Possum (2018) Sinhala Subtitle
ඔන්න යාලුවනේ මගේ ඊලඟ උපසිරසිය විදියට අරන් ආවෙ ටිකක් නෙමේ ගොඩක්ම අමුතු චිත්‍රපටයක්. Drama, Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටයෙ නම තමා Possum. මේ අවුරුද්දේ ඊයෙ පෙරේද. ඒ කියන්නෙ 2018 ඔක්තෝබර් වල නිකුත්වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Matthew Holness. IMDB අගය 5.7 කුත්, Rotten Tomatoes අගය 89% කුත් ලැබිල තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Mission Impossible, Macbeth, Prometheus වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුනු Sean Harris එකතු වෙලා තියෙනවා. ඔහුගේ රංගනයනම් අති විශිෂ්ටයි.
හරි කතාව ගැන කියනවනම් කලකට කලින් රූකඩ නටවපු පුද්ගලයෙක් ඔහු හැදී වැඩුනු නිවසට නැවත එනවා. ඔහු ලග අභිරහස් බෑග් එකකුත් තියනවා. ඔහු යන යන තැන ඒක අරන් යනවා. නිවසට ආවට පස්සෙ ඔහුට යම් යම් මතකයන් විවිධ ආකාරවලින් වද දෙන්න ගන්නවා. ඒ අතර ඒ අවට අවුරුදු 14ක පිරිමි ලමයෙකුත් අතුරුදන් වෙනවා. ඉතින් මේ කතාව සාමාන්‍ය රටාවෙන් හුගක්ම ඔබ්බට ගියපු, ගොඩක්ම අමුතු විදියට වගේම සෙමින් ගලාගෙන යන කතාවක්. තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. මේ වගේ කතා හැම යාලුවෙකුටම හරියන්නෙ නැතුව ඇති. ඉතින් බලන යාලුවොන්ට උදව්වක් විදිහටයි සබ් එක අරන් ආවෙ. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙත් හමුවෙමු. බුදු සරනයි!
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ
Thank bro sub ekataa ……
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තුතියි!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Thanks bro….. 😇
thanks bro,man asama type ekak
බොහොම ස්තූතියි සහෝ!
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිංහප උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජයෙන් ජය.
Ela saho thanks
සිංහප උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Well done keep it up broo