ලෝකයක් තියනවා ඔයාගේ හීන හැබෑ වුණු.
ඉතින් කට්ටියට කොහොමද ඔන්න ඉතින් කොහොම හරි ඊලඟ කොටස එන්න කලින් මම 10 වෙනි කොටසේ උපසිරැසිය අරන් ආවා.ඉතින් මේ කොටස නම් වෙලා තියෙන්නේ There’s a World Where Your Dreams Came True කියලා.ඉතින් මේ කොටසේ imdb අගය 8.9 වගේ ඉතාමත් ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා.ඉතින් එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.
ඉතින් ඔයාලා ගිය කොටසින් දකින්න ඇතිනේ අර අමුතු හැඩය මාරු කරන හීන රාක්ෂයා අපේ පාසලේ කට්ටියට අමුතු හීන පෙන්වලා පූනාව ගන්න හැදුව එක.ඉතින් මේ පාර නම් අපේ හෝප් හොඳට ලස්සන විදිහට ඒ ප්‍රශ්නය විසඳුවා.ඒ වගේම අපි දැක්කා ලැන්ඩන් හෝප් එක්ක කතා කරලා එයාලා අතර තියන දුරස් වීම ගැන කියවල කියවලා හෝප්ව ආපහු යාලු කර ගත්තා.(යාලු කර ගන්න තරහ වුනේ නම් නැහැ තමයි, එත් ඉතින් ලැන්ඩන්ව ආරක්ෂා කරන්න හෝප් ඒ වගේ හිටියනේ නේ,එයාගේ අම්මා ගැන දැන ගන්න බැරි වෙන විදිහට)හරි ඉතින් කොහොම හරි ගිය සතියේ හොඳට කතාව ගලාගෙන ගියා.
ඉතින් මේ කොටසින් ඔයාලට දැක ගන්න පුළුවන් අපේ ලිසී සහ ජෝසී එයාලගේ අම්මා එක්ක ගියපු යුරෝපා සංචාරේ ඉවර කරලා ආපහු එනවා.ඉතින් අද කොටස දිව යන්නේ ලිසී නැත්නම් එලිසබෙත් සාල්ස්මන් වටා.ඒ ඇයි කියලා ඔයාලම බලා ගන්න.
අද කොටසේ ඔයාලාට තේරෙන්නේ නැති ගොඩක් තැන් සහ වචන තියෙන්නේ පුළුවන්.මම ඒක ගැන ඊළඟ කොටසින් කියලා දෙන්නම්.මොකද අද කොටසේ අර ලිසීටයි ජෝසීටයි වයස 22 වුනහම මොකක්ද වෙන්නේ කියලා කියවෙනවා.ඉතින් ඕක ගැන තමයි ඔයාලට තේරුම් යන්නේ නැත්තේ.එත් ඉතින් Vampire Diaries බලපු කට්ටියට කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන්.මොකද ඒ ගැන tvd වල 6 වෙනි හෝ 7 වෙනි එකේ අපිට දැක ගන්න පුළුවන්.ඒ ඔක්කොම යන්නේ සැල්වටෝර් පවුල වටා.මොකද ස්ටෙෆන් සහ ඩේමන් ගේ අම්මගේ පවුලේ කට්ටිය තමයි ඉතින් ඒකට හේතුව වෙන්නෙත්.කොහොම හරි මට ඒ ගැන හරි මතකයක් නැහැ.මොකද මම ඒ කතාව බැලුවේ පොඩි කාලේ.ඉතින් කොහොම හරි තේරෙන නොතේරෙන හැමෝට ඒ ගැන ඊළඟ කොටසින් හොඳ පැහැදිලි කිරීමක් අරන් එන්නම්.මේ කොටසේදී ඒ ගැන කියන්න බැරි කතාවේ රස වින්දනයට බාධා වෙන නිසා.
හරි එහෙනම් කට්ටිය මම යනවා.ඊළඟ කොටසින් හමු වෙමු.කැමති නම් කට්ටිය comment එකකුත් දාගෙන යන්න හොඳේ.එතෙක් ඔයාලට ජය වේවා!
thanks bro jaya wewa…!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
sub ekt thanks
sub ekt thanks