Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle
  • Genres
  • Drama
  • 13 Reasons Why (2017) [S02…

13 Reasons Why (2017) [S02 : E01] Sinhala Subtitle

May 21, 2018 Junior Admin

ආයුබෝවන් අදත් අපේ Subzlk හිත මිතුරන් හැම දෙනෙක්ටම. ටික දවසකට පස්සෙ
අද මම මේ එන්නෙ අප අඩවිය වෙතින් මින් පෙර උපසිරැසි ලබාදුන්න කතාමාලාවක දෙවන කතා සමයත් එක්කයි. කතාව නමින් 13 Reasons Why. ඉතින් පළමු කතා සමයට කවීෂ සහෝදරයත් මාත් එක්ක එකතු වුනත් මෙවරනම් ඔහුට කතාමාලාවට එක් වෙන්න වෙන්නෙ නෑ කාර්යබහුල තත්වයක් නිසා. ඇත්තටම මමත් මේ කතාමාලාව ගැන දැනගත්තෙ ඔහුගෙන්මයි, ඉතින් ඒකටත් ඒ වගේම දෙවන කතා සමය මට බාරදීම
ගැනත් කවීෂට ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඊට අමතරව අපේ සෑම් ඇතුළු ගොඩක් අය මාව දැන අඳුනගත්තෙත් මේ කතාමාලාව හරහායි. ඒ හේතු සියල්ලක්ම නිසා මේ කතාමාලාව මට විශේෂ එකක්. ඒ වගේම මේක පළමු කතාසමයෙන්ම ලෝකය පුරාම දැඩි කතාබහට ලක් වුණා, ඒ මෙහි කතා තේමාව නිසා.
ඒ නිසාම මෙවර ඔවුන් කොටස ආරම්භයේදී යම් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා මෙහි සාකච්ජා වෙන ආකාරයේ සිදුවීමකට මුහුණ දුන් අයෙක්නම් මෙය ඔබට නුසුදුසු විය හැකි බව සඳහන් කරමින්.කොහොමවුණත් මේකෙ මුල් කතාසමය අවසානයෙදි මට හිතුණා මේතරම් වටින තේමාවක් නිර්මාණකරුවන් හරියට ප්‍රයෝජනට ගත්තෙ නෑ වගේ කියලත්. ඒවුණාට මෙවරනම් මගෙ ඒ අදහස වරදියි වගේ කියල හිතෙනවා මුල් කොටස බැලුවම. ඒ වගේම අපි හැමෝමත් හිතාගෙන හිටිය දේවල් ගොඩක් වෙනස් වෙලා යන ආකාරයක් තමයි දැනට පේන්න තියෙන්නෙ. මේ කථාව විදේශයක වුණත් මෙහි කතාකෙරෙන දේවල් බොහොමයක් අපේ රටටත් ගැලපෙනවා ඒ වගේම කාලීනයි, මොකද මේ සිදුවීම් බොහොමයක් අපේ පාසල් පද්ධති තුල , විශ්ව විද්‍යාලවල,
සමාජයේ එහෙම නොඅඩුව තියනවා. තම සහෝදර ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට හිංසා පීඩා කිරීමෙන් සතුටු වන ම්ලේච්ජයන් ඕනතරම් ඉන්නවා පාසල් තුල, විශ්ව විද්‍යාල තුල. විටෙක ගුරු විදුහල්පතිවරුන් පවා. ඊට අමතරව තාක්ෂණයේ අසීමිත දියුණුව වඳුරන්ට දැළි පිහි ලැබුනාක් මෙන් අනිවාරතේ ඉවක් බවක් නොමැතිව භාවිතා කරන, තමන්ගෙ අතිශය පෞද්ගලික තොරතුරු, ජා犀利士
යාරූප, වීඩියෝ පට ඇතුළු වෙන ඕනෑම දෙයකදි තමන්ගේ පෙම්වතුන්ව විශ්වාස කරන අහිංසක බොලඳ තරුණියනුත්, එවන් අයගෙන් සහ එවන් දේවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා තිරිසන් නරුමයනුත් පිරුණ කාල සමයකයි අපි අද මේ ජීවත්වෙන්නෙ . එහෙම දේවල් අන්තර්ජාලයට මුදාහැරීමෙන් ඉතාම අවාසනාවන්ත තත්වයන්ට පත්වුණ අය අපි පසුගිය කාලය පුරාවට දැක්කා, අදත් දකිනවා හෙටත් එහි වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒවාට ගොදුරුවුණ සමහර අය ඒවා දරාගෙන සමාජයේ අපහාස උපහාස දරාගෙන ජීවත්වෙනවා, තවත් සමහර අය ඒ සිදුවීම් නිසාම තම ජීවිතවලට සමු දුන්නා. ඒ අවාසනාවන්ත සිදුවීම්වලට එක මවුස් ක්ලික් එකකින් එක හිනාවකින් එක සරදමකින් හෝ දායක වුණ අය ඉන්නවනම් තමන් නිසා ඒ සිදුවීමට සෘජුව සම්බන්ධ අය කොතරම් සිත් වේදනාවක් විඳිනවද විඳින්න ඇත්ද කියල හොඳින්ම දැකගන්න පුළුවන් මේ කතාමාලාවෙන්. ඒ වගේම එවන් දෙයක් වෙන්නට තියන ඉඩකඩ වලක්වාගන්නත් උදවුවක් වේවි. ඒ නිසා මේ කථාමාලාව තවමත් නරඹපු නැති අය ඉන්නවනම් , විශේෂයෙන්ම ගැහැණු ලමයි, මේක අනිවාර්යයෙන්ම නරඹන්න කියලත් ඉල්ලා සිටිනවා. හරි එහෙනම් අපි යමු දැන් කතාමාලාව පැත්තට..

 

මේ කතාමාලාව නිර්මාණය වෙන්නෙ ජේ ඈෂර් නම් ලේඛකයාගේ අතිශය ජනප්‍රිය නවකථාවක් ඇසුරින්.  මේ නවකථාව රූපවාහිනී තිරයට ගැලපෙන අයුරින් තිර රචනය වෙන්නෙ බ්‍රයන් යෝකිගේ අතිනුයි. මෙවර  මුල් කොටස් හතර අධ්‍යක්ෂණය කරන්නේ ග්‍රෙග් අරාකි විසින්. නළු නිළියන් ගැනනම් විශේෂ හැඳින්වීමක්  අවශ්‍ය නෑ මම හිතන්නෙ. මොකද කීප දෙනෙක් ඇරුණම පලවෙනි කතාමාලාවෙ හිටි අයම තමයි ගොඩක්ම ඉන්නෙ. ඒ නිසා ඒ ගැන සඳහන් කරන්න යන ඉඩ මම පළමු කතා සමය ටිකක් මතක් කරන්න යොදාගන්නම්.

හැනා බේකර් ( Katherine langford) ලිබර්ටි උසස් පාසලේ සිටි සුන්දර ශිෂ්‍යාවක්. ඇය හිටි හැටියේ දිවි නසා ගන්නවා. කතාව ආරම්භ වෙන්නෙ එතනිනුයි, ඒ ඇය තම සිය දිවිනසාගැනීමට හේතුවූ දෑ කැසට් පටවල තම හඩින්ම පටිගත කොට තිබීම, දිවි නසාගැනීමට පෙර ඇය ඒවා පාසලේම සිටින ටෝනි නම් ශිෂ්‍යයෙකුට ලබාදෙනවා ඒවා ඒ ඒ අදාල අයට ලබාදෙන ලෙස ඉල්ලමින්. මේ කැසට් පට ඔස්සේ ඒ හේතු එකින් එක අපි දැක්කා පළමු කතාසමයෙදි, එයින් සමහර හේතු ඇත්තටම අන් අයගේ වැරදි ලෙස අපට පැහැදිළිවම  පෙනුනත්, සමහර ඒවා හරියට බැලුවොත් හැනාගෙත් වැරදි (මේ මගේ මතය විතරයි). කොහොමින්හරි මේ සිදුවීම අවසානයේ සැබෑ වැරදි කරුවන්ට දඬුවම් නොලැබීම අවසන්ව යාමක් තමයි අපි දැක්කෙ පළමු කතා සමයෙන්… මෙවර දෙවන කතාසමය ආරම්භ වන්නේ හැනාගේ මරණයෙන් මාස පහකට පසුව… මෙවර මුල් කොටස නම් වෙන්නේ The First Polaroid (පළමු පෝලරොයිඩ් ජායාරූපය) කියලයි. මේ කොටසට හිමිව ඇති Imdb අගය 7.5ක්. හැනාගේ මරණයෙන් මාස පහකට පසුව හැනාගේ දෙමාපියන් සහ  ලිබර්ටි උසස් පාසල අතර නඩුව විභාග වීම ආරම්භ වෙනවා.. එහි මුලින්ම සාක්ෂි දීමට කැඳවන්නේ ටයිලර්ව..  එහෙනම් මම ඉන් එහා යමක් කියන්නෙ නෑ. ඉතිරිය ඔබට බාරයි..හමුවෙමු මීලඟ කොටසින් අපි.

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
3995 Downloads
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
SERIES COLLECTION
FIRST EPISODE
E02 episode thumb
NEXT UP
13 Reasons Why (2017)…
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (9)
  • Manoj Unregistered
    Android 6 UC Browser 12.2
    2018-05-21

    Thanks For Sub….

    Reply
  • Lakshitha Unregistered
    Android 6 Chrome 65
    2018-05-21

    Thanks.මේකට sub දෙයි කියලා හිතුවෙම නෑ. සුපිරි වැඩක්. මැදින් නවත්තන්නෙ නැතුව එපි 13ටම දෙමු bro.😘😘😘😘

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 53
      2018-05-24

      අනිවාර්යයෙන්ම දිගටම දෙනවා, ලක්ෂිත.

  • IsuRu Unregistered
    Windows 10 Chrome 66
    2018-05-21

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • tharindudar User
    Windows 10 Chrome 66
    2018-05-21

    තව ලස්සන කතාවක්

    Reply
  • Mithun Unregistered
    Android 7 Chrome 66
    2018-05-22

    එහෙනම් මාත් මේ කතාවත් ගන්න හිතෙනව ලොක්කගෙ වැඩක් හින්ද … මම දැනට ටිවි කතා තුනක් වගේ බලල තියෙන්නෙ .. ලාස්ට් ගත්තෙ හසිත ඔයා දුන්න Godless කතාව.. එකත් කෙටි කතාවක් නිසයි ගත්තෙ.. එක නම් මරු.. පලවෙනි එකේ කොටස් 13ම ගත්ත සබ් පුලුවන් නම් psa heve එ සයිට් එකේ තියෙන රිප් වලට දෙන්න ටිවි කතා.. තැන්ක්ස්

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 53
      2018-05-24

      මේක ඇත්තටම බලන්න වටින කතාවක් , මිතුන්. බලල කියන්නකො තත්වෙ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට :-)* සබ් එකනං ( PSA ඇතුළුව ) Webrip ඕන එකකට ගැලපෙනවා ඇති මම හිතන්නෙ.

  • Aps Lakshan Unregistered
    Android 6 Chrome 63
    2018-05-22

    Tnx 😉

    Reply
  • nirmal perera User
    Android 4 Chrome 18
    2018-05-29

    Nice work

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 123
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved