13 Reasons Why (2017) [S02 : E07] Sinhala Subtitle
Nina Cheek, Michael Sadler, Cassie Hendry, Ke'Mari Moore
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ සත්වන කොටසේ උපසිරසියත් සමගිනුයි. මේ කොටස නම් වෙන්නෙ The Third Polaroid නමින්. මේ කොටස ලබා ඇති Imdb අගය 7.8ක්. ගිය කොටසෙන් අපි ඇහුවා දැක්කා සැක් ඩෙම්ප්සිගේ සාක්ෂිය. ඒකෙන් අපි පළමු කතා සමයෙදි හිතාගෙන හිටපු දේවල් ගොඩක් වෙනස් අතට හැරුණා. හැබැයි මට තාමත් හිතාගන්න බෑ ඇයි එච්චර කාරණයක් හැනා තමන් සැක් වෙනුවෙන් පටිගත කල කැසට් පටයට ඇතුලත් නොකලෙ කියල. කොහොමින් හරි අද තමයි මේ කතා සමයෙ වැදගත්ම වගේම ගොඩක් අය බලාගෙන හිටපු කොටස මතක ඇතිනෙ ගිය කොටස අවසන් වුණේ බේකර්ස් පවුල ක්ලේවත් තම පාර්ශවය වෙනුවෙන් සාක්ෂි දීමට උසාවි ගෙන්වන්න තීරණය කිරීමෙන්. ඒ නිසා ඔන්න අද කොටස වෙන් වෙන්නෙ ක්ලේ ජෙන්සන්ගෙ සාක්ෂියට. අපි දන්න තරමින්නම් ක්ලේ හැනාට බොහොම හිතවත්, ඒ වගේම ඇය ගැන අවංකවම දුක්වෙනවා ඔහු. හැබැයි එහෙම කෙනෙක්ගෙ අතත් යම් වරදක් තියෙන්න බැරිද? අද කොටස බැලුවහම ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් මම ගිහින් එන්නම්, අපි හමුවෙමු මීලඟ කොටසින්.
ELa machan
Thank you saho