…..මැලිවෝරා…..
කොහොමද කට්ටියට ඉතින්,ඔන්න ඉතින් ආපහු ආවා tv series එකක් එක්ක.මේක බාර දුන්නේ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයා. ඉතින් එයා මේ දවස් වල tvd එක්ක කටයුතු කර ගෙන යන නිසා මට දුන්නා මේක කර ගෙන යන්න.ඉතින් කොහොම හරි මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.මොකද කවීශ අයියා මේක දුන්නේ සතියකට විතර කලින්.ඉතින් පහු ගිය දවස් ටිකේ හරියකට මම ගෙදර නැති නිසා අද තමයි ඉතින් සෝදුපත් බලලා,වැරදි අඩු පාඩු බලලා සම්පූර්ණයෙන්ම මේක ඉවර කර ගන්න පුළුවන් වුනේ.ඉතින් මෙතැන් පටන් දිගටම මේ කතාව මම ඔයාලට හැකි ඉක්මනින් ගේන්න බලා පොරොත්තු වෙනවා.ඊලඟ කොටස් දෙකත් මේ වෙනකොට ඇවිල්ලා තියන නිසා ඒ දෙකම ඊළඟ සතියේ වෙනකොට දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මේ කොටස නම් කරලා තියෙන්නේ Malivore කියලා.මේ කොටසේ imdb අගය 8.6 වගේ ඉතා ඉහල අගයක් ගන්න සමත් වෙලා තියනවා.
ඉතින් පසු ගිය කොටස ගැන මතක් කරොත් ඔයාලා දකින්න ඇති කේලබ් අනෙක් පාසලේ ගැහැණු ළමයින්ගෙන් ලේ උරා බොන හැටි,ඒ වගේම අර පිහිය පිටිපස්සෙන් ආපු අමුතු ජාතියේ තඩි මකුලුවාව ජෝසී ,ලිසී සහ හොප් විනාශ කරලා දාපු හැටි.ඒ වගේම රෆායල් එයාගේ පැක් එකට එකතු වෙන හැටි සහ රෆායල් සහ ජෝසී අතර සිදු වුනු ආදර අවස්ථා ටිකකුත්.
ඉතින් අද කොටස ගැන කියද්දී ඔයාලට දකින්න ලැබෙයි පාසලේ ඡන්දයක් පවත්වන ආකාරය.ඒ මොකද අපේ එලාරික් මහත්තයා කවුන්සිලයක් පිහිටුවනවා පාසලේ තීරණ ගැනීම පහසු කර ගන්න.ඒ වගේම අලුත් ජාතියේ මිත්‍යා මතයකුත් අද එවී.ඒ එන කෙනා නපුරු කෙනෙක් නෙවෙයි,හරිම ආදරණීය ලස්සන කෙනෙක්.ඉතින් එයත් එන්නේ පිහිය ගන්නම තමයි.ඉතින් එයා ඒ පිහිය ගනීද?, ඡන්දේ තියන්නේ කොහොමද,ඒකෙන් මොකක්ද වෙන්නේ,එකෙන් මොකද වෙන්නේ කියලා ඔයාලත් කතාව බලලම දැන ගන්න කියලා කියනවා.
ඉතින් ඊළඟ කොටසින් නැවත හමු වෙමු.මේ කොටස බලපු කට්ටියටත් ආපහු උපසිරසි දාගෙන බලන්න කියලත් කියනවා.සමාවෙන්න ප්‍රමාද වීම ගැන ඊළඟ කොටස් දෙක මම ඉක්මනට දෙන්නම්.එහෙනම් මම ගියා.ඔයාලට ජය වේවා!

Year :
2018
Genre :
Adventure, Drama, Fantasy, Horror, Mystery
Actors :
Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Jenny Boyd
Writer : N/A
Director : N/A
Plot : Hope Mikaelson, A Tribrid Daughter Of A Vampire/Werewolf Hybrid, Makes Her Way In The World.

සිංහල උපසිරැස Download කරගන්න 5845 times
thankss machan sub ekata😍😍😍
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය
Thanks For Sub….
Thanks bro ❤👌
e06 , e07 sub ko bn
Sub Akata Godak Thanks Bro .
Mekat Maga Natara Karanna Nm epa.
Digatama Denna
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකේ ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙමු…
“house of cards tv series” ekata sub denna please…
සහෝ සමාවෙන්න, ඒක ටිකක් දිග වැඩි කතාවක්,ඒ නිසා පොඩ්ඩක් විතර අමාරුයි.
sub ekt thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….