The Boys (2019) [S01 : E05] Sinhala Subtitle
!…ආත්මය වෙනුවෙන් හොඳම දේ…!(18+)
කොහොමද ඉතින් යාළුවො ඔක්කොටම.ඔන්න ඉතින් 5 වෙනි කොටස අරං ආවා.ඉතින් මේ කොටස නම් වෙන්නේ Good for the Soul කියලා. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය වෙන්නේ 8.7.
ඉතින් ඔයාලට කලින් කොටස මතක ඇති කියලා හිතනවා.මුලදීම අපිට පෙන්වනවා අපේ බුචර් අයියාව.හිකිස් එයාගේ නෝනා එක්ක ඉන්නවා. පස්සේ එයාව cctv එකක ඉන්නවා.ඒ ඇයි කියලා දැන ගන්න නම් අපිත් එක්ක අන්තිම වෙනකම් ම ඉන්න වෙනවා. හොඳයි ඊට පස්සේ මේ කණ්ඩායමේ ඉන්න පස් වෙනි කෙනා ෆීමෙල් නැත්නම් ගැහැණු කෙනාව පෙන්වනවා. වැඩේ කියන්නේ එයා the boys team එකට එකතු වෙන විදිහ.ඒක බලා ගන්න නම් ඔයාලට මේ කොටස බලා ගන්න සිද්ද වෙනවා. ඒ වගේම අපි හැමෝම දැක්කා හෝම්ලෑන්ඩර් කරන අසමත් ජාති වැඩේ. ඒක ක්වීන් මේව් නවත්වන්න හැදුවත් මමත් එකඟ වෙනවා ඒක සිද්ද කරන්න බැහැ කියන එක ගැන. ඒ වුනත් එයාලට ක්‍රමයක් හොයා ගන්න තිබ්බා කියන එකත් මගේ අදහසක්.ඉතින් ගියේ කොටසේ අන්තිමට විතර ඔයාලට දැක ගන්න පුළුවන් කොහොම හරි අපේ සෙට් එක ෆීමෙල් ව අල්ල ගන්නවා. ඒ වගේම කොහොම හරි ඒ-ට්‍රේන් ඒ සීන් එක හෝම්ලෑන්ඩර්ගෙන් වසං කරන්න පොප්ක්ලෝව අරං යනවා.
ඉතින් ඔයාලට මේ කොටසේදී බලා ගන්න පුළුවන් ෆීමෙල් සහ ෆ්රෙන්චි හොඳ යාළුවො වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ෆීමෙල් ගේ තියන හොඳ ගතිගුණ සහ එයාගේ බලයන් ගැන දේවල්. ඒ වගේම ස්ටාර්ලයිට්ගේ හැරවුම් ලක්ෂය සිද්ද වෙන ආකාරය. මහා දෙයක් වෙන්නේ නැහැ ඔයාලා බලන්නකෝ. ඒ වගේම අපේ boys සෙට් එක කොහොම හරි හොයා ගන්නවා සංයුක්ත V තියෙන්නේ ගෙන්වන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලා හිතනවද මේ සුපිරි වීරයන්ව දෙවියන් මැව්වා කියලා? නැත්නම් ඉබේ පහල වුණා කියලා? එහෙනම් කට්ටිය පොලවේ වැලලෙන්න වලක් කපා ගෙන තියා ගන්න.
හොඳයි වැඩිය කියන්න හොඳ නැහැනේ. කතාවේ රසයට බාධා වුනොත් කියලා. ඉතින් එහෙනම් මම යනවා. ඊලඟ කොටස අපේ site එකේ තවත් සහෝදරයෙක් අරං එයි. කොහොම හරි බලාපොරොත්තු වෙනවා මේ සතියේදී කතාව දීලා අවසන් කරන්න. රැඳී ඉන්න දිගටම අපත් එක්ක. ඒ වගේම sub එක ගැන comment එකත් දාගෙන යන්න. එහෙනම් ජය වේවා.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකම් බලන් හිටියේ….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
Thanks machan……jayawewa…….!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👊
ජය වේවා.! 😊
AMmo tx <3 balan hitiye sub ekanam😋😋 puluwn ikmanat ithuru tiktth demu machoo
Niyami saho
Thanks saho
Godk pin saho
Good luck
sub ekata godak sthuthiyi sahodarayaa
සුපිරි මචං 💖💝🎉🎊💞
උඹලා මඟ නවත්තපු Riverdale එකටත් සබ් එක දෙයි කියලා බලං ඉන්නවා 💖
Thanks Machan <3