Legacies (2018) [S01 : E13] Sinhala Subtitle
!…තවමත් ගොඩක් හොඳ දේවල් කරන්න තිබෙන කොල්ලා…!
කොහොමද ඉතින් කට්ටියටම.ඉතින් ඔන්න 13 වෙනි කොටස අරං ආවා.මම දන්නවා සෑහෙන පරක්කු බව.මට විභාගයක් තිබුණු නිසා තමයි ඒ.ඒකට ඉතින් කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා.හරි එහෙනම් හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ The Boy Who Still Has a Lot of Good to Do කියලා.ඒ වගේම මේ කොටසේ Imdb අගය 9.2 වගේ ඉතා ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියනවා.
එහෙනම් ගිය සතියේ කොටස පැත්තට ගියොත් ඔයාලා දකින්න ඇති එලාරික්, එමා, ඩෝරියන්, හෝප්, ලිසී, ජෝසී සහ කේලබ් යනවා පූනාව හොයා ගන්න ගඟේ කෙලවරට වෙන්න තියන ටවුන් එකට.ඉතින් ඔයාලා දකින්න ඇති බඹරු විදින මමී කෙනෙක්ව කට්ටිය පරාද කරලා ආපහු පූනාව අර ගත්තා හැටි.ඒ වගේම එයාලට එහෙදී ට්‍රයාඩ් එක හම්ඹ වෙනවා.ඉතින් කොහොම හරි කට්ටිය පූනාව අර ගත්තත් අන්තිමට ඒක දීලා එන්න වෙනවා ඩෝරියන් සහ එමාව බේර ගන්න.කොහොම හරි අන්තිමේදී පූනාව එයාලට අහිමි වෙනවා.ඒ වගේම ඩෝරියන් දැන ගන්නවා එමාගෙන් එයා සහ එලාරික් අතර ඇති වුණු කිස් සීන් එක.ඉතින් ඕක දැන ගත්තට පස්සේ ඔයාලා දකින්න ඇති එලාරික්ටත් හොඳ පාරක් ගහලා එයා පාසලෙන් යනවා.
ඉතින් අද කොටසින් ඔයාලට දකින්න පුළුවන් හෝප්ලා ට්‍රිප් එක ගියාට පස්සේ ලැන්ඩන්, රෆායල් සහ MG මොකක්ද කර ගෙන තියන විනාශය කියලා.ඉතින් ඒ වගේම අද කොටසේදී ලැන්ඩන් 90% විතර කවුද කියලා දැන ගන්න පුළුවන්.ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් ඉතුරු කරලා කතාව ඉවර වෙනවා.
ඔයා කවදා හරි අහලා තියනවා ෆීනීක්ස් ගේ පුරාවෘතය ගැන?
ඉතින් ඔය ප්‍රශ්නය අහන්නේ මොකක් නිසාද, අර තුන් දෙනාට මොකද වෙලා තියෙන්නේ කියලා මේ කොටස බලලම දැන ගන්න.
එහෙනම් මම යනවා.ඊලඟ කොටස ඉක්මනින් ගෙන්න පොරොන්දු වෙනවා.ඒ වගේම comment එකකුත් දා ගෙන යන්න.තව comment එකක් දානකොට එපි(sub) තියන post වලට දාන්න.එපි ඔක්කොම තියන sub collection එකේ යට තියන comment section එකට දාන්න එපා.මොකද ඒකට වැඩිය අපි යන්නේ නැති නිසා දකින්නේ නැහැ.ඒ නිසා එපි (sub) පලවෙන post වලට විතරක් දාන්න. එහෙනම් කට්ටිය මම ගියා.සුබ දවසක් වේවා! ඔය හැමෝටම.
Sub ekata thanks.parakku unata kamak ne.elaga episode walath sub one….
aniwaa saho
Thankzzzz machan sub ekata…digatama yamuuu <3
sub ekt thanks
thanks for the sub