ‘මූදූ කොල්ලකාර’ වොන් ලෙස හඳුන්වනවා,ඊට හේතුව ඔහු එවක යුද්ධයෙන් ඇසක් අහිමිකරගෙන එයට මූදූ කොල්ලකරුවන් පලඳින ආකාරයේ අයි-පැච් එකක් පැලඳ සිටි අයෙක් නිසා.

ස්විට්සර්ලන්තය සහ යුද්ධය

මෙහි එක තැනක ඔබට දකින්නට ලැබෙයි රෝසි කියනවා කෑම මේසය ස්විට්සර්ලන්තය බව. ඊට ලොකු හේතුවක් තිබෙනවා. ඒ ස්විට්සර්ලන්තය පලමු සහ දෙවන ලෝක යුද්ධවලදී සටන්වලට දායකවී නැති වීම නිසා වන අතරම ඒ වනවිටද ඔවුන් යුද්ධවලින් වැලකී සිටීමේ ප්‍රතිපත්තියකට එලඹ බොහෝ කලක් වීම නිසා. මේ හේතුව නිසාම එවක සරණාගතයන්ගේ ස්වර්ගය ලෙසයි ස්විට්සර්ලන්තය සලකා තිබෙන්නේ.

රේනර් මරියා රිල්කේ (1875-1926)

රිල්කේ 1900 වසරේදී

සම්පූර්ණ නමින් රෙනෙ කාල් විල්හෙල්ම් යොහාන් යෝසෆ් මරියා රිල්කේ ලෙස දිගු නමකට හිමිකම් කියූ ඔහු ප්‍රධාන වශයෙන් ජර්මන් බසින් ලිවීම් කටයුතු කල බොහීමියන්-ඔස්ට්‍රියානු ජාතික කවියෙක් සහ නවකථාරචකයෙක්.

Goldilocks නොහොත් ගෝල්ඩිලොක්ස් හා වලසුන් තිදෙනාගේ කතාව

මේ කතාව ඔබ අනිවාර්යයෙන්ම අසා ඇති. 19 වන ශතවර්ශයේ බ්‍රිතාන්‍ය සුරංගනා කතාවක් වන මෙය වලසුන් තිදෙනෙකු වෙසෙන නිවසකට සොරන් ඇතුල්වී, ඔවුන්ගේ ආහාර කා දමා, ඔවුන්ගේ පුටුවල වාඩිවී, ඔවුන්ගේ ඇඳන්වල නිදාගන්නා, පසුව වලසුන් නිවෙසට පැමිණෙන විට පැනයන ගැහැණු දරුවෙකු ගැන ලියවුණු එකක්. චිත්‍රපටයේ එක් තැනක යුදෙව්වන් මේ නමින් හැඳින්වෙනවා.

චිත්‍රපටයේ ආරම්භක ගීතය

චිත්‍රපටයේ ආරම්භක නාමාවලිය දර්ශනය වන්නේ ජර්මානු බසින් කියැවෙන Komm, gib mir deine Hand නම් ගීතයක්ද සමගින්. එය ඇත්තෙන්ම සුප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ I Want to Hold Your Hand ගීතයේ ජර්මානු වර්ෂන් එක. එම ගීතය රසිකයන් වෙත නිකුත් වන්නේ 1964 වසරේ පෙබරවාරි 4වන දිනයි. චිත්‍රපටය අවසන්වන ගීතය වන්නේ 1977 වසරේදී නිකුත්වූ බ්‍රිතාන ජාතික ඩේවිඩ් බොවී ගායන ශිල්පියාගේ “Heroes” ගීතයේ ජර්මන් වර්ෂන් එක. එය බර්ලින් තාප්පය නිසා වෙන්වූ ආදරවන්තයන් දෙදෙනෙක් ගැන කියවෙන්නක්.

හිට්ලර්ගේ විසිළු ස්වරූපයේ කෙටි උඩුරැවුලත් හාස්‍යයට නගා තිබෙනවා චිත්‍රපටය තුල. කෙසේ වෙතත් පලමු ලෝක යුද්ධයේ සෙබළෙකුව සිටියදී ඔහුට සම්පූර්ණ උඩු රැවුලක් තිබී තිබෙනවා, ඔහු එය කෙටි කරගන්නට පුරුදුව ඇත්තේ ගෑස්මාස්ක් දැමීමේදි ඇතිවූ අපහසුව නිසා බවයි කියවෙන්නේ.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3184 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
Direct
Direct download
Direct
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 996.46 MB x264
▲42 · ▼6
Magnet GET
1080p bluray 1.93 GB x264
▲100 · ▼11
Magnet GET
2160p bluray 6.79 GB x265
▲73 · ▼4
Magnet GET
720p web 995.17 MB x264
▲22 · ▼1
Magnet GET
1080p web 1.93 GB x264
▲100 · ▼8
Magnet GET
Discussion (6)
  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4
    2020-03-02

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. වෙනද වගේම ඉතිං ලිපියත් සුපිරියටම ලියල තියනව 👊👊👊..
    පුළුවන් නම් මේවටත් සබ් දෙනවද 😊😊
    * Premonition (2007)
    * Murder by Numbers (2002)
    Sandra Bullockගෙ තව තව සුපිරි film තියනව ඒවට අන්ත්ජාලයේ සිංහල සබ් නෑ පුළුවන් නම් වෙලාවකලාව තියන විදිහට ඒවටත් සබ් කරන්න බලන්න මචං

    Reply
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 UC Browser 7
    2020-03-02

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට.
    අයියා ෆිල්ම් එක බාරගෙන තිබුණා දැක්ක වෙලේම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා සබ් එක දානකන් බලාගෙන හිටියා.
    දැන් ඉතින් කිසි අවුලක් නැතුව ෆිල්ම් එක බලන්න පුළුවන්.

    Reply
  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Chrome 80
    2020-03-02

    බොහොම ස්තූතියි අයියේ ඉල්ලීම ඉටු කළාට, ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි

    Reply
  • Rajitha Unregistered
    Android 9 Chrome 80
    2020-03-03

    Thanks jayawewa……!

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 66
    2020-03-03

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 10.2
    2020-03-04

    ගොඩක් ස්තුතියි..
    දිගටම සබ් දෙන්න.
    තෙරුවන් සරණයි..
    !

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 671
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved