The Boys (2019) [S01 : E06] Sinhala Subtitle

August 23, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

!…අහිංසකයන්…!(18+)

කොහොමද ඉතින් කට්ටියටම. 5 වෙනි කතාව පොඩ්ඩක් ලක්ෂිත සහෝදරයට දාන්න පරක්කු වුණු නිසා කට්ටිය ගොඩක් කතාව ආසාවෙන් බලන නිසාත් මෙන්න 6 වෙනි කොටස ඉක්මනට අරගෙන ආවා. ඉතින් මේ කතාව නම් වෙන්නේ The Innocents කියලා. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය 8.5 වගේ ඉතාමත් ඉහළ අගයක්. ඒ වගේම බාගෙට බලලා අත හැරලා දාන, නැත්නම් බලන්න ඉන්න කට්ටියට කියන්න කැමති ඇවිත් මාසයක් යන්නත් කලින් මතක හැටියට සතියකින් විතර කතාව imdb top rated tv show හි 38 වෙනි ස්ථානය දිනා ගත්තු බව මතක් කරන්න කැමතියි. මොකද සාමන්යෙන් කතාවක් එච්චරම උඩ තැනකට යන්න මොකක් හෝ විශේෂතත්වයක් තියනවා කියලා ඔයාලට හිතෙන්නෙම නැද්ද? ඒක හොයා ගැනීම ඔයාලට බාරයි.

හොඳයි ඔයාලා 5 වෙනි කොටස බැලුවා නම් දකින්න ඇති අපේ ඒ-ට්‍රේන් පණ වගේ තමන්ට ආදරය කරන කෙල්ලව මරන්නේ කියලා. ඒ වගේම පස්සේ පෙන්වනවා ඒක කරන්න කියන්නේ හෝම්ලෑන්ඩර් කියලා. ඉතින් අපිට පස්සේ දැක ගන්න පුළුවන් ස්ටාර්ලයිට් අදහන්නන් එක්ස්පෝ එකේදී තරුණ ළමයි ටිකක්ව වට කරගෙන තමන්ගේ ආගම ගැන කියනවා. ඉතින් ඒ වගේම අපේ හියුහි එසිකීල්ව බ්ලැක්මේල් කරලා සංයුක්ත V තියෙන්නේ කොහෙද කියලා අහගන්නවා. ඉතින් ඒ තැනට අපේ මදර්ස් මිල්ක් සහ බුචර් ගිහිල්ල ඒවායින් ටිකක් අරගෙන එනවා. ඒ වගේම එයාලා දකිනවා ඒවා පොඩි ළමයින්ට එන්නත් කරන ආකාරයත්. ඉතින් පේනවනේ සුපිරි වීරයෝ කියන්නේ දෙවියෝ විසින් හදපු අය නෙවෙයි, ඔක්කොම වෝට් එකේ සල්ලි හම්ඹ කරන්න ලෝකය අල්ල ගන්න කරපු වැඩ කියලා. ඉතින් අවසානයේදී අපිට දැක බලා ගන්න පුළුවන් ස්ටාර්ලයිට්ගේ හැරවුම් ලක්ෂය. ඒක නම් පට්ට නේ. කියන්න ඕන ඔක්කොම දේවල් කියනවා. අන්න ඒක තමයි නියම වීරත්වය. හරි කොහොම හරි අන්තිමේදී ඉතින් බ්ලැක් නොයිර් එනවා ෆ්රෙන්චිව අල්ල ගන්න. ඒත් ෆීමෙල් එයාට උදව් කරනවා. ඉතින් ඔයාලා දකින්න ඇති ෆීමෙල්ට තියන බලය. ඔව් ඔව් මැරෙන්න ගහලත් එයාගේ තුවාල හොඳ වෙන හැටි. අන්තිමට එයාව ෆ්රෙන්චි අරගෙන යන හැටිත් අපි දැක්කා.

ඉතින් අද කොටසේදී ඔයාලට දකින්න ලැබෙයි අපේ හෝම්ලෑන්ඩර් කාරයාගේ පොඩි කාලේ සිද්ද වෙච්ච දේවල් ගැන tv show එකක් කරන ආකාරය.මෙලෝ රහකට නැහැ.ඒ වගේම අලුත් කෙනෙක් එනවා මෙස්මර් කියලා. බලන්නකෝ එයා එන්නේ මොකටද කියලා. අන්තිමට අපේ boys ලට වැඩේ කෙල වෙන්නෙත් ඔකෙදීම කියලා ඔයාලට පෙනෙයි. කලින් කොටසේදී ඔයාලා ක්වීන් මේව් ගේ කලින් ගෑනු ලමයව දකින්න ඇති. එයාව මේ කොටසේදීත් ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඒ වගේම තමා අපේ බුචර් ගැනත් දේවල් ටිකක් පෙන්වනවා. ඒ වගේම තමයි ෆීමෙල් ගැනත්.

ඉතින කට්ටිය ඔය ඇති කියලා හිතෙනවා. මේ කතාව බැලුවොත් පෙනෙයි ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ ඇත්ත තත්වය. හොඳ හෝ නරක කියලා කිසිම කෙනෙක්ව වෙන් කරන්න බැහැයි කියලා. මොකද the boys කියන්නෙත් හොඳ කට්ටියක් නෙවෙයි නේ. මොකද ඇත්තටම කිව්වොත් හැම සුපිරි වීරයක්මත් නරක නොවෙන නිසා. ඒ වුනත් the boys ලා කරන්නේ හොඳ වැඩක් ඒක හොඳ වැඩක් නොවුනත්. මම නම් හිතන්නේ amazon prime එකට පෞද්ගලික තරහක් ඇති සුපිරි වීරයෝ එක්ක නේද? ඒ වගේම කියන්න කැමති the thick කතාවත් බලන්න කියලා. ඒකත් නියම කතාව. අපේ site එකේ sub තියනවා. පට්ට කතාවක් ලු.ඉතින් එහෙම මතක් කරන ගමන් අදට සමු ගන්නවා.sub එක ගැන comment එකකුත් දාගෙන යන්න කියලා මතක් කරනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (13)
  • Pabasara Perera User
    Android 10 Chrome 90

    meken download karanna bane add pennanawa download wenne nah

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search