Project A 2 (1987) Sinhala Subtitle

December 19, 2020 Admin
Subtitle by Rasika Samanjith
'A' මෙහෙයුම දිගටම

                      ජැකී චෑන් විසින්ම ලියා, අධ්‍යයක්ෂනය කර, රඟපෑ තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි Project A II. මුලින්ම තිරගත වුනේ 1987 අගෝස්තු 19 හොංකොංවලදි. මේක 1983 තිරගත වූ ජැකී චෑන්ගේම පට්ටම ෆිල්ම් එකක් වුනු Project A චිත්‍රපටයේ දෙවන කොටස. ඒක බලලා නැත්නම් සිංහල උපසිරැසිත් එක්ක මෙතනින් අරන් බලන්න පුලුවන්. සුපිරිම භාණ්ඩයක්. මුල් ෆිල්ම් එකේ හිටපු Sammo Hung සහ Yuen Biao මේ ෆිල්ම් එකේ නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නෙ ඒ දෙන්නා ඒ වනවිට Eastern Condors (1987) චිත්‍රපටයේ රූපගත කිරීම් වල නිරතව සිටීමයි. හොංකොං බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඇ.ඩො. 4,034,357 ක ආදායමක් උපයාගත් ගත් අතර තායිවානයේදී ඇ.ඩො. 697,097 ක් උපයාගනිමින් 1987 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නේ හතරවැනි ස්ථානයට පත්විය. ඇ.ඩො.මිලියන 13.2 ක් උපයාගනිමින් ජපානයේ 1987 වසරේ ඉහළම ආදායම් ලැබූ හයවෙනි චිත්‍රපටය වූ අතර, දකුණු කොරියාවේදී ඇ.ඩො. 750,036 ක් උපයාගෙන දෙවෙනි තැනට පත්විය. මේ අනුව නැගෙනහිර ආසියාවෙන් ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 18.7 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්විය. මේකත් ජැකීගෙ අනිත් ෆිල්ම් වගේම පට්ට කොමඩියක්. ඒ වගේම ඇක්ෂන් වලත් කිසිම අඩුවක් නෑ. ධාවන කාලය මිනිත්තු 106 යි.


Cast
Jackie Chan – සාජන් ඩ්‍රැගන් මා
Maggie Cheung – සැන්-සෑන්
Bill Tung – පොලිස් කොමසාරිස්
Rosamund Kwan – මිස් බක්
David Lam – ඉන්ස්පෙක්ටර් චුන්
Carina Lau – චව් ලින්ග්
කතාව ගැන කියනවනම්, පළමු ෆිල්ම් එකේ වගේම 20 වෙනි සියවසේ යටත් විජිත සමය තමයි පසුබිම. මේ පාර ඩ්‍රැගන් මාට ලැබෙන්නෙ ගොඩ බිම් මෙහෙයුමක්. ඉන්ස්පෙක්ටර් චුන්ගේ පාලනය යටතේ සායි වාන් දිස්ත්‍රික්කය අන්ත දූෂිත තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි ඉන්ස්පෙක්ටර් චුන්ගෙන් අරගෙන, සායි වාන් ඩ්‍රැගන් මාට බාරදෙන්නෙ. මේ නිසා ඉන්ස්පෙක්ටර් චුන් ඔහු එක්ක වෛර බැඳගන්නවා. ඩ්‍රැගන් මාගෙ ආක්‍රමනික මෙහෙයුම් නිසා සායි වාන් වල පාතාල කල්ලිත් ඔහු පස්සෙ පන්නනවා. ඒ මදිවට යටත් විජිත කැරලි කණ්ඩායම්. කැරලිකාරයෝ අල්ලන්න ආපු රහස් චරපුරුෂ කණ්ඩායමක්. ඒ අස්සෙ ඩ්‍රැගන් මාගේ පළවෙනි “ප්‍රොජෙක්ට් A” මෙහෙයුමෙන් දිවි බේරාගෙන, තමන්ගේ මැරුණු සහෝදරයන් වෙනුවෙන් ඔහුගෙන් පලිගන්න දිවුරලා, හොංකොං වලට ඇවිත් රහසෙන් ඉන්න මුහුදු මංකොල්ලකාර ගැන්සියක්. මේ ඔක්කොමත් එක්ක ඔහුගේ “ප්‍රොජෙක්ට් A” දෙවෙනි මෙහෙයුම කොහොමට තියේවිද?  ජය වේවා.

   

♣♣  BRRip / 480p / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p bluray 979.98 MB
1080p bluray 1.97 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (10)
  • Rajitha Unregistered
    Android 9 Chrome 87

    Thanks jayawewa……!

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      Jaya wewa, bro.

  • ශාමල් මනෝජන් Unregistered
    Android 7 Chrome 87

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම ජැකී චෑන්, වැන් ඩෑම්, ජෙට් ලී, සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ වගේම පුලුවන් නම් ආනොල්ඩ් සහ චක් නොරිස් ඇතුළු කට්ටියගෙ පරණ ෆිල්ම් දෙන්න. 80s, 90s

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      Arnoldge ekak coming soon.

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 72

    තෑන්ක්ස් සබ් එකට.:star_struck::star_struck::star_struck:

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      Thanx saho.

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      Thanx 4 comment.

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ගොඩක් ස්තූති ජැකියගේ පරණ ෆිල්ම් වලට සබ් දෙනවට

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 87

      Thawa maga enawaa.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search