The Gifted (2017) [S01 : E09] Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් – The Gifted – කතා මාලාවේ නවවැනි එපිය ගෙනාවා. එහෙනම්, වැඩි කතා නැතුව අද කොටස පැත්තට හැරෙමු. කලින් කොටස බැලුවනම් කට්ටියම දන්නවා ඇතිනේ රීඩ් ස්ට්‍රකර්ගේ තාත්තා නැති වෙනවා කියලා. ඒවගේම එයා රීඩ්ට කියනවනේ එයාගේ තාත්තයි, නිවුන් සහෝදරියත් විපරිතයෝ කියලා. අනික එයාලව හැඳින්වූයේ “ෆෙන්රිස්” කියලත්. ඉතින් එයාලගේ හැකියාවන්ම තමා ඇන්ඩිටයි, ලෝර්න්ටත් පිහිටලා තියෙන්නේ. ඉතින් කොහොම කොහොමහරි එතනට කැම්බල් ඇතුළු එයාගේ කට්ටිය කඩා පනිනවනේ. එතනදී තමා ඉතින් ඔටෝ ස්ට්‍රකර් මිය යන්නේ. ඉතින් අද කොටස පටන් ගන්නේ එතැන් සිට.
අද කොටසෙත් සුපිරිම වැඩ තමා වෙන්නේ. විපරිතයෝ ටික ට්‍රාස්ක් ගොඩනැගිල්ලට යනවා. ඒවගේම ඇන්ඩිටයි, ලෝර්න්ටත් සුපිරිම හැකියාවක් තියෙනවා කියලා ඔප්පු වෙනවා. ඉතින් දැන් කතා මාලාවේ අවසානයත් ළඟ නිසා කතාවත් උණුසුම්. තවත් වැඩි විස්තර නොකියා කතාව බලන්න කියලා ආරාධනා කරනවා. [ලිපිය නම් ඒ හැටි හොඳට ලියන්න දන්නේ නෑ. ඉතින් ලිපියේ මොනවාමහරි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.] එහෙනම් ඊළඟ එපියේ සබ් එකත් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා. ඔබ සැමට බුදු සරණයි!!!
සියළුම Web පිටපත් සඳහා.
thanks sub ekata!!! digatama oniii
ස්තූතියි නිපුන්.
බොහොම ස්තූතියි සහෝ
බොහොමත්ම ස්තූතියි මදූෂ හැමදාමත් දක්වන සහයෝගයට.
සීරීස් එකේ ඉතිරි සබ් ටිකත් පුලුවන් නම් දාන්න බ්‍රෝ.. ස්තූතියි මේ කරල තියෙන හැම සබ් එකකටම..
දැනටමත් 11වෙනි එපිය වෙනකම් සබ් දීලයි තියෙන්නේ.
Thanks bro good luck😘
බොහොම ස්තූතියි සහෝ..!!