
හෝප් මොකක්ද කරන්නේ ඔයාගේ හීන වල?
ඔන්න ඉතින් සතියකට පස්සේ legacies වල ඊළඟ කොටස අරං ආවා.හැමදාම කියනවා වගේ ප්‍රමාදයට සමාවෙන්න.මේක ඉතින් හැමදාම කිව්වට ඉතින් සත්‍ය කතාව ඉතින් අපිට free time එකේ තමයි කරන්නේ.ඉතින් ඒකයි මේ පරක්කු වෙන්නේ.හරි එහෙනම් අද කොටසේ නම තමයි What Was Hope Doing in Your Dreams?. ඉතින් මේ කොටසේ imdb අගය 8.5 බවට පත් වෙලා තියනවා.
ඉතින් ඔයාලට ගිය කොටසින් මතක ඇති ලැන්ඩන්ට එයාගේ අම්මව හමු වෙන ටික.ඉතින් අපි දැන ගත්තා මැලිවෝරා කියන්නේ අඳුරු තැනක් කියලා වගේම ඒකට යන දොරටුව තමයි ට්‍රයාඩ් නමැති සංවිධානය ආරක්ෂා කරන ගොඩනැගිල්ලේ තියෙන්නේ කියලා.ඒ වගේම කෙනෙක් ඒක ඇතුලට ගියොත් එයාව දන්න කියන හැම කෙනෙක්ගේම මතකයෙන් ඒක ඉවත් වෙලා යනවා.ඉතින් ඔන්න ඔතනදි හෝප්ට නම් අමතක වෙන්නේ නැහැ.ඉතින් එලාරික් අහන්නේ ඇයි ඔයාට විතරක් මතක? කියන ප්‍රශ්නෙට තාම උත්තරයක් නම් හමු වෙන්නේ නැහැ.ඒ වගේම සෙයිලා ඒක ඇතුලට ගිහිල්ල ආපහු ආවේ කොහොමද කියලා කියන එකටත් තවම උත්තරයක් නැහැ.කොහොම හරි අන්තිමට එයාලා ලැන්ඩන්ව පාසලට රැගෙන එනවා ඔයාලා දකින්න ඇති.
ඉතින් අද කොටසේදී ඔයාලට දකින්න ලැබෙනවා එයාලා හොයා ගත්තු පූනාව ගිය කොටසින් හෝප් අරං ඇවිල්ලා කියලා පෙන්නනවනේ.ඉතින් අද ඒක ගන්න රාක්ෂයෙක් එනවා.එයා ඇමතු කෙනෙක්.ඔයාලම බලා ගන්නකො.ඉතින් උඩ තියන ප්‍රධාන මාතෘකා ප්‍රශ්නය ලැන්ඩන් අහනවා රෆායල්ගෙන්.ඉතින් ඒ ඇයි කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකො.ඒ වගේම පොඩි comment එකකුත් දාගෙන යන්න හොඳේ.එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු.ඔයාලට ජය වේවා!

සහන් සුලක්ඛණ
Comments: 5
Leave a Reply
Search
Login
Updates










Sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ravindu chandika
thanks sub ekata jaya wewa….!!
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Dinithi Rajakaruna
niyamai sub ekt thanks
Diwya Wasana
thanks for the sub