The Gifted S01 E12 – E13
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. මාස ගානකට පස්සේ තමා මේ විදිහට උපසිරැසියක් ගේන්නේ. බලනවා ඇති ඒකත් මොකද මේ ඉවර වුණ ටීවී සීරියස් එකකට සබ් ගේන්නේ කියලා. ඔව්. මෙහෙම ටීවී සීරියස් තිබ්බා කියලා ඔයාලටත් මතක නැතුව ඇති. මොකද මේ ටීවී සීරියස් එක ඉවර වෙලා මාස ගානක් වෙන හින්දා. හැබැයි ඒ ඉවර වුණේ පළවෙනි සීසන් එක. ඒත් මේ සීසන් එකේ ඔක්කොම එපි ටිකට සබ් දිලා ඉවරයි කියලා හිතුවට අන්තිම එපියට සබ් දෙන්න බැරිවෙලා තියෙනවා. ඒක ඉතින් මගේ අතින් වෙච්ච ලොකු අත්වැරැද්දක්. ඒකට සමාවෙන්න ඕනේ. හදිස්සියේම මේක ගැන හොයලා බලන්න ඕන වුණේ සහන් සුලක්ඛණ සහෝදරයාගේ දැනුවත් කිරීමකට අනුවයි. ඇත්තටම මේ ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක එනවා කියලා කිව්වේ එයා එයා තමයි. ඉතින් එයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ, ඒ ගැන දැනුවත් කළාට. ඉතින් ඒ ගැන හොයලා බලනකොට තමා දැනගත්තේ මේ සීසන් එකේ අවසාන එපියට සබ් දෙන්න බැරිවෙලා තියෙනවා කියලා. පරක්කු වෙලා හරි මේ විදිහට පළවෙනි සීසන් එක සම්පූර්ණ කරන්න ලැබුණ එකනම් ලොකු දෙයක්. ඒවගේම කියන්න ඕනේ 12වෙනි එපියයි, 13වෙනි එපියයි එක එපියක් විදිහට තමා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව එපිය පැත්තට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා.
විපරිතයන්ට එරෙහිව ආරක්ෂිත සේවාව මහාචාර්ය කැම්බල් එක්ක එකතු වෙලා නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා, අපිට මේ මුළු කොටස් පුරාවටම දකින්න පුළුවන් වුණා. ඉතින් මේ වැඩේට සෙනට් සභික මොන්ටේසුත් එයාගේ සහයෝගය දෙනවා. බලවත් තුන්ගොල්ලොකින් මේ විපරිතයන්ව විනාශ කරලා දාන්න පුළුවන්ද, කියන එක තමා මේ එපියේ අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි ඊට වඩා දෙයක් මේ එපියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් මේකේ අවසානය කාටවත් හිතාගන්න බැරි විදිහකින් තමා අවසන් වෙන්නේ. ඉතින් කතාව ගැන වැඩි යමක් කියන්න මං උත්සහ කරන්නේ නෑ. ඔයාලම බලන්න කතාවේ අවසානය කොහොමද කියලා. එහෙනම් මේ ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක සමගින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට… බුදු සරණයි!!!
සියළුම Web පිටපත් සඳහා.
වීඩියෝ පිටපතට ගැලපෙන ලින්ක් එක යාවත්කාලීන කර ඇති බැවින් “අදාල වීඩියෝ පිටපත Download කරගන්න” යන තැනට ගොස් ටොරන්ට් පිටපත Download කරගන්න.
සහෝ මේකේ සීසන් 2 එකත් ඇවිත් තියෙන්නේ… එකටත් සබ් දෙන්නකෝ… ලොකු පිනක්… සබ් එකට තෑන්ක්ස්.
අනිවාර්යයෙන්ම දෙනවා සහෝ.😍😍😍
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු…ජය සහෝ මේම කිවුවට මුකුත් හිතන්න එපා මේකේ 2වන සීසන් එකට වෙනත් අඩවියකින් උපසිරැසි කරනවා ඔයාගෙ වටිනා කාලය වෙනත් අඩවියක උපසිරැසි ලබා නොදුන් කතාමාලාවකට කැප කරන්න පුලුවන්නම් හොදයි සහෝ…
ඔයාගේ කතාවත් ඇත්ත තමා. මං පළවෙනි සීසන් එකෙන් පස්සේ ටීවී සීරියස් කරන්න නෙමෙයි හිතන් හිටියේ. ඒත් දෙවෙනි සීසන් එකත් එනවා කියලා දැනගත්ත හින්දා තමා කරන්න හිතුවේ. අවුලක් නෑ යාළුවා. මේක අතරතුර ෆිල්ම් ටිකකටත් සබ් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අදහසට ස්තූතියි.
උපසිරසියට ස්තුතියි සහෝදරයා,දෙවෙනි season එකේ එපි ටිකත් ඉක්මනට දෙන්න,තාම එපි දෙකයි ඇවිත් තියෙන්නේ,ඔයාට ජය.
අනිවාර්යෙන්ම.
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!