The Village (2004) Sinhala Subtitle
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ තුන්වන උපසිරසිය විදියට අද අරන් ආවෙ 2004 අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදයෙදි තිරගත වුනු The Village කියන ඉංග්‍රීසි චිත්‍රපටය. මේක අයත් වෙන්නෙ Drama, Mystery, Thriller ගනයට. The Sixth Sense, The Visit වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු ඔස්කාර් සම්මානයට නිර්දේශිත අධ්‍යක්ෂකවරයකු වන අපි කවුරුත් දන්න M. Night Shyamalan තමා මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ. මේකෙ IMDB අගය 6.5 ක්. විනාඩි 108 ක් ධාවනය වන මෙහි ප්‍රධාන චරිතය ලෙස A Beautiful Mind, Terminator Salvation, Jurassic World චිත්‍රපට මාලාව ඇතුලු තවත් චිත්‍රපට ගනනාවකම රගපෑ ඔස්කාර් සම්මානයට නිර්දේශිත සම්මානනීය නිලි Bryce Dallas දායක වෙනවා. අන්ධ තරුනියක් ලෙස කරන ඇයගේ රංගනය විශිෂ්ටයි. ඊට අමතරව The Pianist, King Kong, Predator ඇතුලු චිත්‍රපට ගනනාවකටම දායක උනු ඔස්කාර් සම්මානලාභී සුපිරි නලු Adrien Brody ද, Joaquin Phoenix, William Hurt ඇතුලු තවත් නලු නිලියන් බොහෝමයක් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඩොලර් මිලියන 60ක වියදමකින් නිපදවා ඩොලර් මිලියන 256.7 ක Box Office වාර්තාවක් තියන්නත් මෙය සමත් වුනා. ඒ වගේම මේක පවුලේ සැමට බලන්න පුලුවන් චිත්‍රපටියක්.
හරි අපි කතාව පැත්තට යමු. 19 වන සියවසේ හුදෙකලා ගමක් වටා තමා මේ කතාව දිග හැරෙන්නෙ. මේ ගමේ කිසිම කෙනෙක් ගමෙන් පිටතට යන්නෙ නෑ. ඊට හේතුව තමා භයානක සත්ත්ව විශේෂයක් ගමට මායිම්ව තියෙන වනාන්තරයේ වාසය කිරීම. ගමේ වැඩිහිටියන් තමා ගමේ තීරණ ගන්නෙ. සමගියෙන් ජීවත් වන මිනිසුන් ඉන්න ගමක්. අර කිව්ව සත්ත්ව විශේෂය මෑතක ඔවුන්ට ගම්මුන්ට පහර දීල නෑ. නමුත් එක් දවසක ඔවුන් එනව. ඒ කොහොමද කියල ඔයාල බලන්නකො. මේ අතර ආදර කතාත් කතාව ඇතුලෙ තියෙනවා. ඒ වගේම ප්‍රධාන චරිතය වන අයිවී අපිව චිත්‍රපටය පුරාවටම තියාගෙන ඉන්න සමත්. ගමේ අමුතු අමුතු විදියෙ දේවල් සිදුවෙනව. මේ අතර තරුනයෙක් කැලේ හරහා යන්නත් උත්සාහ කරනවා. මේ විදියට කතාව ඉදිරියට ගලාගෙන යනව. කතාව තවත් කිව්වොත් රසය නැතිවෙනවා වගේම ඔයාලට කරන අසාධාරණයක්. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලන් යනකොට ඒකෙ අවසානය ගැන යම් අවබෝධයක් එනවනෙ. මේ චිත්‍රපටය ගලාගෙන යනකොටත් මේකෙ අවසානය ගැන විවිධ අදහස් ඔයාට දැනේවි. ඒත් ඒව එකින් එක බිදේවි වගේම මේ කතාව ඔයාල හිනෙන්වත් නොහිතපු ආකාරයෙන් අවසන් වේවි. ඒක විස්වාසයි. ඒ වගේම මේ චිත්‍රපටය Forward කර කර බලන්නවත්, අවසානය මුලින්ම බලන්නවත් එපා. එහෙම වුනොත් වැඩක් නැති නිසා යාලුවනේ. ඒ වගේම අවදානෙන් බැලුවොත් අවසාන හරියෙදි මේකෙ අධ්‍යක්ෂක තුමාත් චිත්‍රපටියෙ පෙනී ඉන්නව දකින්න පුලුවන්. චිත්‍රපටයෙ අවසානය ගැන ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඉන්ටර්නෙට් එකෙත් තියනවා ඕනනම්. එහෙනම් යාලුවනේ තවත් දවසක හමුවෙමු. බුදු සරනයි!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thnxxxxxxxxxx
ස්තුතියි පසිඳු සහෝ.ජයවේවා!
ස්තුතියි…………………………!
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
Thanks bro
Twisted thril ekak godak pin saho
Thanks bro
බොහොම ස්තුති උපසිරසියට..
Pattama story ekak thiyena film ekak..anthima scene eka baladdi pissu haduna
Thanks a lot